Tag: යුක්රේන යුවතිය
කුස්සියට යන අමිතගේ අම්මාට ඔනෙලා දවස් කීපයකින් යනවා යන්න හරියටම ඔලුවට වැටෙන්නේ දැන්.ඒ වේගයෙන්ම ආපසු හැරෙන ඇය අමිත සොයා එනවා.“ඈ පුතේ,මොකද්ද කිව්වෙ, අර සුදු නෝනා මෙහෙන් යනවා කියලද”
“ඔව් අම්මෙ,එයාගෙ ප්‍රශ්නෙ විසඳිලා.ටික දවසකටනෙ මෙහෙ හිටියෙ”
“ඒකත් එහෙමද”
සුසුමක්...
බරපතල රාජකාරියක නියැලී සිටින අමිතගේ දුරකතනය නාද වන්නේ තිරයේ ඔනෙලාගේ නම සටහන් කරමින්.සාමාන්‍යයෙන් ඔනෙලා පණිවිඩයක් තබනවා මිස ඇමතුම් ලබා ගන්නේ නැහැ.කිසියම් හදිසියක් ද කියා අමිතගේ සිත කලබල වෙන්නේ නිවසේ සිටින දෙමාපියන් සහ ඔනෙලා අතර කිසියම් ගැටලුවක් ඇති වී දැයි සිතෙන නිසාවෙන්.
“අමිත,මට විනාඩි කිහිපයක්...
ඔනෙලා ඉතාමත්ම විනීතව දෑත් එකතුකොට තමන්ට නුපුරුදු අමුත්තන් තිදෙනාට නුහුරු හඬින් “ආයුබෝවන්” කිව්වා.අනෙක් තිදෙනාගේ දෑස් පමණක් නොව අමිතගේ දෑස ද පුදුමයෙන් විසල් වුණා.ඉන් නොනැවතුනු ඇය “ඉතින් කොහොමද”කියා විමසුවා.
අමුත්තන් වෙනුවෙන්ම සිංහල වචන කිහිපයක් ඉගෙන ගන්න ඔනෙලා සිය කාලය වැය කර තිබුණා.තත්පර කිහිපයක් ඇතුලේ සියල්ලන්ගේම...
වාග් සංග්රාමයෙන් පසු සතුරු හමුදාව කාමර වලට පසු බැස්සා.අමිතට හිනා.ඒත් හවස් වරුවේ තවත් මොන මොනවා හරි කරුණු කාරණා වලින් සන්නද්ධ වෙලා ජෝඩුව එලියට බහින බව අමිත දන්නවා.මිත්සලා අහිංසකයි.ඇය ඒ මුකුත්ම දන්නෙ නැහැ.
“චූටි අයියෙ,අයියගේ ගේ හරිම ලස්සනයි.අපි ගිය සැරේ එද්දි ට වඩා මේ සැරේ...