Tag: සඳ කත් මිණි ඇස්

සූර්යා ට ඇසිඩ් ගැසූ පුද්ගලයන් නිර්ණය කර ගැනීම හිතූ තරම් පහසු වූයේ නැත. සීසීටීවී දර්ශව වලින් ඒ පුද්ගලයන් ගේ පෙනුම ගැන පැහැදිලි අනාවරණයක් කර ගත හැකි නොවිණි.යතුරු පැදියේ වූයේ ව්‍යාජ අංක තහඩුවකි. ඒ නිසා සියල්ල ඉතා සියුම් ව හා සැලසුම් සහගත ව සිදු කොට ඇති බව පෙනෙන්නට තිබිණි.  සැක කරුවෙකු...
දැවිල්ලක් හෝ පිච්චීමක් වැනි සංවේදනයක් සූර්යා ට දැනුණේ ය. නමුත් ඒ සිරුරේ කොතැනකින් එන දැවීමක් ද කියා නිශ්චිත වූයේ නැත. ඈ සිටියේ දෙකට නැවී ගෙන මුහුණ දෙකලවා වල ඔබා ගෙන ය. ඒ බයිසිකල්කරුවා විසින් විසි කරන ලද යම් කිසි දෙය දුටු ගමන් ම ඇගේ මනස ක්‍රීයා කළේ ඉන් ඉවතට...
යෙහෙළියක සමග කාලය ගත කිරීමේ වෙනම ම සතුටක් තිබේ. එය ගැහැනු හදකට අත්‍යවශ්‍ය දෙයකි. ඒ සැහැල්ලු නිදහස් හැඟීම වෙන දේකින් ලද නොහැකි ය. ස්ත්‍රීන්ට ම විශේෂ වූ ලෝකයක් තිබේ. පිරිමින්ට ද එසේ ය. දෙපර්ශවයට ම එය තෘප්ත කර ගත්තේ ඔවුන් ගේ වර්ගයේ අය සමග කතා බහ කිරීමෙන් හෝ යම් කිසි...
සූර්යා සතුටෙන් කෑම පිසුවා ය. රෑ බෝ වී ගෙදර යනු පිණිස, හෝරා දෙක තුනක් ගත කරන්නට අපාට්මන්ට් එකට එන බව ආලෝක දවාලේ කීවේ ය. සාමාන්‍යයෙන් ඔහු සූර්යා ගේ ගෙදරින් රෑ කෑම කන්නේ නැත. "අම්මගෙ මූණ නරක් වෙනව බඩගිනි නෑ කිව්වහම" දවසක් ඔහු කෑම ප්‍රතික්ෂේප කළේ එසේ කියා මඳහසක් පාමිනි. ඒ මඳහස...
සූර්යා ලැසි ගමනින් ආලෝක ගේe මේසය වෙතට ම විත් පුටුවක් ඇද එහි අසුන් ගත්තා ය. මුහුණේ එක සිනහ බිඳක් හෝ නොවිණ. ආලෝක ඇදෙස බලා ගත් මුහුණෙන් ම සිටියේ ය. සූර්යා යටි තොල් පට සපා ගත්තා ය. "බොරුමනෙ කරන්නෙ. ඔය තුරුල් වෙලා ඉන්නෙ ලස්සනට...සන්දීපනීට...මට කියන්නෙ කොහොමද..රඟපාන්න ඕන නෑනෙ. ඔයා එයාව මැරි...
ආලෝක නාන කාමරයෙන් පිටතට ආවේ ලුණු ඇඹුල් ඇති ව සන්දීපනී ට කතා කරන්නට සිතා ගෙන ය. නමුත් ඒ වෙත්දී ඕ කාමරයේ සිටියේ නැත. පිටතට යාමට සූදානම් වූ අලෝක පහළ මහළට විත්, බරාඳයේ උන් සන්දීපනී වෙතට ම ගියේ ය. ඇගේ ඇස් වල සිනහවක් ඇඳිණි. "ඔයා ලෑස්ති වෙලත් ආවද...දැන්ම යන්න ඕන නෑ ඉතිං....
ආලෝක සුමනරත්න කියන්නේ බින්දුවෙන් පටන් ගත් මිනිසෙකි.  ප්‍රවීන් ට වාගේ පියා ගෙන් උරුම වූ ව්‍යාපාර අධිකාරයක් ඔහු ට වූයේ නැත. ආලෝක සියල්ල ගොඩ නගා ගත්තේ ස්ව උත්සාහයෙනි. නමුත් පියාගෙන් උරුම වූ දැඩි අධිෂ්ඨානයක් ආලෝක ට වූයේ ය. මේ වෙලාවේ ඔහු ළඟ ඉතිරි වී තිබුණේ එය පමණකි. ආලෝක ඔහු ගේ ඇණවුම්...
 නුගේගොඩ අහසට මත්තෙන් හඳ පායා ආවේ ය. සූර්යා මහල් ගොඩනැගිල්ලේ සිය බැල්කනියේ සිට බලා සිටියා ය. ඇගේ ළය පැළෙන්නට එන වේදනාවක් දැනේ. අද හෙට ම දවසක දෙවන වරට ද ආලෝක අහිමි වී යනු ඇත්ද? අහිමි වීමේ වේදනාව බරපතල ලෙස දැනෙන්නේ හිමි වූ අයට ය. ඔවුහු ආත්මීය වශයෙන් ඔවුන් ට අත්...
ඔවුන් දළදා මාළිගාවට යත්දී අව්ව සැර ය. පාවහන් ගලවා තැබූ පසු යටි පතුල් පිච්චුණේ ය. සූර්යා මතුපිටින් ඇවිදින්නා සේ ඉක්මන් අඩි තබමින් ගමනාන්තය බලා ගියා ය. කොරවක්කෙකු සේ ඇවිදින ඈ දක්ත්දී ආලෝක ගේ හිතුවක්කාර දෙතොල් මත්තේ අනාරාධිත සිනහවක් නැගිණි. මේ හැම තත්පරයක් ම මතක මාත්‍රයක් පමණක් වී අතීතයට එක් වේවි...
ඉරිදා ට ටිකක් දවල් වෙන තුරු නිදා ගැනීම ආලෝක ගේ සිරිතකි. කාලයක් තිස්සේ ඔහු වෙහෙසෙයි. දැන් වෙහෙස වෙන ප්‍රමාණය අඩු ය. ව්‍යාපාරයට අත ගැසූ මුල් යුගයේ දී නම් වෙහෙසීම කියන දේ කළ හැකි උපරිමයෙන් ම කළේ ඔහු ය. අද මෙන් අපනයනයට අත ගසා නො සිටි ඒ ඇරඹුමේ දී කුරුඳු...