Tag: සඳ කත් මිණි ඇස්

sanda kath mini as
සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ දැරියකි. ඇය ට ආලෝක හමු වන උසස් පෙළ ශිෂ්‍යාවක සමයේ දී සිසුන් වැඩි ප්‍රමාණයක් ගැවසෙන උපකාරක පන්තියකට සහභාගී වන්නට පවා ඇයට අවසර ලැබුණේ නැත. ගුරුවරුන්...
sanda kath mini as
සඳ කිනිත්තක් පායා විත් තිබිණි. සඳැල්ලෙහි තිබූ යුගල අසුනේ හිඳ, සූර්යා ආලෝක ගේ උර මඬලෙහි හිස හොවා සිටියා ය. ඔවුන් ගේ අතිනත් තදින් පැටැලී තිබිණි. සූර්යා සන්සුන් ව හුස්ම ගත්තා ය. ආදරය තිබේ නම් සියල්ල ඇරඹෙන්නේත් අවසාන වන්නේත් එතැනිනි."මං බය වුණා නටාෂා කෝල්...
sanda kath mini as
සූර්යා රාත්‍රී ආහාරය පිළිගැන්වූයේ සඳැල්ලෙහි කුඩා මේසයක් තබා එතැන ය. නියොන් එළි දැල්වුණ නුගේගොඩ නගරය සාමකාමී බවට පත් වෙමින් තිබිණ. දහවල ගිනි ගත් හුළඟ පවා සෞම්‍ය සිහිලැල් බවකට අරාඳිමින් තිබිණ.තවමත් ඒ තරම් ප්‍රබල ව තරු බබළන්නට පටන් ගෙන නැත. පොළෝ තලයේ කෘතිම එළි...
sanda kath mini as
තේ පාණයක් සඳහා ප්‍රවීන් සූර්යා ට ඇරයුම් කොට සිටියේ ය. ඒ ඇරයුම ප්‍රතික්ෂේප කොට සතුරෙකු සාදා ගැනීම අනුවණ කමක් බව ඇය ට හැඟිණි. අනිත් අතට දැන් ඈ පොඩි ළමයෙකු නොවේ. ලෝකය පුරා කරක් ගසා, මානව වර්ගයාට හිමි පොදු හා දුර්වල ලක්ෂණ ගැන මනා අවබෝධයක් ලබා හිඳිනා පරිනත...
sanda kath mini as
නටාෂා යනු ඉහළ මධ්‍යම පන්තිය නියෝජනය කරන පවුලකින් පැවත ආ තරුණියකි. ඇය ගේ මව බර්ගර් පරපුරක කාන්තාවක වූ අතර, සූර්යා ගේ දුර ඥාතියා වූයේ ඇගේ පියා ය. කොළඹ කන්‍යාරාමයක උගත් නටාෂා පාසල් ජීවිතයෙන් සමු ගත් පසු ඩග්ලස් ගෝමස් සමගින් විවාහ වූවා ය.ඊට පෙර...
sanda kath mini as
ආලෝක එත්දැයි සූර්යා බලා සිටියා ය. ඔහු ගේ දවස දිග බව ඇය දැන සිටියා ය. කාර්යාල කටයුතු වලින් පස්සේ ඔහු ව්‍යාපාරික සගයන් හමු වෙන බව ද දැන් ඇය දනී. ඒ නිසා ළද බොළඳ පෙම්වතියක සේ ඔහු ට නිතර දෙවේලේ දුරකතන ඇමතුම් දෙන්නට ඕ නො පෙළඹුණා ය.
sanda kath mini as
සූර්යා අපාට්මන්ට් එකේ සත් වන මහළේ සිට නුගේගොඩ නගරය දෙස බලා සිටියා ය. වචන වලට පෙරළිය නො හැකි පුදුමාකාර සැහැල්ලුවක් දැන් ඇය ට දැනේ. හෝරා දෙක තුනක් වෙහෙස වී ඕ දිවා ආහාරය පිස නිම කළා ය. ඒ ඉමහත් බලාපොරොත්තු සහගත ප්‍රීතිමත් බවකිනි. ගැහැනියකට බතක් උයා ගන්නට වුව...
sanda kath mini as
වසර බොහෝ ගණනකට පසු ආලෝක තෘප්තිමත් මිනිසෙකු බවට පත් ව සිටියේ ය. ඒ හැඟීම් ප්‍රවාහය මුළු මහත් ඔහු තුළින් ඉතා සියුම් ලෙස බැහැර වෙමින් ද තිබිණි. තරුණයා ගේ ඇස් සිනහ වූයේ ය. ඔහු රිය පැදවූයේ කුඩා දරුවෙකු අතට කරකවන්නට රෝදයක් ලැබුණා වන් සතුටකිනි. ඔහු ගේ රියෙහි ඉදිරි...
sanda kath mini as
සූර්යා ට තුනී කුස ගින්නක් දැනෙමින් තිබිණි. කාමරයට ගෙන්වා ගත් රෑ කෑම වේල වුව නො ගත් බව ඇයට සිහි වූයේ ඒ වෙලාවේ ය. දළදා වීදියේ ඇවිදිමින් ද හිත දුකෙන් ආතුර කර ගෙන ද සිටි හෝරා කිහිපය, කුස ගින්න කියන දේ ඇගේ සංවේදනාවන් ගෙන් දුර ඈතට දුරු කොට...
sanda kath mini as
ඉනික්බිති දෙසතියක් ඉක්ම ගොස් තිබිණි ද සූර්යා ආලෝක ට කතා නො කළා ය. තමන්ට ම රිදවා ගැනීමේ මිහිරි රිදුම ද රිදුමක මිහිර ද එහි විය. හරියට හෙලවෙනා දතක් දිවෙන් තද කොට රිදවා ලබන මිහිර වැනි දෙයකි ඒ. දවස් දෙකක් ම ඕ අපාට්මන්ට් එක තුළට...




Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content