Tag: සඳ කත් මිණි ඇස්

sanda kath mini as
ආලෝක එත්දැයි සූර්යා බලා සිටියා ය. ඔහු ගේ දවස දිග බව ඇය දැන සිටියා ය. කාර්යාල කටයුතු වලින් පස්සේ ඔහු ව්‍යාපාරික සගයන් හමු වෙන බව ද දැන් ඇය දනී. ඒ නිසා ළද බොළඳ පෙම්වතියක සේ ඔහු ට නිතර දෙවේලේ දුරකතන ඇමතුම් දෙන්නට ඕ නො පෙළඹුණා ය. රෑ කෑමට එන්න යයි...
sanda kath mini as
සූර්යා අපාට්මන්ට් එකේ සත් වන මහළේ සිට නුගේගොඩ නගරය දෙස බලා සිටියා ය. වචන වලට පෙරළිය නො හැකි පුදුමාකාර සැහැල්ලුවක් දැන් ඇය ට දැනේ. හෝරා දෙක තුනක් වෙහෙස වී ඕ දිවා ආහාරය පිස නිම කළා ය. ඒ ඉමහත් බලාපොරොත්තු සහගත ප්‍රීතිමත් බවකිනි. ගැහැනියකට බතක් උයා ගන්නට වුව සිතෙන්නේ එයින්...
sanda kath mini as
වසර බොහෝ ගණනකට පසු ආලෝක තෘප්තිමත් මිනිසෙකු බවට පත් ව සිටියේ ය. ඒ හැඟීම් ප්‍රවාහය මුළු මහත් ඔහු තුළින් ඉතා සියුම් ලෙස බැහැර වෙමින් ද තිබිණි. තරුණයා ගේ ඇස් සිනහ වූයේ ය. ඔහු රිය පැදවූයේ කුඩා දරුවෙකු අතට කරකවන්නට රෝදයක් ලැබුණා වන් සතුටකිනි. ඔහු ගේ රියෙහි ඉදිරි අසුනේ යන්තම්...
sanda kath mini as
සූර්යා ට තුනී කුස ගින්නක් දැනෙමින් තිබිණි. කාමරයට ගෙන්වා ගත් රෑ කෑම වේල වුව නො ගත් බව ඇයට සිහි වූයේ ඒ වෙලාවේ ය. දළදා වීදියේ ඇවිදිමින් ද හිත දුකෙන් ආතුර කර ගෙන ද සිටි හෝරා කිහිපය, කුස ගින්න කියන දේ ඇගේ සංවේදනාවන් ගෙන් දුර ඈතට දුරු කොට දමන ලදී. "බඩගිනීනෙ" එහෙම...
sanda kath mini as
ඉනික්බිති දෙසතියක් ඉක්ම ගොස් තිබිණි ද සූර්යා ආලෝක ට කතා නො කළා ය. තමන්ට ම රිදවා ගැනීමේ මිහිරි රිදුම ද රිදුමක මිහිර ද එහි විය. හරියට හෙලවෙනා දතක් දිවෙන් තද කොට රිදවා ලබන මිහිර වැනි දෙයකි ඒ.  දවස් දෙකක් ම ඕ අපාට්මන්ට් එක තුළට වී විදේශ හා දේශීය චිත්‍රපට බැලුවා...
sanda kath mini as
'සිනමන්' ආයතනයේ ගිනුම් අංශය ඇතුළු කාර්යාලීය කටයුතු සිදු කෙරෙන ගොඩනැගිල්ල පිහිටියේ බත්තරමුල්ලේ ය. මහල් දෙකකින් සමන්විත එම ගොඩනැගිල්ල, ආලෝක විසින් බද්දට ගනු ලැබූවකි. එහි මතු මහලේ විශාල කාමරයක් ආලෝක වෙනුවෙන් වෙන් වී තිබේ.  සූර්යා ව පිළිගනු ලැබූ පිළිගැනීමේ නිලධාරිනිය, ඇය ව ආලෝක ගේ කාමරයේ දොරකඩ වෙත ඇරලා ආපසු ගියා ය. සූර්යා...
sanda kath mini as
හයිලෙවල් පාරේ වේගයෙන් ඇදී යන වාහන සූර්යා ට පෙනේ. ඇය බලා සිටියේ මහල් හතක් ඉහළ සිට ය. පහළ සිට දකිත්දී මේ කලබලකාරී නගරය පෙනෙනාකාරයත්, ඉහළ සිට එතැන ම පෙනෙනාකාරයත් අතරේ මොන තරම් වෙනසක් වේ ද? එක ම දෙයක් දෙස බලන්නට ඕනෑ තරම් කෝණ තිබේ. අප යමක් දෙස බලන්නේ අපට...
sanda kath mini as
සූර්යා වූ කලී අති දක්ෂ සිසුවියක නොවූවා ය. අදක්ෂ එකියක ද නොවූවා ය. ඇය විටෙක ඉගෙනීමේ විශාල උනන්දුවක් පෙන්වූවා ය. විටෙක නැගී සිටිය නො හැකි තරමින් අධෛර්යමත් වූවා ය. ඇය ට උගන්වන එක ලෙහෙසි දෙයක් ද අසීරු දෙයක් ද කියා හෝ ආලෝක ට සිතා ගත නො හැකි වූයේ ඒක...
sanda kath mini as
ආලෝක සුමනරත්න හිතා ගෙන ආවේ ඒ රාත්‍රියේ සිහි විකල් වන තුරු මත් පැන් බොනවා කියා ය. මතකය හිතට කරදර කරන්නා වූ බොහෝ රාත්‍රීන් වල එහෙම කොට පුරුද්දක් ඔහු ට වේ. මී විත හා ප්‍රේමය යනු එකට බැඳී යන්නා වූ මත් වීමේ මාර්ග දෙකකි. පෙම් කරනා ගැහැනියගෙන් මත් විය නො...
sanda kath mini as
මාස්ක් එකක් පැළඳ සිටිය ද ආලෝක සුමනරත්න ට  ඒ ඇස් හැඳින ගත හැකි විය. ඔහු වසර ගණනාවක අතීතයට ද අඩි කිහිපයක් පසු පසට ද විසි වී ගිය බවක් ඔහු ට දැනිණ. ඇය ඔහු ගේ දෑස් අභියස හරි අහම්බෙන් පහළ වී හිඳී. සූර්යා! අත වූ මධු විත වීදුරුව තොල ගාමින් මෑත මේසයක ඔහු...