Tag: අහිමි සිහින

ahimi sihina
මා ආදරය කළ සුධාරක ගැන ලියා තැබියම යුතු කතාවක් මට සිහිපත් වූයේ හදිසියේ.මේ කතාව කියවන ඔබ බහුතරයකට වඩා අපි දශකයක් දෙකක් පසු පරම්පරාවක්.වර්තමාන අම්මලා දරුවන් දෑහේ මූණේ තියාගෙන රැක්කත් අපේ කාලයේ සහ ඊට කලින් අම්මලාට එහෙම කරන්න හැකියාවක් තිබුණේ නැහැ.වර්තමානයේ අපි මහා ජීවන අරගලයකට මැදි වී ඉන්නා බව ඇත්තක්...
ahimi sihina
විවාහයක් තුළ සැමියා සහ බිරිඳ මානසිකව සහ කායිකව ඒකාත්මික නොවුණොත් ඒ පවුලට කිසිම හෙට දවසක් නැති බව අපි ඕනෑම කෙනෙකු දන්න කාරණාවක්.චමල් වගේම අසංක එක්ක විවාහයන් තුළ මට සිදු වුණේ ඒ දේවල්.ඒත් දෛවයේ අකාරුණික තීරණවල තරම කොහොමද කියනවානම් සුධාරකටත් ඒ ඉරණම ඒ හැටියට අත් විඳින්න සිදු වෙලා තිබුණා.ඔහුත් මගේ...
ahimi sihina
මනමාලියක් බලන්න යන්න ඕනෑම තරුණයෙක් බොහොම උනන්දුවෙන් සූදානම් වෙනවා.ඒ ඉතින් සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ.ඒත් සුධාරක මනමාලිය බලන්න ගිහින් නැහැ.ගෑනු ළමයා මොනවගේ කෙනෙක්ද බලාගෙන එන්න ඔහුගේ කිට්ටුම මිතුරෙකු යවන්න ඔහු වගබලාගෙන තිබුණා.ඒ සමහරවිට ඊටකලින් මනමාලියෝ හත අටක්ම බලන්න ගිහින් එපා වෙලා හිටිය නිසාද දන්නෙත් නැහැ.ඔහු ඒ හැම මනමාලිටම කියන සාම්ප්‍රදායික...
ahimi sihina
මේ හමුවීමට දාසය වසරකටත් එහා දවසකදී මම සුදාරකගෙන් දික්කසාද වූ දවස ඔබට මතක ඇති.උසාවියකටවත් යන්නට බිය වූ ළපටි යෞවනියක ජීවිතය ගැන ගන්නා තීරණ ගැන කිසිම තේරුමක් නැතිව ඔහුගෙන් ඈත් වූයේ ඔහුගේ අම්මා පැවසූ සියල්ලම ඇත්තක් බව සිතමින්.ඒ කතාව මගේ පැත්තෙන් එහෙම වුණත් ඔහු ඒ ගැන කිසිවක්ම දැන සිටියේ නැති...
ahimi sihina
ආයේම ආයේම ආයේම වතාවක් අනුන්ගේ ප්‍රශ්න අහ අහා තමන්ව විනාශ කරගන්න යනවද කියලා අහලා ඔබ මට බනින්න පටන් ගනීවි.තමන්ගේ ජීවිතය ගැන බරක් නොතිබීම කියන කාරණාව ගැන මට චෝදනා කරන්න පුලුවන් ඇති.ඒත් මට හෘද සංවේදී නොවී ඉන්න බැරි වුණා. හැමදාම ඔබ මගෙන් එක එක ප්‍රශ්න අහලා තිබුණා.අද මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා.අදහස්...
ahimi sihina
මම ඔෆිස් එකත් ගෙදරත් අතර පමණක් සංචාරයේ යෙදෙන ගේ ගෙම්බියක බවට පත් වෙලා හිටිය කාලයක් ඒ.චමල් එක්කත් කඩපොළට ඇරෙන්න කොහෙවත්ම නොගිය මම රැකියාව අවසන් වූ ගමන් ගෙදර ආ ගැහැනියක්.ඒ එදවස මගේ දවසෙ කාලසටහන ගොඩ නැඟී තිබුණු විදිය වෙන්න ඇති.නමුත් මම සුධාරකගේ ඉල්ලීම පිළිගත්තේ ඔහු මොකක්ම හෝ ලොකුම ගැටලුවක කියලා...
ahimi sihina
මම මේ ඔබට කියන්නේ හින්දි චිත්‍රපටයක කතාව නොවේ.ජනප්‍රියම ආදර කතා රචකයෙකුගේ ප්‍රසිද්ධ නවකතාවක කොටස් ද නොවේ.ඒ කතන්දරවල පැරණි ප්‍රේමවන්තයා නැවත තමන්ගේ පැරණි ආදරය සොයා ඒම බොහොම සුලභ සිදුවීම් .නමුත් මේ සැබෑ ජීවිතයක කතාවක්.ඔහු දියණියන් තිදෙනෙකුගේ තාත්තා කෙනකු වීමත් කියන කාරණාව තුළින් ඔබ මේ කතාව දෙස බලන්නට ගත්තොත් ඔබට මෙතැන්...
ahimi sihina
"මං ආයෙ බැන්දනේ.මට දුවෙක් ඉන්නවා." මම එහෙම කිව්වේ සතුටකින්ද දුකකින් ද කියන්න ඇත්තටම මම දන්නේ නැහැ.නමුත් මම එහෙම කීවේ ඔහුට මා සතුටින් ඉන්නා බව අඟවන්න බව මට හිතෙනවා. "දුවෙක් ඉන්නවානම් ඔයා වගේම ලස්සන ඇති නේද?" සුධාරක එහෙම කියලා මගේ පුංචි දූ ගැන විස්තර අහන්න පටන් ගත්තා.මම කාලයක් මගේ මුළු ලෝකයම වුණු මිනිසාට...
ahimi sihina
ජීවිතය වෙනසක් නොවී ගලාගෙන ගියා.මම රැකියාව සහ දූගේ වැඩ නොපිරිහෙලා ඉටු කරමින් මගේ කුඩා ලෝකයක් ගොඩ නගා ගන්න පටන් ගත් කාලයක් ඒ.දූ දවසින් දවස මලක් වී වැඩෙමින් හිටියා.කුඩා රෝස මල් පෙත්තක්ව මගේ අතට ආ එයා දැන් හැඩ වැඩ වෙන පුංචි දඟ මල්ලක්.ඇය වෙනුවෙන් කළ හැකි හොඳම දේ කරමින් මම...
ahimi sihina
අපේ පරණ කාර් එක විකුණන්න මම තීරණය කළා.වාහනය විකුණනකොට මගේ දූ මට ලැබිලා.තනි තීරණ මත වැඩ කරපු නිසා මම දූගේ තාත්තා ළඟට ගිහින් මගේ තීරණය කිව්වා. "මේ වාහනේට වියදම් විතරයි.අපි වාහනේ විකුණමු." අලුත් එකක් ගන්න කතාව නොකියා මම චමල්ට එහෙම කිව්වා.ලීසිං ගෙවමින් තවත් අලුත්වැඩියා සඳහාත් වියදම් කරන්න ඇත්තටම ඉතිං කොහෙ තියන...