Tag: අහිමි සිහින

ahimi sihina
ලැබෙන දුරකථන ඇමතුම් වැල නොකැඩී ගලා එමින් තබූ අතරම මේ සංවේගදායී පුවත සැලවූ පමාවෙන් අසල්වැසි ,ඥාති හිතමිතුරන්ගෙන් නිවස පිරෙන්නට පටන්ගත්තා.අවමංගල්‍ය කටයුතු අපේ නිවසේ සිදු කරනවාද යන්න ඒ හැම කෙනෙකුගේ ප්‍රශ්නය වුණා. "මරණය මෙහේ තියන්නෙපැයි දෙයියනේ. මේක එයා හදාගත්තු එයාගෙ ගෙදරනෙ." මම නැවතත් සුධාරක ගේ ප්‍රධානියා ඇමතුවා. "සර් අවසන් කටයුතු සම්බන්ධයෙන් ඔබතුමා කරන්නේ...
ahimi sihina
විවාහ සහතිකයකට පමණක් නෙවෙයි, උප්පැන්න සහතිකයකට පමණක් ද මාපිය දරුවන්ගේ ආදරය හෝ බැඳීම වලංගු වන්නේ නැහැ.ඔබ උප්පැන්න සහතිකයම විවාහ සහතිකයම විශ්වාස කරන, එයට වටිනාකමක් දෙන අයෙකු නම් ඒ විශ්වාසය අභියෝගයට ලක් කරන සත්‍ය සිදුවීම් මගේ ජීවිත කතාව තුල එමට දකින්නට ලැබේවි.නෛතික බැඳීමක් තුළ හැමවිටම මිනිසෙක් හෝ ගැහැණියක් සුරක්ෂිත වන්නේ...
ahimi sihina
තනිවම ජීවිතයේ ඇති පමණ හඬාවැටී ඇති නමුත් පිටස්තරයන් ඉදිරියේ කිසිදා මගේ කඳුලු නොපෙන්වන්නට පරෙස්සම් වූවත් සුධාරකගේ ප්‍රධානියා අමතන විට මගේ ස්වරයේ තිබූ කඩාවැටුනු ස්වභාවයත් වේදනාබර බවත් සඟවන්නට මට ඒ වෙලාවේ හැකියාවක් තිබුණේ නැහැ.මා අමතනවිටත් ඔහු සුධාරකගේ මරණය ගැන දැනුවත්ව සිටීම ඔහු සමග කතාකරන්නට මට පහසුවක් වුණා. "සර් ගුඩ්මෝනිං….මම බොහොම අපහසුවෙන්...
ahimi sihina
කවුරු මොනවා කීවත් නියම් අනියම් කියා ආදරයේ ඇති බෙදීමක් නැහැ. හදවත නතරවන තැන කොන්දේසි විරහිතව කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොතකා ජීවිතයක් වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මූණදෙන්නට ඉදිරිපත්වන තැන ආදරය පවතිනවා.මානුෂික බැඳීමකට නීතිය යැයි මිනිසුන්ම එකතු වී සම්මත කරගත් දෙයක ලිඛිත ලියවිල්ලක් තිබිය යුතුම යැයි ඔබ කවුරුන් හෝ විශ්වාස කරනවානම් මගේ කතාව...
ahimi sihina
ඔබ මා සමඟ දින දෙසිය ගණනක් ඇවිද ආවා.කුඩා කෙල්ලක නොදුටු තරුණයෙකුට ආදර හසුනක් ලියූ දිනයේ සිට ඔබ ඒ ආදර කතාව ඔබේ කර ගත්තා.අනුරාධා ඇගේ ආදර කතාව දිනා ගත් හැටි අසන්නට මඟ බලා සිටි ඔබට අද ලියන්නට මට වචන නැහැ.හඬ පටයක් වෙබ් අඩවිය වෙනුවෙන් උඩුගත කළ හැකි නම් ජීවිතය ම...
ahimi sihina
මට ඊට පසුව දා සුධාරක බලන්නට යන්න අවසර ලැබුනා.ගාන්නට ලැබුණත් නොලැබුණත් කමක් නැතැයි කියා මම හොඳම තල තෙල් බෝතල් දෙකක් ද රැගෙන ආවේ ඔහුගේ වියලී ගිය හමේ ආලේපකිරීමෙන් ඔහුට යම් සහනයක් ලැබේ ය කියා සිතමින්. ඔබ කීවාට විශ්වාස නොකළත් සුධාරක මා ළඟ සිටියදී ඔහුගේ නියපොතු කැපුවේ කන් ශුද්ධ කළේ...
ahimi sihina
ඔබ දෙවියන්ගෙන් හෝ මොන බලවේගයකින් හෝ යමක් ඉල්ලනවා නම් එක දෙයක් ඉල්ලන්නැයි මම ඔබට කියන්න කැමතියි.ඒ මරණය තෙක් පියවි සිහියෙන් ඉන්නට ලැබෙන්න යන ප්‍රාර්ථනාවයි මරණය අප වෙත කෙසේ පැමිණේවිදැයි අප කිසිවෙකුත් දන්නේ නැහැ.නමුත් ජීවිතයේ අවසාන මොහොතත් හොඳ සිහිබුද්ධියෙන් ගෙවා දැමීම විතර කුසලයක් තවත් ඇතැයි මා සිතන්නේ නැහැ. සුධාරකට වචනයක් හෝ...
ahimi sihina
හැමදාම මට ඔබට කියන්න තියෙන්නෙ දුකම බව ඔබ හිතෙනවත් ඇති.මම කලින් කිව්වා වගේ ගෑණු අපි හැමෝගෙම ජීවිත වල අඩු වැඩි වශයෙන් තිබෙන්නේ කඳුල සහ සිනහවයි.ඒත් ඒ සියල්ල තුලින් ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙනයාම තමයි ජීවත්වෙනවා කියන්නේ.සමහරවිට මගේ කතාවටත් වඩා ඉතා දුක්බර කතා සමාජයේ ඕනෑතරම් තිබෙනවා.ඒත් ඔබ මේ කතාවෙන් ගත යුත්තේ...
ahimi sihina
"මේ අර හමුදාවේ ඉන්න ලෙඩාගෙ අම්මද? මම මේ පන්සලේ හාමුදුරුවො කතා කරන්නෙ" අනෙක් පසින් සුධාරකගේ වැඩිමහල් නැගණිය කතා කළා.අප එතැන සිටින වග ඇය දැනසිටියේ නැහැ.ස්වාමීන් වහන්සේ දුරකථන ලවුඩ්ස්පීකරය දමා තිබු හෙයින් අප සියලුදෙනාටම ඒ සංවාදය ඇසුණා. කාටත් හොරා ඒ සියල්ල මගේ දුරකථනයේ පටිගත වෙමින් තිබුණා. "හාමුදුරුවනේ අම්මා නෑ,ඇයි මොකක්ද වෙන්න ඕනෑ" ඇය...
ahimi sihina
සිවුරක් දරාගෙන ඉන්නා කවුරු හෝ කුමන තරාතිරමක අයෙකුට වුණත් බෞද්ධයෙක් ලෙස අප ගරුකරනවා.ඒ නිසා මම හාමුදුරුවන්ට පිළිතුරු දෙන්නට කලින් රැගෙන ගිය පිරිකරය පිළි ගන්වා උන්වහන්සේට නමස්කාර කර සිටියා. "හා.. හා..තෙරුවන්සරණයි" ඒ හඬ කලින් උන්වහන්සේගේ ගර්ජනාවට වඩා බාල වී මට ඇසුණේ. කාන්තාවක් ලෙස මට ඔබට කියන්නට තවත් එක් වැදගත් දෙයක් තිබෙනවා.ඒ ඔබ තුළ...