Tag: ඈත දුර ආකාසේ
ආදිත්‍ය හිත් පීඩා ඇති වූ ඕනෑම මොහොතක කරන්නේ තමන්ගේ සිරුරට රිදවා ගැනීම ය. කුඩා කාලයේ ඕනෑ දේවල් නොලැබුණු විට හිසකෙස් කපා ගැනීම, අතපය සූරා ගැනීම ආදියෙන් ඇරඹුණු ඔහුගේ මේ ක්‍රියාව නවතන්නට අම්මා කිසිසේත්ම උත්සුක වූයේ නැත.ඈ කළේ පුතුගේ ඉල්ලීම කෙසේ හෝ ඉටු කිරීම ය. ඉන් නොනැවතී ඔහුගේ ඇට්ටරකම ගැන...
තුරුලි තිගැස්සී ගියේ ඈට හඬ ගසන හඬිනි.මෝටර් රථය නැවැත්වීමට නොහැකි තැනක පවා එය නවතා වේගවත් ගමනින් ඇය වෙත එන රශ්මි දෙස තුරුලි බලා සිටියේ ගල් ගැසී ය.
"දැං තමුන්ට සනීපද?"
රශ්මි කෝපයක් මවා පානවා විනා ඇය සිටින්නේ සැබෑ කෝපයකින් නොවන බව තුරුලිට වැටහිණ.ඇය කිසිත් නොකියා යන්නට සැරසුණේ එනිසා ය.
"අර අහිංසක කොල්ලා...
වසන්තයක් නොදැක ශුෂ්ක කාන්තාර බිමක ඔහේ වියළෙමින් හුන් කුඩා මල් පැළයක් වස්සානයේ මිහිරියාව විඳිමින් මල් පුබුදන්නට පටන් ගත්තා ය.මහ ගසක් වැනි ගැහැනියක වන්නට කුඩා පැලයක් වී මල් පුබුදවමින් වසන්තයේ ප්‍රේමණීය බව විඳ ගත යුතු බව තුරුලි උගනින්නට පටන් ගත්තා ය. අවුරුදු දහ හතක කෙල්ලක කාලයේ සිට ජීවිතය අත් මිටෙන්...
බිඳී යාම් පිළිසකර වෙන්නට කාලය ඔසු ගල්වන්නේ සෙමිනි;ප්‍රවේසමිනි.අක්කාට යළි සැකසෙන්නට කාලය උවමනා නම් එයට ඉඩ දිය යුතු බව සඳලි සිතුවා ය.තුරුලි බොහෝ කාලයක් දරා ගත්තේ සුළුපටු වේදනාවක් නොවේ. ඇය කිසිම උගත්කමක් නැති යුවතියක මෙන් ඔහේ සියල්ල දරා සිටියා ය.ඒ දරා ගැන්ම අවසන් වන්නට සැබෑවටම වූයේ කුමක්දැයි සඳලිට සැබෑවටම කුතුහලයක්...
අම්මාගේ මුහුණේ ඇඳුණු සිනාව ද ආදර නෝක්කාඩු බැල්ම ද සඳලිට කුහුලක් ඇති කළේ ය.ඇය අම්මා දෙස බැලුවේ විමසිල්ලෙනි.
"අක්කව ඉල්ලගෙන මනමාලයෙකුයි අම්මයි ආවා.."
සඳලි කේක් කැපීම නවතා වහා අම්මා දෙස බැලුවා ය.ඇය මතු වූ අපුල නිසා කේක් ගෙඩිය පෙට්ටියට දමා වසා දැමුවා ය.
"ප්‍රශ්න තියනවනෙ අම්මෙ.ඒවා දැනගෙන අම්මා අර ආර්යාවයි හෝතඹුවයි ගෙට...
තුරුලි කුමන හෝ මොහොතක අමතන තෙක් මඟ බලමින් සිටි ආදිත්‍ය කෝපයෙන් දැවෙන්නට පටන් ගත්තේ ය. ඇය ඕනෑම මොහොතක මෙල්ල වන මන්තරය වුයේ "මං මේක නවත්තනවා" කීම බව ඔහු දැන සිටියේ ය.නමුත් මේ වතාව සම්පූර්ණයෙන් ම වෙනස් වී ඇත.ඇය තමන්ව සත පහකට ගණන් නොගැනීම ම ආදිත්‍ය වියරු වට්ටන්නට සමත් වී...
"ඔයාගේ යාලුවෝ මං එනවට කැමති වෙයිද?"
සාමාන්‍ය යුවතියකට පැමිණිය හැකි ගැටළු අක්කාටත් පැමිණෙමින් තිබීම ගැන සඳලිට ඇති වූයේ සතුටකි.ඇය උස්හඬ දෙන සිනාවකින් ඒ සතුට පිට කළා ය.
"හයියෝ.. පිස්සුද අක්කා.මගේ යාලුවො ඔයාගෙත් යාලුවො තමයි.."
ඇය සැහැල්ලු හඬකින් අක්කාට පැවසුවා ය.ඈත ප්‍රදේශවලට චාරිකා යන අවස්ථාවක පමණක් නොව බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ ප්‍රදර්ශනයකට යන්නට හෝ...
ගිම්හානයකට වඩා කාෂ්ටක කාලයකට කිට්ටුවෙන් සිටි ආකාසයේ දීප්තිමත් නීල පැහැය මැකී ගියේ වැහි වළාකුළු එහි රැඳෙන්නට වූ නිසා ය.දැවෙන හිරුත් වලාකුළු රහිත අහසත් නැති ලෝකය අමුතු සිහිලසකින් පිරී ඇති බව තුරුලි සිතුවා ය.අනන්තාවකාශයට ඇස් අලවාගෙන අවිනිශ්චිත අනාගතය ගැන සැක සංකා හිතමින් හුන් කාලය ඈ කෙරෙන් ද පලා යමින් තිබිණ.
කාර්යබහුල...
තුරුලි ඒ පණිවිඩය කියැවූයේ ගැහෙන හදිනි; බියපත්ව ය.දැන් ආදිත්‍ය සිටින්නේ කෝපයෙනි. ඇයට ඔහු ආදරය පටන් ගත් කාලයේම පැවසූ දෙයක් සිහිපත් විණි.
"තැන තැන එක එක කොල්ලො එක්ක කතා කර කර ඉඳලා එහෙම මට අහු වෙන් නෑ හරිද? මට ඕනතරම් කට්ටිය ඉන්නවා ඔත්තු බලන්න.."
ප්‍රේමය යනු ඔත්තු බැලීමක්දැයි තුරුලි මුල්ම වරට සිතන්නට...
රශ්මි ඈත මුහුදු තීරය දෙස දෑස් යොමාගෙන හුන්නේ හිනැහෙමිනි.කුඩා දැරියක මෙන් නටා දඟලන තරමට සතුටකින් ඈ පිරී යමින් තිබිණ.බොහෝ කාලයක් තිස්සේ හිතේ පැවති සිහිනයකට අත්තටු හිමි වෙමින් තිබිණ.ඇය සිටියේ කියා ගත නොහැකි තරමට සතුටකිනි.
"ආදි, මං දැනන් හිටියා ඔයා මට සැලෝන් එක දාලා දෙනවමයි කියලා.."
ඇය කියන්නේ උතුරන ප්රීතියකිනි.ආදිත්‍ය දෑස් සිහින්...