Tag: ඔබෙ ආදරෙන් මා දැවේ
මලිත්ට ලෝයර් කෙනෙක් හොයාගන්න සිද්ද වුනේ ජාන්වි කිසිසේත්ම තමන් විසින් කියන්නට යෙදුන කතාව ගැන පොඩ්ඩක්වත් හිතා බලා නැති බව තේරුම් යද්දීය. “ආයෙ අපි සෙට්ල් වෙමු” කියා තමන් කියද්දී ජාන්වි එක පයින් එයට එකඟ වේයැයි තමා සිතුවද අන්තිමේ සියල්ල නොසිතුව අතට හැරි ඇති බව දැනෙද්දි මලිත් කෝප වුණේය.
ඒ කෝපය පිටාර...
තමන් විසින් කාලයකට පෙර අත හැර දැමුව පුද්ගලයා තමන්ගේ සෙකන්ඩ් ඔප්ශන් එක වෙන්නට හිත හදාගත්තේ කොහොමද කියන කාරණාව ජාන්විට ඇත්තටම තේරුම්ගන්න පුළුවන් වුණේ නැත.
“වෙන ඔප්ශන් එකක් තියෙනම් ඔයා ඔය ඔප්ශන් එක නොගෙන ඉන්නවද?”
“මොකද්ද වෙන ඔප්ශන් එක මට තියෙන?” කියා ජාන්වි ඇහුවේ තුරුණු විසින් කියන්නට යෙදුණ ඒ කතාව ඇත්තටම නොතේරිච්ච...
“ඔයාට මං සලකපු විදිය වැරදියි කියලා මම නොදන්නවා නෙවෙයි ජාන්වි. මටත් ඇත්තටම ඒක තේරුණේ ඔයායි මායි මේ වෙන් වෙලා ගෙවිච්ච කාලෙ ඇතුලෙ. මං ඔයා ගෙදරින් ගියපු එක හරි සරලව හිතන්න ගත්තට ඒක එහෙම නෑ කියලා මට තේරෙන්න ගත්තෙ ඔයා ගියාට පස්සෙ” කියා මලිත් කියාගෙන කියාගෙන යද්දීත් ජාන්වි උන්නේ කිසිවක්...
“දැන් ඔයා ශෙහාරා එක්ක යාලුද?” කියා ජාන්වි තුරුණුගෙන් ඇසුවේ තවත් රහස් පරීක්ෂක වැඩ කරන්නට බැරිම තැන ය. තුරුණු ශෙහාරා අතර සම්බන්ධයක් තිබේදැයි සැක හැර දැනගන්න එක හිත වඩ වඩාත් බර කරන්න හේතුවක් උනත් එය අහන එක හිත නිදහස් කරගන්න ඇත්තටම උදව් වේද කියන කුකුස ජාන්විට තිබුණාය.
“ඇයි එහෙම ඇහුවේ?” කියා...
අත් දෙක උඩ පිපී තිබුන මලක සුවඳ බලන්නට කලින් ඒ මල අතෙන් ගිලිහීම දරාගන්නට අමාරු හැඟීමක් බව ජාන්විට තේරුණේ ඒ කාල වකවානුවේය.
“සමහර විට මම හිතුවට අතීතෙ උන්න, ඒ නිසාම මගේ වර්තමානෙයි අනාගතෙයි ආදරේ ගැන ජීවිතේ ගැන දකින, දැකපු හීන නතර කරගන්න හේතුවෙච්ච, මට අතෑරිච්ච කෙනා තමයි හරිම කෙනා කියලා...
“මං ඔයාට දෙයක් කියන්න උන්නෙ දවස් කීපෙක ඉඳලා” කියා ජාන්වි කියද්දී තුරුණූට අහන්න තිබුණේ එකම එක ප්රශ්නෙකි.
“ආදරෙයි කියලද?”
එහෙත් හිත එහෙම කිව්වද ඒ සිතුවිලි වචන කරන්න තුරුණුට පුළුවන් උනේ නැත.අනෙක් අතට එහෙම දෙයක් අහන එක පවා ආයෙම වතාවක් මෙහෙම හීන් සීරුවේ ගොඩ නැගීගෙන යන මේ බැඳීම ලිහිල්වෙන්නට හේතුවෙන බව තුරුණු...
ශෙහාරා කවදාවත් ඒ වගේ දෙයක් තමන්ගෙන් අසාවි යැයි සිතුවිල්ලක් හිත අස්සේ නොතිබුන නිසා තමන්ගේ හිත ගැස්සුණ බව ඇත්තක් නමුත්, යටි හිත හෙමින් සැරේ කොඳුරමින් “ඒක එහෙමමද කියලා ශුවර් ද?” කියා අහද්දී ජාන්වි උන්නේ මහ රෑ ඇහැරගෙන කල්පනා කරමින් ය. ඇඳේ එහා මෙහා පෙරළෙමින්, එක එක පැතිවලට හැරෙමින් ඇස් දෙක...
අලුත් ඔෆිස් එක අස්සේ,තමන් වටේ එක් රැස් වුණ තරුණ කොල්ලො කෙල්ලෝ මැද්දේ ජාන්වි උන්නේ ඇත්තටම සන්තෝසයෙනි.
මලිත්ගේ අම්මා ගෙදර ඇවිත් ගියයින් පස්සේ අම්මා නිතරම වගේ “ගෑනු පිරිමි අතර ප්‍රශ්න වෙනවා. ඒව විසඳන් ඉස්සරහට යන එකනෙ කසාදෙ කියන්නෙ. එහෙම නැතුව මේ දමලා ගහලා එන එක නෙවෙයිනෙ” කියන්නට යෙදීම ජාන්වි ගේ ඔලුවට...
“ජාන්වි දැන් ජොබ් එකකට යනවලු” කියා මලිත් මේධාංගනීට කිව්වේ ජාන්වි රැකියාවකට ගොස් සෑහෙන දිනකට පසුව එය දැනගෙන ය.
ඒද ජාන්වි බොහෝ කාලයකට පස්සේ තමන්ගේ මුහුණු පොතේ ප්‍රොෆයිල් පික්චර් එක වෙනස් කර රැකියාව කරන ස්ථානය ගැන ස්ටේටස් එකක්ද අප්ඩේට් කර තිබුණ නිසාවෙන් ය.
“ඔව් ඉතින් මෙච්චර දවසක් ඔයාගෙ සල්ලිවලින් නෙ කකා බිබී...
“එදා ඇයි ඔයා එහෙම මැසේජ් එකක් එව්වෙ?” කියා අහන්න පණක් ජාන්විගෙ හිතට තිබ්බේ නැත.
“වට් එවර් හැපන්ස්, ඔයාට එහා පැත්තෙන් මම හිටගෙන ඉන්නවා” යැයි කියා චිත්‍රා ගෙදර ඇවිත් උන් වෙලාවේ තුරුණු විසින් එවන්නට යෙදුණ පණිවිඩය මලිත් ගැන දෙමව්පියන්ට මූණටම කියන්න ඕන දේ කියන්න තමන්ට රුකුල් දුන් බව ජාන්වි මුලු හදවතින්ම...