Tag: නිම් නැති නිම්නය

නිම් නැති නිම්නය
චමල් සේනාසිංහ විසින් සිය දියණිය ආරාධනා වෙනුවෙන් දික්කසාද නඩු පැවරීම නීතීඥවරයෙකු වෙත භාර දෙන ලද්දේ ගජධීර පවුලේ අය සමග ද කතා බහ කිරීමෙන් පස්සේ ය.  "ඒක මගෙ තීරණේ. තව දුරටත් මට එයා එක්ක ජීවත් වෙන්න බලාපොරොත්තුවක්වත් ඕනකමක්වත් නෑ" ආරාධනා එසේ කීවේ හිස කෙළින් තියා ගෙන ය. ඒ වෙලාවේ ඇගේ ඇස් වල...
නිම් නැති නිම්නය
සැනසුම් පායේ හදවත් හතර ම තිබුණේ කඩා වැටෙන්නට ආසන්න අහසක් වාගේ බර වී ගෙන ය. රෝහලේ දී කාශ්‍යප හමු නොවුණා නම් කියන හැඟීම ඒ හැම හදක ම හුස්ම ගන්නට ඇත. නමුත් නො විය යුතු ව තිබූ බොහෝ දේවල් සිදු වී තිබේ. සිදු වෙමින් ද තිබේ.  කවීශ්වර සිතා ගෙන සිටියේ එන...
නිම් නැති නිම්නය
පිටත තද වැස්සක් වහිමින් තිබිණ. ආරාධනා සිව් මස් බිළිඳු පුතු සඳයුරු වඩා ගෙන වීදුරු බිත්ති වලින් පිටත බලා සිටියා ය. සඳයුරු අම්මා ගේ අත් දෙකත් පපුවත් අතර මැද අවකාශයේ හිර වී සිටියේ තරමක නො සතුටකිනි. ඔහු ගේ හඬ තැලීම් වල වූයේ ඒ නො රිස්සුම බව ආරාධනා නො දන්නවා නොවේ....
ගැඹුරු තුවාල පහසුවෙන් සුව වෙනවා නොවේ. නමුත් ඒ ගැඹුරු වේදනාවට හුරු වූ විට එය උහුලා ගත හැකි වේ. ඒ වූ කලී යම් ආකාරයක නිර්වින්දිත තත්වයකි. ආරාධනා පත් ව සිටියේ ද එබඳු තත්වයකට ය. ඇතැම් අවස්ථා වල නිර්වින්දිත බව අඩු වී රිදුම් ඉස්මතු ව ආවේ ය. එවන් අවස්ථා වල කාශ්‍යප...
එදා කාශ්‍යප ව හමු වී පැමිණීමෙන් පස්සේ කවීශ්වර ගජධීර සමගින් ආරාධනා ගැන යමක් සාකච්ඡා කොට තීරණයකට ආවේ ය. ඒ තව දුරටත් ආරාධනා ව සැනසුම් පායේ රඳවා ගෙන නො සිට ඇය නිදහස් කොට හැරිය යුතු බවටයි. ගජධීර සේ ම රාජිකා මැණිකේ ද කැමති ආරාධනා දරු දෙදෙනා සමගින් හැමදාමත් ඔවුන් සමග...
.  පාසල් නිවාඩුව ඇරඹිණ. එය ආරාධනා ගේ හදවත ට මහත් සැනසිල්ලක් වූයේ ය. දවල් ට සුපුරුදු පාසල් සේවා රියෙහි බිඟුනි ගෙදර පැමිණී ද උදේ ට ඇය කැටිව යාමට කවීශ්වර ට කරදර කළ යුතු වීම ඇගේ හදට බරක් ව තිබිණ. කවීශ්වර වචනයකිනිදු එහෙම නොකැමැත්තක් නො හැඟවී ද එය ඔහු ගෙන් බලාපොරොත්තු...
එදා සැනසුම් පායේ දිවා ආහාරය වෙලාවේ ඉන් පිටත සාමාජිකයෝ දෙදෙනෙක් වූහ. ඒ කාවින්දි ගජධීර සහ තාරා සේනාසිංහ ය. තාරා සේනාසිංහ වූ කලී ආරාධනා ගේ සොයුරු චින්තක ගේ බිරිඳ ය. ඇය වෘත්තියෙන් පශු වෛද්‍යවරියකි. විවාහ වී දරුවන් ලැබීමෙන් පසු රජයේ රැකියාවෙන් ඉවත් වී, ගෙදර පසෙක ඉදි කරන ලද ගොඩනැගිල්ලක පවත්වාගෙන...
ආරාධනා සිටියේ සැනසුම් පායේ මුළුතැන් ගෙය තුළ කුඩා හතරැස් මේසය අස හිඳ ගෙන, රාජිකා මැණිකේ තනා දුන් මාමයිට් කෝප්පය අතින් අල්ලා ගෙන ය.  ලුණු හා දෙහි පදමට එක් වූ දිව රස ගන්වන සුවඳ ඉන් පිට වූ සුදු දුමෙහි කැළතී තිබිණ. දෙතුන් දිනකින් ම ආරාධනා ගේ කුස පිරෙන්නට අහරක් නො...
තවමත් හරි හැටි අරුණ උදා වී නැත. කොහොමටත් මේ සූර්යාලෝකය මිහි මතට ළඟා වන්නට පමා වන කාලය යයි අහස දෙස බලමින් ගජධීර ගණන් හැදුවේ ය. ඔහු සැනසුම් පාය වටේ ම විදුලි පහන් දල්වා ලූයේ  තද අඳුරට බියෙන් වාගේ ය. සැබවින් මේ කණාමැදිරි එළියටත් බය හිතෙනා කාලයකි.  අළුයම හතර වන විට...
ඝණඳුර විසින් තමන් ගිල ගනු ලබමින් සිටින්නා සේ ආරාධනා ට දැනිණ. ඉමක් කොනක් නැති කළු කුහරයක ඇය ගිලී යමින් සිටින්නා වන් බිහිසුණු හැඟීමකි එය. ජනේල වීදුරු වලින් පිටත සුදු එළියක් නො පෙනෙන්නේ සඳ බිඳක් හෝ නැති දින වල බව ආරාධනා දනී. නමුත් මන්දාලෝක රාත්‍රී විදුලි බුබුලෙන් කාමරය සැලකිය යුතු...