Tag: රිදුණු තටු පිරිමදිමි

Ridunu thatu pirimadimi
ජීවිත වලටත් ඍතු තිබේ. ඇතැම් ඍතු අතිශය කටුක ය. පීඩිත ය. රළු ය. නමුත් අපට ඒවා මගහැර යා නො හැකි ය. ඇතැම් ඍතු සෞම්‍ය ය. සිහිලැල් ය. සුවදායක ය. එහෙමය කියා හැමදාට ම ඒවා අපේ ජීවිත මත්තේ නතර කර ගත නො හැකි ය.  ඍතු කියන්නේ ඇවිත් යන්නා වූ දෙයකි. ඒවා...
Ridunu thatu pirimadimi
ඒ සති අන්තයෙන් පසු උදා වූයේ සදෙව්මා ගේ ජීවිතයේ අලුත් යුගයකි. ඇය තාත්තා එක්ක මත්තේගොඩ ඔවුන් ගේ නිවසේ නතර වීමට ගියා ය. මවගෙන් වෙන් වීම දුවටත් දුවගෙන් වෙන් වීම මවටත් වේදනාව දනවන්නට ඇත. නමුත් ඔවුන් දෙදෙනා ම ඒ බවක් උනුන්ට නො හඟවන්නට උත්සාහ දැරූහ. අනෙත් අතට මේ වෙන් වීම...
Ridunu thatu pirimadimi
සන්තුෂී සමග විවාහයෙන් නීත්‍යානුකූල ව දික්කසාදය ලැබුණ ගමන් යළි විවාහයක් කර ගැනීමට කල්ප ගත් තීරණය ගැන ඔවුන් ගේ දරුවන් තුළ ඒ තරම් ප්‍රසාදයක් වූයේ නැත. නමුත් ඒ අප්‍රසාදය දුරු කරනු වස් සන්තුෂී සිය උපරිමයෙන් ක්‍රියා කළා ය. "ගොඩක් පිරිමි මොන කට මැත දෙඩුවත් ජීවිතේ තනි වෙන්න හරි බයයි පුතේ. තාත්තයි...
Ridunu thatu pirimadimi
සන්තුෂී සිරිවර්ධන හා කල්ප බණ්ඩාරතිලක වෙනුවෙන් දික්කසාද තීන්දුව ලැබිණි. අවසාන වශයෙන් කල්ප ඊට හිත හදා ගෙන තිබිණ. ඒ තනි වීමට වන බිය කියනා ප්‍රශ්නයට උත්තරයක් ද සමග ය. මෑතක දී ක්ෂේත්‍රයට පැමිණි නවක නිළියක සමග ඔහු විවාහය තීන්දු කොට ගෙන තිබිණි. එයින් පසු කල්ප සන්තුෂී වෙනුවෙන් තැවුණේ ම නැත. ඇය...
Ridunu thatu pirimadimi
සදෙව්මා පාසල් සේවා රියෙහි ගෙදර නො පැමිණි බව අම්මා විසින් දැනුම් දුන් පසු වින්දි ගේ සිතේ ඇති වූයේ කැළඹීම මුසු සැක සංකාවකි. දියණිය නිසැක වශයෙන් අංජන වෙත යන්නට ඇතැයි ඇය සිතුවා ය. ඊට මඳ වෙලාවකට පස්සේ අම්මා යළිත් කතා කොට එය සහතික කළා ය. නමුත් වින්දි ගේ හදවත තුළ...
Ridunu thatu pirimadimi
සන්තුෂී සිටියේ සිය අලුත් ම හීනය පාට කරමිනි. ඇයට ඒ ගැන කතා කරන්නට ඕන වී තිබුණෙන් තප්ති රූපලාවන්‍යාගාරය වෙත පැමිණියා ය. සිය කියුබිකල් එක තුළ මේසය දෙපස වාඩි වී තේ බොන ගමන්, සන්තුෂී සිය සිහින රූපලාවන්‍යාගාරය ඒ ෆෝ කඩදාසි වල ඇන්දා ය. "ඒක මේ වගේ තට්ටු දෙකකට හැදෙන්න ඕන. අපේ...
Ridunu thatu pirimadimi
අංජන එදා සදෙව්මා ගේ හිත හදා නැවතත් වින්දි ළඟ රඳවා ගියේ වැඩි විය පත් ගැහැනු ළමයෙකුට වැඩි ම ආරක්ෂාවක් ඇත්තේ අම්මා ළඟ බව දන්නා නිසා ය. නමුත් එවක් පටන් වින්දි සදෙව්මා කෙරේ හැසිරුණේ නො පැවතිය යුතු සැකයක් හිතේ දරා ගෙන ය. අම්මෙකු නොව කුඩම්මෙකු සේ දියණිය ට තරවටු කරන්නට...
Ridunu thatu pirimadimi
පෘථිවියේ භ්‍රමණයත් පරිභ්‍රමණයත් නතර විය. විශ්වයේ සියල් ක්‍රියාකාරීත්වයන් ඇනහිටියේ ය. කිසිදු හැල හොල්මනක් පරිසරයෙහි නො විණ. කුරුල්ලෙක් කෑ ගැසුවේවත් නැත. ඒ අතිශය නිශ්ශබ්දතාව සන්තුෂී ගේ කන් බෙර පුපුරුවාලන විදිහේ පීඩනයක් ඇති කළේ ය. ඇස් පිය සලන්නේ හෝ හුස්ම ගන්නේ නැතිව, අංජන කී කතාව සවන් වැකුණ වෙලාවේ පටන් ඔහු දෙස...
Ridunu thatu pirimadimi
ඒ අතුල් පහර කොයි තරම් සන්තුෂී ගේ කම්මුල රිදවූයේ ද යත් ඇයට දැනුණේ දෑසින් ද දෙකනින් ද හිසෙන් ද දුම් පිට වන්නා සේ ය. ඒ වේදනාව පරයා ගෙන ඇගේ සිතට පිවිසි ප්‍රශ්නය නම් මේ සිදු වන්නේ කුමක් ද යන්න ය. එසැනෙන් ඇයට වින්දි ව සිහි විය. මේ හැසිරීම, මේ...
Ridunu thatu pirimadimi
අංජන නීලවතුර ට වින්දි ගැන විවාහ යෝජනාවක් ඉදිරිපත් වූයේ ඔහු ගේ මිතුරෙකු වන නාලක ගෙනි. වින්දි නාලක ගේ බිරිඳ ගේ සොයුරිය වූවා ය. එවකට විවාහ වන වයසේ පසු වූව ද ඇය විවාහ වීම ගැන උනන්දුවක් නො දක්වමින් රැකියාවත් ගෙදරත් අතරේ කාලය ගත වෙන්නට හරිමින් සිටියා ය. ඒ වෙත්දීත් වින්දි...