Tag: සඳ ගංතෙර

Sanda ganthera
දුලන්‍යා සාලයේ කල් මරන්නට වූයේ කරන්නට වැඩ හොයමිනි. ඇත්තටම කරන්නට වැඩ ඕනෑතරම් ඇත්තේ කාමරයේ ය. පාඩම් කරන්නට දේ එකතු වෙමින් තිබේ. වෛද්‍යවරියක වීමේ හීනය තුනේ හතරේ පන්තියේ සිට හදවතට එකතු වෙද්දී මේ ගමන මෙතරමට අපහසු වග සිතුණේ නැත. එහෙත් ඇය මෙතැන දක්වාම ඇවිද ආවා ය. "ඔයාට ඒ ලෙවල්ස් පාස් වෙන...
Sanda ganthera
"වැඩිය සද්ද බද්ද කරන් නෑ හරිද? අර පොඩි එකීට පාඩම් වැඩ තියනව" අක්කා එසේ කියද්දී සඳරැස්ට සිනා පහළ විය. ඔහු ගීතය නවතා දමා ඇයව වැළඳ ගත්තේ ය. මවක වන්නට සැරසෙන යුවතියක පින් පාට බව ඔහුට සිතේ. අම්මා කෙනෙකු කියන්නේ හිත නිවන කෙනෙකි. එහෙත් අක්කාටත් ඔහුටත් එවැනි අම්මා කෙනෙකු අයිති නැත....
Sanda ganthera
"අක්කලාගෙ ගෙදර යන්නෙ ඇයි අනේ?" රිද්මිට තිබුණේ ඒ තීරණය ගැන අකමැත්තකි. ඇයට කොහොමටත් විවිධාකාර සිහින තිබිණ. ඒවා ෆැන්ටසියක් වීම ගැන ඇයට ගැටළුවක් තිබුණේ ද නැත. මලිත් වෙත යන දිනයක් උදා වෙන තුරු යෞවනය ඔහේ ගත කරන්නට ඇයට ඕනෑ වූයේ නැත. "සඳරැස්ට නොගැළපෙනම දේ නම." ඈ එසේ පැවසුවේ මිතුරියකට ය. මිතුරිය,රුක්ෂි ඇය දෙස...
Sanda ganthera
"තරූ අක්කලගෙ අම්මා ඉන්නෙ කොහෙද අයියේ?" දුලන්‍යාට ඒ ප්‍රශ්නය අයියාගෙන් අසන්නට සිතුණේ රාත්‍රියේ ය. මුළු දවසක්ම ඇගේ හදවතේ කටුවක් ඇනී තිබිණ. සඳරැස් වේදනාවෙනි. දුලන්‍යා අනාරාධිතවම ඒ වේදනාව බාර ගෙන තිබුණා ය. "අක්කා අම්මා ගැන හිතනවද සුදු මැණික?" දුලාජ් කලබල විය. ඒ කලබලය අතර පවා ඔහුට නැගණියගේ ප්‍රියතම සුරතල් නාමය අමතක නොවී ය....
Sanda ganthera
සඳරැස් සාලයේ පුටුවකට වැටෙන අන්දමත් එහි විට්ටමේ හිස ගසාගෙන පුටු අත් මතින් දෑත් පහළට වැටෙන්නට ඉඩ හැරියේ ය. දුලන්‍යා බලා සිටියේ ඒ දෙස නොවේ. සාලයේ බිම ඇති අක්කාගේ මංගල දිනයේ ඡායාරූපයක් දෙස ය. මනාලියක වූ අක්කාගේ කර වටා අතක් යැවූ ඔහු එහි හිඳින්නේ ඕනෑවටත් වඩා හිනැහීගෙන ය. ඔහුට අද හිනැහෙන්නට...
Sanda ganthera
කාමරයේ තිර රෙදි ඈත් වී යහන මතට හිරු රැස් වැටෙද්දී දුලන්‍යා ඇස් යාන්තමට විවර කළා ය. කම්මැලි ය! හොඳටෝම කම්මැලි ය! නමුත් ඇයට අම්මාගේ උපදෙස් සිහිව ආයේ ය. "තාරකා දූට වදයක් එහෙම වෙන් නෑ සුදූ.අක්කාට ඔය කාලේ කොහොමටත් හරි අමාරුයි. ගෙදර වැඩ කරන්න එහෙම අක්කට උදව් කරන්න. මේඩ් කෙනෙක් හිටියට...