සඳ ගංතෙර – 04

“අක්කලාගෙ ගෙදර යන්නෙ ඇයි අනේ?”

රිද්මිට තිබුණේ ඒ තීරණය ගැන අකමැත්තකි. ඇයට කොහොමටත් විවිධාකාර සිහින තිබිණ. ඒවා ෆැන්ටසියක් වීම ගැන ඇයට ගැටළුවක් තිබුණේ ද නැත. මලිත් වෙත යන දිනයක් උදා වෙන තුරු යෞවනය ඔහේ ගත කරන්නට ඇයට ඕනෑ වූයේ නැත.

“සඳරැස්ට නොගැළපෙනම දේ නම.”

ඈ එසේ පැවසුවේ මිතුරියකට ය. මිතුරිය,රුක්ෂි ඇය දෙස පුදුමයෙන් බැලුවා ය. රිද්මිගේ ක්‍රෂ් එක ගැන ඉවරයක් නැති කතා අසා හිඳීම රුක්ෂිට එපා වෙන තැන්ද වේ. නමුත් කරන්නට දෙයක් නැත. මේ දිනවල ඇගේ උමතුව සඳරැස් ය.

“එච්චර හොට් කොල්ලෙක් හඳක් වගේ සොෆ්ට් නෑනෙ. එයාට නොගැළපෙනම දේ තමයි නම.”

ඔහු එතරමට ගිනි ගන්නා කොලුවෙකු බව ඇයට සිතේ. ඒ ගිනි ගන්නා කොලුවා සඳ තරමට අහිංසක සහ මෘදු නැත. ඔහුගේ දෑස ද සිනාව ද කෙල්ලන් නැත්තටම නැති කර දමන බව රිද්මි සිතුවා ය.

“කැමති ඕනෑම කොල්ලෙක් වශී කරගන්න එක මාර ලේසි වුණු ඔයාට සඳරැස්ව වශී කරගන්න එක ලේසි නෑ නේද?”

රුක්ෂිගේ කතාවට හිත පෑරෙන නමුත් රිද්මි ඒ කතාව මොනතරම් ඇත්තක්දැයි සිතුවා ය. ඔහු ඇතැම්විට හැසිරෙන්නේ ආදරය කරන්නට සූදානම් වාගේ ය. තව මොහොතකට පසු ඔහු කරමින් සිටින්නේ සරදමක් බව ඇයට සිතේ. ඔහු බිඳුවක්වත් විශ්වාස කරන්නට අපහසු මිනිසෙකි.

“අමාරුවෙන් ළං කරගන්න දේවල් තමයි වැඩියෙන්ම වටින්නේ. සඳරැස් දැක්කම පිස්සු හැදෙනවා. ඒ පිස්සුව මගේ හීනෙට යන්න මට පාර කියනවා.”

රිද්මිගේ වචන රුක්ෂිට සිනා උපදවයි. එසේ සිහිනයක් වෙත ඇවිද යන්නට තරම් රිද්මි නිදහස් නැත. ඇයට ඒ ගැන ප්‍රශ්න කරන්නට සිතුණා ය.

“ඔයා මලිත්ගෙන් ඩිවෝස් වෙනවද?”

රිද්මි ඒ ප්‍රශ්නයට තොල පෙරළා හිනැහුණා ය.අසන්නට ඕනෑ නැති ප්‍රශ්නයක් නැති රුක්ෂිට මෙයට ලබා දෙන්නට පිළිතුරක් සැබෑවටම ඇය සතු ය.

“මට නම් දැන් ඒ තරම් හිතෙනවා.”

ඇය ජීවත් වන සමාජය නිදහස් සමාජයකි. ජීවිතය ගැන ඕනෑවට වඩා නොසිතා ජීවිතය විඳින්නට පුරුදු වූ මිනිසුන් සිටින සමාජයකි. ඒ හන්දාම රිද්මිට මුල් කාලයේ සඳරැස් ගැන තිබුණේ වෙනත් සිහිනයකි. ඇයට එය මිතුරියගෙන් හංගන්නට ඕනෑ වූයේ ද නැත.

“මං මුලින් හිතන් හිටියෙ ඕපන් රිලේෂන්ශිප් එකක් කරන්න.”

රුක්ෂි ඒ තීරණයට නොසතුටු ය. ජීවිතය එතරමට සැහැල්ලුවෙන් පාවෙන්නට ඕනෑ නැත. වගකීමක් තිබිය යුතුම වේ. අනෙක් අතට සඳරැස් එවැනි තැනකට මෙහෙයවීම ම අතිශය භයානක ය.

“කරනවනම් ඕක සීරියස් කරනවා. නිකං ඥුංඥුං ගාන වැඩ නොකර.”

රුක්ෂි එසේ පැවසුවේ නොමනාපයෙනි. මේ කරන්නට යන්නේ අතුරේ යනවා වාගේ වැඩකි.

ඒ කතාව නෑසුණාක් මෙන් රිද්මි එකම වට්සැප් පණිවිඩය නැවත සඳරැස්ට යොමු කළා ය. අක්කා කියන්නේ ඔහුගේ අම්මා ය. ඇය සඳරැස් ගැන ඕනෑවටත් වඩා සොයා බලන්නට පුරුදුව සිටියි. එය සැබෑවටම ඔහුට සමීප වන්නට බාධාවකි.

” අක්කලගෙ ගෙදර යන්නෙ සැනසීමෙන් ඉන්න.”

ඔහුගේ පිළිතුරු සුන්දර නැත. කෙල්ලන් හුරතල් කරන්නට ඔහු කොහොමත් අදක්ෂ බව රිද්මිට සිහි විය. නමුත් ඒ ගමන සදාකාලික නොවන්නේ නම් රිද්මිට සතුටකි. ඇය කැමති ඔහු නිදහස් කුරුල්ලෙකු වනවාට ය.

“මොනවද හලෝ කෑම මේසෙත් ෆෝන් එක ටුක්කන්නෙ?”

සඳරැස් උඩ ගොස් බිම වැටුණේ අක්කාගේ කටහඬට ය.දුලාජ්ගේ උස් සිනාව නැඟෙද්දී මල් කිරිල්ලිය ලා සිනාවක් නැඟුවා ය. පාන් පෙත්තක හිනාවට කාරණාවක් තිබේදැයි අසා ඇගේ කොන්ඩයෙන් අදින්නට සඳරැස්ට ඕනෑ විය. නමුත් දුලාජ් අයියා ඉදිරියේ විකාර නැටීම කරන්නට අසීරු ය. නැත! එය කරන්නට අමාරු කටයුත්තකි.

“නංගිට ඕනෑනම් මං එක්ක ගියෑකි.”

සඳරැස්ගේ කතාවට දුලන්‍යා තිගැස්සුණා ය. ඇයට ඇත්තටම එයට එකඟ වෙන්නට ඕනෑ ය. නමුත් අයියාගේ මුහුණ බලන්නටත් බියක් දැනේ.

“කෙල්ල අයියා එක්ක ගියාවෙ..උඹේ ගෑනු ළමයි මඟින් දැකලා අපේ පොඩි එකීට ගහන්න බැරි නෑ.”

තාරකා හිනැහෙද්දී දුලන්‍යාගේ කම්මුල් රත් පැහැ ගැනිණ. හිත ගිය එකම කොල්ලාට මෙතරම් තරගයක් තිබීම උහුලන්නට අසීරු කාරණාවකි.

“එහෙනම් හදිස්සියකටවත් එන්න එපා නගේ ඈ. කෙල්ලො එක්ක තරග කරන්න බයනම්.”

මල්ලිගේ කතාව ඇසී තාරකා වහා දුලන්‍යාගේ කර වටා අතක් දමා ගත්තා ය.

“එයාට තරගයක් තියෙන්නේ මාත් එක්ක. ඔයාගේ අක්කා මම. මේ නංගි. උඹේ අන්තඃපුරෙන් අපිට වැඩක් නෑ.”

සහෝදරියන් එක් අයෙකු ප්‍රමාණවත් බව සඳරැස් සිතද්දී අයියා කෙනෙකු තමන්ට දැනටමත් ඇති බව දුලන්‍යාට සිතිණ. ඔහු ඈ දෙස බලද්දී ඇය පළමු වතාවට ඔහු දෙස සෘජුව බැලුවා ය.දෙතොල් පෙති ලිහී සිනාවක් මතු වෙද්දී ඔහුගේ දෑස් විලෙහි කිමිදෙමින් සිටින බව ඇයට වැටහේ. ඇතැම්විට මේ ප්‍රේමය වන්නට හැකි බව දුලන්‍යා සිතුවා ය. ඇය ජීවිතයේ පළමු වතාවට නොසන්සුන් වෙමින් නොඉවසිලිමත් වෙමින් සිටියා ය.

ප්‍රේමය මෙවැන්නක් ද?

ඇය එසේ සිතන්නට වූවා ය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහවර වන තුරුම ප්‍රේමයක පැටලෙන්නට ඕනෑ නැති බව සිතූ කෙල්ලක ප්‍රේමය ඕනෑම තැනෙක තිබෙන්නට හැකි බව ද එය මුණ ගැසෙන්නේ අහම්බකාරකයක් ලෙස බව ද හඳුනා ගත්තේ දෙතොල් ලිහෙමින් පිපෙන සිනාවක පැටලෙද්දී ය. ඇසක කිමිදෙන්නට හැකි වෙද්දී ය.

ප්‍රේමය මන්මත් හැඟීමක පැටලෙමින් තිබිණප්‍රේමය දරා සිටීමකි. බලා සිටීමකි. වෙන් වීමකි. පරිත්‍යාගයකි. දුලන්‍යා සිතුවා ය. නැත!!

ප්‍රේමය මත් වීමකි! ඒ මත් වීම කදුළු අමතක කර හිනැහෙන්නට හේතුවකි.

කුඩා යුවතියක නොඉවසිල්ලෙනි! 

නොසන්සුන්ව ය!

එහෙත් අප්‍රමාණ සැනසීමකිනි!!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles