රන්බීර් – ආලියා ආදර කතාව මැද්දට ආව මේ ” රාහා ” කවුද ??

රන්බීර් කපූර් සහ ආලියා කියන්නෙ දවසින් දවසෙ පුවත් මවන ජෝඩුවක් නේ. ඒ දෙන්නගේ ආදර අන්දරය වගේම විවාහයත් ලෝකෙ පුරාම ප්‍රේක්ෂකයන් කතා බහට ලක්කරගත්ත News බවට පත් වුණ එක ආය අමුතුවෙන් කියන්න උවමනා නෑ.

හැබැයි අද නම් අපි කතා කරන්න යන්නෙ මේ රන්බීර් ආලියා ජෝඩුවගෙ ආදර කතාවවත්, විවාහය ගැනවත් නම් නෙවෙයි. මේ දෙන්න අතර මැදට ආව රාහා ගැන.

කවුද මේ රාහා?

ඒ ගැන විස්තර තමයි මම අද ඔයාල එක්ක බෙදාගන්න යන්නෙ. මුල් කාලෙදිනම් රන්බීර් සහ ආලියා රාහා ගැන විස්තර මාධ්‍යයට නොකිව්වට් දැන් නම් ඒ දෙන්නා රාහා ගැන හරි ආදරෙන් කතා කරනවා අපි දකිනව. මාතෘත්වය ලැබීම එක්ක තමන්ගෙ ජීවිතේට උන වෙනස්කම්, අලුතෙන් එකතු වුන දේවල් ගැන පවා ආලියා හරිම ආදරයෙන් හැඟීම්බරව කතා කරනව අපි දකිනව.

ඉතින් මේ රාහා කියන්නෙ වෙන කවුරුවත් නෙවෙයි. රන්බීර් සහ ආලියාගේ ආදරණිය දියණිය.

ඉතින් රාහා මේ ලඟදි එයාගෙ පලවෙනි උපන්දිනෙත් සැමරුව. මාධ්‍යවේදීන්ට ඒ වෙනුවෙන් කේක් යවන්නත් ආලියා අමතක කරල තිබුනෙ නැති බව ඔයාලත් දකින්න ඇති නේද?

Hindistan Times පත්තරේට නම් ආලියා කියල තිබුනා එයා එයාගෙ දරුවව, ඒ කියන්නෙ රාහාව මාධ්‍යයෙන් හංගල තියාගන්න උත්සහ කරන්නෙ නෑ කියල. “මම රාහාව මාධ්‍යයෙන් සඟවන්නෙ නෑ. මිනිස්සු එයාව තමන්ගෙ ඇස් දෙකෙන් විතරක් දකිනවනම් මට ගැටලුවක් නෑ එයාව පෙන්වන එක. ඒත් අපි කැමති නෑ රාහාව මාධ්‍ය සංදර්ශනයක් කරන්න. එයාගෙ පින්තූර ඉන්ටර්නෙට් එකේ තියෙනව දකින්න මම ආස නෑ” කියල තමයි ආලියා කියන්නේ.

ඒ කතාවෙත් ඉතින් ඇත්තක් නැත්තෙ නෑ නේද?

ගොඩක් වෙලාවට ජනප්‍රිය මිනිස්සුන්ගෙ දරුවන්ට පවා කතා අහගන්න වෙන එකේ ආලියා සහ රන්බීර් තමන්ගෙ දරුවව මේ විදියට පරිස්සම් කරල තියාගන්න එක ගැන අපිට වරදක් කියන්න කොහෙත්ම බෑ.

“එයා මුලින්ම හිනා වෙච්ච දවස තමයි මට ගොඩක්ම වටින්නේ. මම හැමදාම රෑට නිදාගන්න කලින් එයාව ඉඹිනව” කියල Pinkvilla වෙත කියල තිබුණෙ රාහා ගේ ආදරණීය තාත්තා වන රන්බීර්. කොහොමත් ඉතින් දුවලා කියන්නෙ තාත්තලගෙ පුංචි කුමාරිකාවො නෙ. රන්බීර්ටත් ඒ කතාව ඉතින් වෙනස් වෙන්න විදියක් නෑ නේ නේද?

ආලියා පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී රන්බීර් කපූර් සමඟ විවාහ වුනා වගේම ඉන් මාස් කීපයකට පස්සෙ ආලියා සහ රන්බීර් ජෝඩුව රාහාගෙ ආදරණීය මව් දෙමව්පියන් බවට පත්වුනා.

 මේ වසරේ ජූලි මාසයේදී,ආලියාගෙ Rocky Aur Rani Kii Prem Kahaani චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවල නිරත වෙද්දි , ආලියා මාධ්‍යයට කියල තිබුණා, ඇය තම දියණිය වන Raha සඳහා ලේන්සුවක්, අත්වැසුම්, සෙල්ලම් බඩුවක් සහ කුඩා පොතක් වගේ දේවල් නිතරම දැන් තමන්ගෙ අත් බෑග් එකේ තියාගෙන ඉන්නව කියල සහ දැන් ඉතින් ඒක තවදුරටත් තමන්ගෙ බෑග් එක විතරක් නෙවෙයි රාහාගෙත් බෑග් එක කියල.

 “මම මුම්බායි ඉඳල ලන්ඩන් යද්දි තමයි මට හොඳටම තේරුනේ මේක තවදුරටත් මගේ බෑග් එක නෙවෙයි කියල. මගේ කියල කියන්න ඒකෙ තිබුනෙ මගේ පාස්පෝට් එක විතරයි. අනිත් ඔක්කොම දේවල් රාහාගෙ දේවල්. ඇගේ පැසිෆයර්, ඇගේ තුවා, බර්ප් රෙද්දක්, ඇගේ අත්වැසුම්, අමතර මේස් යුගලයක්, කුඩා සෙල්ලම් බඩුවක්, කුඩා පොතක් වගේ දේවල්වලින් මගෙ බෑග් එක පිරිල තිබුනේ. මම මටම කියාගත්තා දැන් ඉතින් මේක මගෙ බෑග් එක නෙවෙයි කියල”

ආලියා මෙහෙම කිව්වෙ Vogue India එක්ක කල මාධ්‍ය හමුවකදි.

මාර්තු මාසයේ කපිල් ශර්මා වැඩසටහනට ආව රන්බීරුත් රාහා ගැන කතා කලේ පුදුමාකාර ආදරේකින්. රාහා තාත්තා වගේද අම්ම වගේද කියන ප්‍රශ්නෙ ගොඩක් අය අහනව කියල රන්බීර් කියනවා.

“අපිම අවුල් වෙලා ඉන්නේ මොකද සමහර වෙලාවට රාහා මගේ වගේ, සමහර වෙලාවට ආලියා වගේ, ඒත් හොඳම දේ තමයි එයා අපි දෙන්නා වගේ විතරයි”

කියල රන්බීර් කිව්වෙ හිනාවෙමින්.

ජර්මන් පෑන් බ්‍රෑන්ඩ් එකක් වන හවුසර් එක්ක කරපු මාධ්‍ය හමුවකදි රන්බීර් කියනවා “එයා රාහා වෙනුවෙන් ලිපි ලියන්න මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා” කියල. ආලියා නම් දැනටමත් රාහාඅ වෙනුවෙන් ඊමේල් ලිපි ලියනව කියලත් රන්බීර් මෙතනදි මතක් කරා.

රාහා මිනිසුන්ව හඳුන ගන්න තරම් තාම ලොකු නැති උනාට, රන්බීර්ගේ ඥාති සොහොයුරිය වන කරීනා කපූර්ගේ පුත් තයිමූර් අලි ඛාන් හමු උනාම නම් එයා පුදුම වෙලා ඇස් ලොකු කරගත්ත කියල තමයි රන්බීර් කියන්නෙ .

, “රාහා වරක් Taimur සහ Jeh ගේ නිවසට ගියා. එයාලත් ගෙදර ඇවිත්. එයාට තාම කෙනෙක්ව වෙන් කරල හඳුන ගන්න බැරි තරම් එයා පුංචියි. එයා දැන් මාව හඳුනගන්නව. මම ඇහුවම එයා වැඩිපුර ම කැමති මටද අම්මටද කියල, එයා මට කියලත් කිව්වා”

ඉතින් මේ අලුත් තාත්තා තමන්ගෙ දුගේ ෆේවරිට්ම පේරන්ට් වෙන්න ලැබුන සතුට මේ විදියට බෙදාගත්තෙ The Indian Express හි 2022 ඔක්තෝබර් වාර්තාවට අනුව, Zoom හි රසික අන්තර්ක්‍රියා සමුලුව අතරතුරේදි.

තායිමූර්ව මුල්වරට මුණගැසුණු අවස්ථාවත් රන්බීර් එතන්දි මතක් කරන්න අමතක කරේ නෑ. “මට තායිමූර්ව මුණගැහුණු මුල්ම අවස්ථාවේදීම මටත් පුදුම හිතුණා. එයා හරිම හුරතල්. ඉතින් රාහාටත් එහෙමම හිතෙන්න ඇති”

ඉතින් තවමත් අපි කවුරුවත් රාහාගෙ මුණ දැකල නෑ. ඒ උනාට ඉතින් ආලියා වගේ හුරතල් කෙල්ලෙක්ට හම්බුන දරුවත් ආලියා තරම්ම හුරතල් ඇති කියන එක තේරුම් ගන්න අපහසු වෙන එකක් නෑනෙ නේද?

ඉතින් කොයිතරම් ජනප්‍රිය අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් උනත්, එහෙම නැති උනත් ඕනම අම්ම කෙනෙක්ට සහ තාත්තා කෙනෙක්ට තමන්ගෙ දරුවව මුලු ලෝකෙටම වඩා වටිනව.

ඉතින් ඉතාම තරුණ වයසකදි හින්දි සිනමාවට ඇවිත් අද වෙද්දි හින්දි සිනමාවට නැතිවම බැරි ආලියා වගේ අම්මා කෙනෙක්ගෙ සහ ඉතාම දක්ෂ තාත්තා කෙනෙක් ට දාව ඉපදුණ රාහා මොනතරම් වාසනාවන්තද? අම්මගෙ තාත්තගෙ සහ තමන්ගෙ පවුලෙ අයගෙ ආදරේ විතරක්ම නැතුව මුලු ලෝකෙම මිනිස්සුන්ගෙ ආදරය ලබන්න මොන තරම් නම් වාසනාවන්ත වෙන්න ඕනද?

තාම අවුරුද්දක් විතරක් වුනාට ඉදිරියෙදිම අපිට සුන්දර හුරතල් රාහාව දැකගන්න ලැබේවා කියල පතන ගමන්ම පුංචි රාහාට සුබම සුබ උපන්දිනයක් පතන්නත් ඔන්න අපි අමතක කරන්නෙ නෑ!

Related Articles

Don't Miss


Latest Articles