Rock and Roll සංගීතය ගැන දන්නවද ?

විද්‍යුත්කරණය වෙච්ච ගිටාර් සංගීතය, අමුවෙන්ම වදින වචන එක්ක සංගීත ක්ශේත්‍රය ඉස්සරහට අරගෙන යන්නෙ කවුරු කියලද ඔයාලා හිතන්නේ?

ඒ තමයි One and Only, Rock and Roll සංගීතය!

අඩ සියවසකටත් වඩා එහා කාලයක් තිස්සේ සංගීත ක්ශේත්‍රයට පණ පොවන මේ සංගීතය ගැන තමයි අපි අද කතාකරන්න යන්නේ.

1950 ගණන් වල පොඩියට පටන් අරන් අද වෙනකම් බොහොම අභිමානවත් ගමනක් ආව මේ Rock  සංගීතයට තියෙන්නෙ බොහොම නිදහස් ගමනක් කිව්වොත් හරි. හරියට ඒ සංගීතයෙන් අපිට අහන්න ලැබෙන නිදහස, සමාජය, පුද්ගලවාදය වගේම.

කොයි කාලෙද පටන් ගත්තේ?

20 වන සියවසේ මැද භාගයේදී තමන්ව හොයාගන්න මේ Rock  සංගීතය ලෝකෙ පුරාම ජනප්‍රිය වෙන්න හේතුවක් උන කලාකාරයන් තමයි එල්විස් ප්‍රෙස්ලි, චක් බෙරී වගේ අය.

Rhythm and blues, gospel, country වගේ දේවල් එක්කහු කරල ගෙන ආව මේ සංගීතය ඔස්සේ ඉතාම Energetic සහ Proactive සංගීත කලාවක් විදියට මේ Rock  සංගීතය කලඑලි බැස්ස කිව්වොතින් හරි.

Rock n Roll සංගීතයට තියෙන්නෙ හරිම Rebellious හඬක්. ඒ බව වැඩිදුරටත් පෙන්වන්න තමයි ඇප්‍රිකානු ඇමරිකානු ජන වහර ඇතුලෙ ලිංගිකත්වය මුල් කරගෙන තැනිච්ච වචනයක් වුණ Rock n Roll කියන වදන මේ සංගීත කලාව විග්‍රහ කරන්න යොදාගත්තෙ.

ඉංගිරිසි එක්කහු වීම

කොහේ ගියත් ඉතින් ඉංගිරිසි නැති තැනක් නැති බව ඔප්පු වෙන තව තැනක් තමා මේ Rock n Roll සංගීතය. ලෝකෙ එක රටක බිහිවෙච්ච දෙයක් තව තැනකට අරගෙන යන්න, විවිධ සමාජ සංස්කෘතික කලාංග ලෝකෙ වටේ ජනප්‍රිය කරවන්න බැහැල වැඩ කරපු ජාතියක් තමයි මේ ඉංගිරිසි සංගීත කණ්ඩායම් සහ කලාකාරයන් කියන්නෙ.

මෙතනදිත් මුල් වෙලා කටයුතු කරපු සංගීත කණ්ඩායම් ඇතුලෙ ඉස්සරහින්ම ඉන්නවා Beatles ලා.

Folk, psychedelia සහ ඊට අමතරව ඉන්දියානු Classical Music වල කොටසුත් එක්කහු වෙච්ච මේ Rock සංගීතයේ ස්වර්ණමය යුගයක් විදියට මේ කොටස විග්‍රහ කරන්න පුලුවන්.

ඒ එකතුවීම් එක්ක තමයි Rock n Roll සංගීතය හැදෙන්න පුලුවන් සුපිරිම විදියට නිර්මාණය වුනේ.

ඒ 1970 කාලේ.

ඒ කාලේ මේ සංගීත කලාවෙ ස්වර්ණමය යුගය බවත් පත් කරන්න දායක වුණ මිනිස්සු තමයි Led Zeppelin, Pink Floyd, Queen, and David Bowie කියන්නේ.

Progressive rock, glam rock, concept album කියන ඒවා මේ කාලේ මාර හිට් එකක් වුණා.

ඒ ඔස්සේ කලාකරුවන් පටන් ගත්තා සංකීර්ණ දේවල් මේ සංගීතය හරහා මිනිස්සුන්ට දිරවන්න පුලුවන් විදියට අරගෙන එන්න, ඒ ඔස්සේ සංගීතය කියන දේට එච්චරකල් තිබුන බාධක ඉවත් කරගන්න.

Punk, Post-Punk, and New Wave!

1970 අග භාගයේ සහ 1980 මුල් කාලෙදි තමයි මේ Punk Rock බිහිවුණේ.

Punk rock, එහි DIY දර්ශන, කෙටි, ඉක්මන් ගීත සහ ප්‍රති-ස්ථාපන මාතෘකා සංගීතයට ගෙනාපු ලොකුම ලොකු වෙනස සෑහෙන කැපිලා පෙනුනා. මේ වෙනස Lead කරේ The Ramones, The Sex Pistols, and The Clash වගේ සංගීත කණ්ඩාටම්. ඊටපස්සේ Blondie, Talking Heads සහ Joy Division වැනි සංගීත කණ්ඩායම් අලුත් ශබ්ද සහ ඉලෙක්ට්‍රොනික උපාංග රොක් සංගීතයට එක්කහු කරල Post Punk සහ සංගීතයේ අලුත්ම රැල්ලක් බිහි කරා.

Alternative Rock උපත

 Nirvana, Pearl Jam, and Radiohead කියන සංගීත කණ්ඩායම් එක්කහු වෙලා තමයි මේ Alternative Rock වලට උපත ලබා දුන්නේ. ඒ 1990 දි.

මේ Alternative Rock වල උප ප්‍රභේදයක් වුන ග්‍රන්ජ් පරම්පරාවක ආතතිය සහ කලකිරීම ග්‍රහණය කරගත්ත සංගීතයක් විදියට සෑහෙන ජනප්‍රිය වුණා.

female-fronted rock bands වෙච්ච Hole සහ Garbage ඇති වුණෙත් මෙන්න මේ කාලේ.

21 වන සියවසේ Rock සංගීතය

තමන් ඉපදුණේ මොන අවුරුද්දෙද කියන එක අදාලම කරගන්නෙ නැතුව 21 වන සියවසේ ඩිජිටල් යුගයට එකතුවෙන්න Rock සංගීතයට වාසනාව සහ ඉඩකඩ කියන දෙකම ලැබුණා.

Rock සංගීතයේ උප ප්‍රභේද වෙච්ච indie rock, pop-punk, and garage rock වගේ දේවල් වුනත් තමන්ගෙ ගමන් මාර්ගය කාලෙට, තාලෙට ගැලපෙන්න හදාගත්ත අපි හිතනවට වඩා ඉක්මනට.

ඒ වගේම ඒ අලුත් දේවල් එකතුවුණා කියල මිනිස්සු Classic Rock සංගීතයට දක්වපු ආදරේ නම් අබමල් රේණුවකින්වත් අඩු උනේ නෑ.

Arctic Monkeys, The Black Keys, and Foo Fighters වගේ සංගීත කණ්ඩායම් වල උදව්වෙන් ඩිජිටල් ලෝකෙ ඇතුලෙත් තමන්ගෙ අනන්‍යතාව පෙන්නගන්න මේ සංගීතයට හැකියාව ලැබුණා.

 ඉතින් කාලෙන් කාලෙට වෙනස් වෙච්ච දේවල් එක්ක එක්කහු වෙලා තමන්ගෙ අනන්‍යතාව තියාගෙන ඉස්සරහට යන්න ලැබිච්ච Rock සංගීතය ඇතුලෙ ඔයා අහන්න ආස වුණ සින්දු ඕන තරම් ඇති.

මොකද කියන්නේ හැමෝම එක්ක ඒව කමෙන්ට් එකකින් බෙදාගෙන යමුද?

Related Articles

Don't Miss


Latest Articles