Tag: අරුමැති ආදරයක්

අරුමැති ආදරයක්

“ඇයි අම්මා පුදුමෙන්  වගේ මගේ දිහා බලන්නේ.” යුගාෂ්  එසේ ඇසුවේ තම කාර්යාල පුටුවෙන් නැගිටවිත්  තමාරාට යාබදව වූ සුවපහසු පුටුවෙන් අසුන් ගන්නා ගමන්ය.  “එදා ආච්චි  මාව කාමරේට දාලා දොර වහලා මට මැරෙන්නවත් නිදහසක් නෑ දෙයියනේ කියාගෙන අම්මල ඉඳපු පැත්තට ආවා. දොර වහල තිබුණට ලොක් කරලා තිබුණෙ නෑ. මමත් ආච්චි පස්සෙන්ම දුවගෙන ආවා....
“සතුටින් නේද..” යුගාෂ් ඇසුවේ රාත්‍රියේ අපූර්වාද දුරකථන ඇමතුමක් ගෙනය. අවිවේකී දවසක් වූ නිසා වෙනදා තරම් ඇය ගැන සොයා බලන්නට ඔහුට අවස්ථාවක් වූයේ නැත. එහෙත් හෝරාවකට වඩා වැඩි කාලයක් නන්දනී අපූර්වාගේ සිවසේ සිදු වු සියල්ලම යුගාෂ් හා පැවසුවාය. වෙනදාට වඩා අවිවේකී දවසක් ගෙවූ නිසා දැනුණු සියුම් හිසරදය හේතුවෙන් තමාරා සැඳෑ වරුවම...
අඩිතාලමේ වැඩකටයුතු නිමා කළ බාසුන්නැහේලා  නික්ම ගියේ සවස හයට පමණය. ජීවිතයට කුමක් සිදුවන්නේදැයි සිතා ගත නොහී වූ අපූර්වා අඩිතාලම දැමූ බිම් කොටස දිගේ ඇවිද ගියේ මඳක් ඉහලට එසවුනු සිමෙන්ති බැම්ම  නොපෑගෙන්නට තරම් පරිස්සමටය. කුඩා ආලින්දයකින්, විසිත්ත කාමරයකින්, කාමර තුනකින් හා මුළුතැන් ගෙයකින්, නාන කාමරයකින් යුතු නිවස සිතුවාට වඩා මදක්...
උසාවිය ඉන් මසකට පසුව තවත් නඩු වාරයක් සඳහා කල් තැබුවේය. සේනකත්, දයාලුත්, පුෂ්පානන්දත් නැගී  සිටියේ කිසිවෙකු දෙස නොබලමින්ය. ඒ වේගයෙන්ම ඔවුන් උසාවි සංකීර්ණයෙන් පිටව යන අයුරු යුගාෂ් බලා සිටියේ අවඥයා සහගත සිනහවක් මුවගෙහි තබාගෙනය. අමායලාගේ නිවසට පොලිස් ආරක්ෂාව ලබාදී තිබුණේ  යුගාෂ්ගේ ඉල්ලීමක් මතය. ඒ අනුව සිවිල් ඇඳුමෙන්  සැරසුණු පොලිස්...
අපූර්වාගේ නව නිවස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමත් අමායාගේ නඩු වාරයත් යෙදී තිබුණේ එකම දිනයකය. තමාරා නිවසින් පිටව ගියේ පාන්දරමය. නැකත තිබුණේ පෙරවරු හයයි හතළිහටය.  “තවමත් ඒ දරුවා අම්මා හොස්පිට්ල් නවත්තපු එක ගැන ලොකු පසුතැවීමකින් ඉන්නේ….” තමාරා පැවසූයේ යුගාෂ්ගේ කාමරයට එබෙමින්ය. ඔහු පෙර දින සූදානම්කර තබාගෙන උන් රුපියල් පනස් දහසක මුදලක් තමාරා...
අපූර්ව වාගේ හඳහනට අනුව නව නිවසේ අඩිතාලම දමන්නට නැකැත් තිබුණේ දා හතර වනදාය. කාන්ති රෝහල්ගත කෙරුණේ එකොළොස්වනදාය.  ඔවුන් යළි නිවසට පැමිණෙද්දී හේෂානිගේ මවත් පියාත් ආච්චිගේ තනියට පැමිණ සිටියහ. වෛද්‍යවරයා පැවසූ කරුණු පැහැදිලි කල අපූර්වාට සියල්ලන්ගෙන්ම ලැබුණු පිළිතුර වූයේ මෙවේලෙහි වෛද්‍යවරයාගේ තීරණයට හිස නැමීම සුදුසුම ක්‍රියාව බවය.  තමාරා හා කතා කරද්දී ඇය...
විනාඩි කිහිපයකට පසුව වෛද්‍යවරයා රෝහල් කාමරය වෙත පැමිණියේ දුවගෙන සේය. ඒ යන හදිසි ගමනේදීත් ඔහු තමා එනතුරු බලා උන් පිරිස වෙත සුහද  සිනහවක් පා කරන්නට අමතක කළේ නැත. පිරුණු මිනිසුන් එසේ යැයි අපූර්වාට සිතුනේ ඔහු දෙස බලා සිටියදීය.  යුගාෂ්ගේ ජංගම දුරකතනය නාද වූයේ තත්පර දෙක තුනකට පසුවය. “හරි අංකල්.. හරි හරි...
කාන්තිව කොළඹ ගෙන යන ගමනට වාහනය පැමි⁣ණෙනවායැයි පැවසුවේ පස්වරු දෙකට පමණය. ඒ වන විටත් හේෂානි අපූර්වාගේ නිවසට පැමිණ සිටියාය.  “මමත් එන්න වෙයිද ළමයෝ. උඹලට තනියෙන් පුළුවන්ද මේ ලෙඩාව හේ කරගන්න…” ආච්චී ඇසුවේ  කාන්තිගේ කෙටි කොණ්ඩය එක් මිටකට එකතු කර කොණ්ඩා කටුවක් ගසමින් උන්  අපූර්වා දෙස බලාගෙනය.  “ඕනේ නෑ ආච්චි. හේෂානිත් ඉන්නවනේ..” “අනේ මන්ද...
දහවල ආහාරයෙන් පසුව පැයක් දෙකක් නිදා ගැනීම තමාරාගේ සිරිතය. එය නන්දනීටත් විවේක කාලයකි. බොහෝවිට තමාරාගේ දවස ගෙවී යන්නේ කාල සටහනකට අනුකූලවය. එය වෙනස් වන්නේ කාන්තා සමිතියක සභා වාරයකට හෝ ඔවුන් විසින් සිදුකරන සමාජ සේවා කටයුත්තකට නිවසින් පිටතට යාමට සිදු වුවහොත් පමණි.  කිසිවෙකු විසින් ගේට්ටුවේ සවිකර තිබූ විදුලි  සීනුව නාද කරන...
සිතට දැනෙන මේ අරුමැති හැඟීම් පහදා ගලපා ගැනීමේ හැකියාවක් අපූර්වාට වූයේ නැත. එක තැන සිටින්නටත් බැරි, නැගී සිටින්නටත් බැරි කිසිවක් කිරීමටත් සිත් නොදෙන මේ නොසන්සුන්කම යුවතියට අමුත්තකි. විටෙක  කුරුළු පිහාටුවක් සේ සැහැල්ලු වන, තවත් වරෙක මොර සූරන වර්ෂාවකට හසු වූවාක් සේ සීතලෙන් ගැහෙන, තවත් වරෙක නේක වර්ණ විදුලි බුබුළු...