Tag: Lifestyle

එන්න එන්නම අපේ ජීවිත තරගකාරීයි. අධිවේගී ජීවිත ගතකරන අපට ආතතිය දැනෙන එක වළක්වන්න බැහැ. ජීවිතයේ නිසල, සංසුන් විවේකීබවක් අත්වඳින්නට ලැබෙන්නේ බොහොම කලාතුරකිනුයි. ජපන් ජාතිකයන් කියන්නේ බොහොම වෙහෙස මහන්සි වී වැඩ කරන බව අපි හැමෝම දන්න කරුණක් නේ. ඔවුන් තමන්ගේ මානසික අතතියෙන් මිදීමට විවිධ ක්‍රම අනුගමනය කරනවා. ඉන් එක් ක්‍රමයක්...
Plastic බෝතල්වල යට පැත්තෙ Recycle සලකුණ එක්ක සඳහන් කරපු අංක සටහන් කරල තියෙනවා ඔයාලා දැකලා ඇති. අංක 1 ඉඳල 7 දක්වා අංක මේ විදියට අංක සටහන් කරලා තියෙනවා ඔයාලට දකින්න පුලුවන්. මේකට ඉංග්‍රීසියෙන් කියන්නෙ Resin Identification Code එහෙම නැත්තම් RIC කියලා. මේ RIC කේතයෙන් කියන්නෙ අපි පාවිච්චි කරන මේ ප්ලාස්ටික් සහ පොලිතින් කොතරම් දුරට ප්‍රතිචක්‍රිකරණය කරන්න පුලුවන්ද කියන එක...
දවසක වෙහෙස මහන්සිය අවසානයේ සුව නින්දක් ලැබීම අපි කාගෙත් බලාපොරොත්තුවනේ.  නින්දෙදි අපේ ශරීරය විවේක ගැනීම, යථා තත්වයට පත්වීම සහ අලුත්වැඩියාවට ලක්වීම සිදුවීම නිසා ශරීරයේ දීර්ඝකාලීන යහපැවැත්ම පවත්වාගෙන යාම උදෙසා සුවපහසු නින්දක් අනිවාර්‍යයි,  නමුත්, ඔබ නිදාගන්නේ නිදාගැනීමට සුදුසු ස්ථානයක හෝ ඉරියව්වක නෙමෙයි නම්, නින්දෙන් පසු ඔබ බලාපොරොත්තු වන ප්‍රබෝධජනක ආරම්භය වෙනුවට ඔබට...
ඔබ ඔබේ සාමාන්‍ය ජීවන රටාවේ නිරත වූවත්  ඔබට වැඩි වෙහෙසකර බවක් දැනෙනවද ? ඔබට තවත් ශක්තිය උවමනා බව දැනෙනවද ? විවිධ තත්ත්වයන් නිසා මේ අධික වෙහෙසකර බව ඔබට නිතරම දැනෙන්නට පුළුවන්. එය වළක්වා ගෙන ඔබෙන් ගිලිහී ගිය ශක්තිය නැවත ලබා ගන්නේ කොහොමද ? ඒ ගැන අපි මේ ලිපියෙන් කතා...
ඔබ ඔබේ උදෑසන කාලය ප්‍රීතියෙන් ගත කරනවා කියන්නේ ඔබට ඔබේ සම්පූර්ණ දවසම ප්‍රබෝධමත්ම ගත කරන්නට පුළුවන් වෙනවා කියන එකයි. ඔබේ උදෑසන කාලය ප්‍රීතිමත්ව ගත කරන්න නම් ඔබට ඒ සඳහා හොඳ පෙර සූදානමක් තියෙන්නට අවශ්‍ය වෙනවා. ඒ ගැනයි මේ ලිපිය සියල්ල ලැයිස්තුගත කරන්න  උදෑසන කාලය කියන්නේ තරමක් කලබලකාරී වේලාවක්. ඒ නිසා ඔබට...
ජීවිතය කියන්නෙ හැම පුද්ගලයෙකුටම විශිෂ්ට අත්දැකීම් පිරී තිබෙන, අභියෝග සහ සතුට සමඟ ගෙවෙන අතිශය සංකීර්ණ ගමනක් කියන එක අපි හැමෝම දන්නවා.  අපිට අවශ්‍ය ජීවිතය නිර්මාණය කිරීම කියන්නෙ අපේ බලාපොරොත්තු, සිහිනයන් සහ අභිලාෂයන් පසුපස හඹා යාමත් ඒවා සැබෑවක් කිරීමට නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීමත් කියල සරලවම කියන්න පුලුවන්.  මේ ගමනට දෘඪ අරමුණු, ක්‍රමවත් සැලසුම් සහ නිහතමානී කාර්ය...
එක දිගටම වැඩ කරන එක කාලයක් යද්දි එපා වෙන්න පුලුවන් කියන එක අහන්න දෙයක් නෙවෙයි. ඒක ඕනම කෙනෙක්ට වෙන්න පුලුවන් දෙයක්. ඕනවට වඩා වැඩ වැඩි උනාමත් අපිට වැඩ එපා වෙනව සහ අපි කම්මැලි වෙනවා. ඒ වගේම ඕනවට වඩා වැඩ වැඩියි කියන හැඟීම හිතට ඇතුලු උනාම අපි ආතතියට පත්වෙන්න තියෙන...
කම්මැලිකම කියන්නෙ මහ හෙණයක් බව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැනෙ.කම්මැලිකම ජීවිතයට ආවොත් අපිට වැඩකරගන්න අමාරුවෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. වැස්ස දවසක උදේට ඇඳෙන් නැගිටින්න වගේ කම්මැලිකම් තියෙන එක නම් සාමාන්‍ය දෙයක් උනත් ඕනවට වඩා කම්මැලිවෙන එක නම් නතර කරගත්තෙ නැතොත් ජීවිතයට  ඉස්සරහට යන්න අමාරු බව අපි දන්නවා. ඉතින්...
මුකුත්ම කරගන්න බෑ කියලා හිතලා අවුලෙන්ද ඉන්නෙ? ඒ ගැන ඔබට දුකක් දැනෙනවද? ගොඩක් අයට සමහර වෙලාවට එහෙම හිතෙනවා. ඒ නිසා මෙහෙම හිතන්නෙ ඔයාට විතරක් නෙවෙයි කියලා හිතලා සන්තෝස වෙන්න. ඔයා වගේම හිතන තව අය ඕන තරම් ඉන්නවා. හැබැයි මෙහෙම හිතෙන තැනක ඔයා වඩා හොඳ හැඟීමක් ඇති කරන්න වගේම ඔයාට බොහෝ...
කෘතඥතාව යනු ඔබේ යහපැවැත්ම සහ සතුට සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ හැකි බලවත් චිත්තවේගයක්.  ඔබට නොමැති දේට වඩා ඔබ සතුව ඇති දේ කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔබට ජීවිතය පිළිබඳ වඩාත් ධනාත්මක දෘෂ්ටියක් වර්ධනය කර ගත හැකියි.  දිනපතා කෘතඥතාව පුහුණු කිරීම සඳහා වැඩි කාලයක් හෝ වෑයමක් අවශ්‍ය නොවන නමුත් එයින් ලැබෙන ප්‍රතිලාභ ඉතාම...