Tag: Not Without You

කල්පනී මැදගෙදර ඒකනං මං කොහොමවත් බලාපොරොත්තු නොවුණ හමුවීමක්. ටිකක් මහත් වෙලා පරිණත පෙනුමකුත් පොහොසත් පෙනුමකුත් ඇවිත් තිබුණට ඒ දුලාජ්මයි කියල අඳුරගන්කොට මට හිතාගන්න බැරි වුණා. ආයෙ කවමදාකවත් එයාව මට මුණගැහෙයි කියල මං හිතාගෙන හිටියෙ නෑ. කොළඹට ආවට පස්සෙ වුණත්, දුලාජ් ඉන්නව ඇත්තෙ කොළඹනෙ කියල හිතිල නෑ. මේ මුළු රටත් කඳුළු...
ආදිල් මන්රූ රත්නායක නින්දෙන් මුලින් ම මට ඇහුණෙ මුමුණන කටහඬවල්  ටිකක්. ඒ අතරෙ සකීගෙ හඬත් තියෙන බව අඳුරගන්න මට බැරි වුණෙ නෑ. මං කන් දෙන්න උත්සාහ කළෙත් නෑ මේ ගෙදර එයාගෙ හඬ ඇහෙන එකේ අරුමයක් නැති නිසා. ආයෙමත් නිදිමතට ඇස් දෙක බර වෙනකොට ඇහුණෙ සකී ගෙ කා එක පිටත් වෙන...
කල්පනී මැදගෙදර ඔෆිස් එකේ ඉඳල බෝඩිමට ආවට පස්සෙ වුණත් මට ඒ කෝල් එක අමතක කරන්න පුළුවන් වුණෙ නෑ.  මගෙ බඩේ බෝම්බයක් බැඳල තියනව වගේ මං පුදුම ගැස්මකින්, කම්පනේකින් හිටියෙ. ඒ ඇයි කියල හරියට ම මට තේරුණෙත් නෑ. බඩ ඇතුළෙ දැවිල්ලක්, ගින්දරක් වගේ දෙයක් ඇවිළුණා. බෝඩිමට ආපු ගමන්  මං කළේ ආදිල් ට...
කල්පනී මැදගෙදර මට දැනුණෙ කුරිරු සතුටක්. ඇත්තට ම මට ඕන වුණේ ආදිල් ට රිද්දන්න නෙවෙයි. සකී කියන අර කෙල්ලට රිද්දන්න. ඒ කෙල්ල එදා මං ගහන්න හදද්දි ආදිල් ට තුරුල් වුණ හැටි වගේ ම ආදිල් ඒකිව මගෙන් රැකගත්ත හැටිත් අමතක කරන්න බැරි චිත්‍රයක් වගේ මගෙ හිතේ ඇඳිල තිබුණ. අනිත් එක මං...
"මාව විශ්වාස කරන්න කියල මං ඔයාට කියන්නෑ සකී. හැබැයි මේක බොරුවක්. මං කියන්න දන්නෙ එච්චරයි" මගේ අත තදින් අල්වාගෙන ආදිල් එසේ මිමිණුවේ ය. ඔහු ගේ ඇස් වල වේදනාවක් විය. ඒ නිවැරදිකරුවෙකු වැරදිකරුවෙකු වීමේදී ඇති වන්නා වූ වේදනාව යයි මම සිතමි. ඔහු ගේ මුහුණේ මාංශ පේශියක් ගැස්සී වෙව්ලා ගියේ ය. දැන්...
ආදිල් මන්රූ රත්නායක ඒක පුදුම වේදනාවක්. කල්පනී සකී ට අත උස්සපු එක වගේ ම කල්පනී ඉස්සරහ සකීගෙ පැත්ත ගන්න වුණ එකත් මට මාර අසීරුවක් දැනෙව්ව. කිසි ම පිරිමියෙක් ඒ විදිහට ගෑනු දෙන්නෙක් අතරට මැදි වෙන්න ඕන නෑ. සකී කියන්නෙ දැන් මගෙ ජීවිතේ එක ම අරමුණ. කල්පනී කෙනෙක් තුන් හිතකවත් නෑ...
කල්පනී මැදගෙදර ආදිල් නුවර ගිහිං කියල මං දැනගත්තෙ උදේ ඔෆිස් එකේ වැඩකට දෙහිවල ට ගිය ගමන් 'හෙවන්ලි ඉන්ටීරියර්ස්' වලට ගොඩවුණාම. වැඩ කරන ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි රිසෙප්ශන් ඩෙස්ක් එක ළඟ ඉඳං කියෝ කියෝ ඉඳල මාව දැක්කහම අමුතු විදිහකට බැලුව කියලයි මට දැනුණෙ. උංව ගණං ගන්නැතුව ස්ටෙයාකේස් එක පැත්තට යනකොට "ආදිල්...
ආදිල් මන්රූ රත්නායක කොළඹින් ටික ටික ඈත් වෙලා නුවරට ලං වෙද්දි මට දැනුණෙ මාව එහෙම පිටින් ම කැඩිල බිඳිල ගිහිල්ල වගෙයි. ඒ විසිරුණ කොටස් එකතු කරල ආයෙමත් මාව ගොඩනැගුවොත් මං නුවරට අයිති මනුස්යෙක් ද නැත්තං කොළඹට අයිති මනුස්සයෙක් ද කියල වෙන් කරල අඳුරගන්න බැරි  තරමයි. ඒක හරියට නිකං වානරයගෙන් වාමනය...
ආදිල් නැතිව ගෙදර පාළුවට ගියේ ය. ඔහු නික්ම ගොස් හෝරාවක් දෙකක් ඉක්ම යන විට ම ඒ පාළුව මූසල නිස්සාර බවක් ව හාත්පස පැතිරී යමින් තිබිණ. වෙනදාටත් ඔහු උදයේ ගෙදරින් නික්ම යයි. නමුත් එතකොට දිවා භෝජනය වෙනුවෙන් යළිත් පැමිණෙන බවට බලාපොරොත්තුව ඉතිරි වී තියේ. හෝරා ගෙවෙන්නේ අලුතෙන් ඔහු පිළිගැනීම වෙනුවෙනි....
රාත්‍රියත් දහවලත් අතරේ පැහැදිලි රේඛාවකින් වෙන් කළ හැකි වෙනසක් වන්නේ ය. ඒ වෙනස ආලෝකයට හා අඳුරට පමණක් අදාල වූවක් නොවේ. දහවලට වන්නේ එක ලෝකයකි. රාත්‍රියට තව ලෝකයකි. රාත්‍රිය සෞම්‍ය ය. සිහිලැල් ය. සුළඟ පවා සරාගික ය. මල් පිපෙන්නේ සඳ එළියට හා තරු කැල්මට පෙමිනි. හිරු එළියේ පිපෙන මල් වලට...