Tag: Not Without You

ආදිල් මන්රූ රත්නායක කොළඹින් ටික ටික ඈත් වෙලා නුවරට ලං වෙද්දි මට දැනුණෙ මාව එහෙම පිටින් ම කැඩිල බිඳිල ගිහිල්ල වගෙයි. ඒ විසිරුණ කොටස් එකතු කරල ආයෙමත් මාව ගොඩනැගුවොත් මං නුවරට අයිති මනුස්යෙක් ද නැත්තං කොළඹට අයිති මනුස්සයෙක් ද කියල වෙන් කරල අඳුරගන්න බැරි  තරමයි. ඒක හරියට නිකං වානරයගෙන් වාමනය...

Not Without You – 36

0
ආදිල් නැතිව ගෙදර පාළුවට ගියේ ය. ඔහු නික්ම ගොස් හෝරාවක් දෙකක් ඉක්ම යන විට ම ඒ පාළුව මූසල නිස්සාර බවක් ව හාත්පස පැතිරී යමින් තිබිණ. වෙනදාටත් ඔහු උදයේ ගෙදරින් නික්ම යයි. නමුත් එතකොට දිවා භෝජනය වෙනුවෙන් යළිත් පැමිණෙන බවට බලාපොරොත්තුව ඉතිරි වී තියේ. හෝරා ගෙවෙන්නේ අලුතෙන් ඔහු පිළිගැනීම වෙනුවෙනි....

Not Without You – 35

0
රාත්‍රියත් දහවලත් අතරේ පැහැදිලි රේඛාවකින් වෙන් කළ හැකි වෙනසක් වන්නේ ය. ඒ වෙනස ආලෝකයට හා අඳුරට පමණක් අදාල වූවක් නොවේ. දහවලට වන්නේ එක ලෝකයකි. රාත්‍රියට තව ලෝකයකි. රාත්‍රිය සෞම්‍ය ය. සිහිලැල් ය. සුළඟ පවා සරාගික ය. මල් පිපෙන්නේ සඳ එළියට හා තරු කැල්මට පෙමිනි. හිරු එළියේ පිපෙන මල් වලට...

Not Without You – 34

0
සකී ආන්‍යා තඹරවිලජීවිත වලට එක එක ඍතු උදා වේ. මල් නගන වසන්තයන් ද පත් සිඳෙන ශරදයන් ද ඒ අතරේ විය හැක. නමුත් අභාග්‍ය නම් මල් නො පිපෙනු පමණකුදු නොව පත් ද සිඳෙනා වසන්තයන් ද උදා විය හැකි වීමයි. මගේ ජීවන වසන්තයෙහි ද පසුගිය වසර ගණනාව මල් නොපිපි පත් සිඳුණු...

Not Without You – 33

0
සකී ආන්‍යා තඹරවිලසෙනසුරාදා අපේ ගෙදරදී හමු වන්නට මගේ මිතුරියන් දෙදෙන විසින් යොදා ගන්නා ලද්දේ ආච්චා අසනීප නිසා ය. ආච්චාව බැලීම එක හේතුවකි. සාමාන්‍යයෙන් වෙනදාට අප පිටත දී හමු වන්නට සති අන්තය යොදා ගත්තා ට මෙවර මට ආච්චා නිසා පිටතට යා නො හැකි වීම අනිත් හේතුවයි. පිටත වුවත් අපේ ගෙදර...
ආදිල් මන්රූ රත්නායක සකී ට ඒ වෙලාවෙ අවංක වෙන එක කරන්න ම ඕන දෙයක් කියලයි මං හිතුවෙ. අඩු ගානෙ එතකොට එයා තනි නෑ කියන හැඟීම එයාට දැනෙයි. අනික මං මේ වෙද්දි හොඳට ම දැනං හිටිය එයාගෙ හිතේ පිරිච්ච ආදරයක් තියනව කියල. කෙල්ලෙක් විදිහට ඉස්සර වෙන්න එයාට බැරුව ඇති. පිරිමියෙක් විදිහට...
ආච්චා මීට පෙර ද ගිලන් වූ අවස්ථා තිබේ. එහැම වරෙක ම ඇය ඉක්මනින් සුවපත් වූවා ය. නමුත් අද ඇගේ පෙනුම ඒ කිසිදු වතාවකට වඩා වෙනස් ය. පළමු මොහොතේ ම ඒ පෙනුම දුටු මා තුළ මහත් භීතියක් ඇති විය. නමුත් තනි ගැහැනියකට බිය, සංවේගය වැනි මානව හැඟීම් ප්‍රසිද්ධියේ පෙන්විය හැකි...
දෙව්නි සම්බන්ධයෙන් සචින් අයියා දැඩි තීරණයක් ගෙන තිබිණ. ඔහු මුලින් ම සිදු කොට ඇත්තේ දුරකතන ඇමතුමක් දී ඇය ගේ දෙමව්පියන්ව ද වැඩිමහල් සහෝදරයාව ද දෙව්නි ගේ තත්වය පිළිබඳව දැනුවත් කිරීමයි. ඉන්පසු ඔවුන්ව සිය නිවසට ගෙන්වාගෙන දෙව්නි ද ඉදිරියේ සියල්ල පාපොච්චාරණය කර තිබේ. මේ තත්වය යටතේ මේ ආකාරයෙන් දිගට ම...
කල්පනී මැදගෙදර "මං කැමති කෙනෙක් ඉන්නව" කියල ආදිල් මගෙ මූණට ම කියපු වෙලාවෙ දෙයියනේ මං ඇතුළතින් ගැස්සුණ තරමක්. ඒක ක්ෂණික ආත්ම අනුකම්පාවක්. නමුත් ඒ ආත්මානුකම්පාව යට කරගෙන ඊළඟට නැගී හිටියෙ පුදුම කේන්තියක්. මේසෙ උඩ තිබුණ හැම දේම අරං ආදිල් ගෙ මූණට දමල ගහන්න තරං කේන්තියක්. ආදිල් ව මුණගැහුනට පස්සෙ මට දැනුණ...
ඒ වෙලාවට පන්සලේ ඒ හැටි සෙනඟක් නැත. බෝ මළුවෙහි හිඳ සිටිනුයේ ද අහම්බෙන් තැනෙක කෙනෙකි, දෙ දෙනෙකි. එබැවින් අප දෙස බලන්නට හෝ අප ගැන හිතන්නට කවුරුන්වත් නැත. එය මගේ හිතට සහනයක් විය. අනිත් අතට "කවුරු බැලුවත් මොකද" කියා හිතන්නට තරමින් මම මුරණ්ඩු වී ද සිටියෙමි. ආදිල් බෝධියේ ඉහළ අතුපතර දෙස...