Tag: short story

“මයි බෝයිස් ෆස්ට් බර්ත් ඩේ” අනුරාධා ෆේස් බුක් දාලා තිබුණ පෝස්ට් එක දිහා බලල හිතන්න දහසක් දේවල් සචිනිට තිබුනා. අනුරාධායි සචිනියි එකම ඉස්කෝලෙ. සචිනි බැඳපු අවුරුද්දෙම තමයි අනුරාධාත් බැන්දෙ. දෙන්නම බැඳල දැන් අවුරුදු දෙකක්. සචිනි තාම පී එච් ඩී එකයි රස්සාවෙ ප්‍රමෝශන් එක්කයි හැප්පි හැප්පි ඉස්සරහට යද්දි අනුරාධාට ලස්සන පුංචි පුතෙක්...
කවින්දි ප්‍රෙග්නන්ට් උනේ කසාද බැඳල අවුරුදු දෙකක් ගියාට පස්සෙ. ඒ වෙද්දි කවින්දිගෙ නංගි වෙච්ච අරවින්දිත් කසාද බැඳල අවුරුද්දක් වගේ. පවුලෙ පලවෙනි දරුවා නිසා කවින්දිගෙ පවුලෙ අය වගේම, කවින්දිගෙ හස්බන්ඩ් තේනුකගෙ ගෙදර අයත් හිටියෙ හරිම සන්තෝසෙන්. කවින්දිගෙ අම්මා භානු කවින්දි ප්‍රෙග්නන්ට් කියල දැනගත්ත දවසෙ ඉඳල හිත හිත හිටියෙ කවද්ද බත් මුලක්...
මල්ෂා කෝපය දරාගන්න බැරි නිසාම  නාන කාමරේට වෙලා පැය භාගෙකට වැඩිය හිටියා. එලියට ආවත් සමන්ට මුහුණ දෙන්නේ නැතුව ඉන්න උත්සාහ කලා. ඒත් හිතේ කෝපය යටපත් කරගෙන ඉන්න පුලුවන් වුනේ නැහැ. කුස්සියේ බඩු සද්දේට එහෙ මෙහෙ වෙනවා ඇහුණා. සමන් ඒ හඬවල් උවමනාවෙන් අහගෙන හිටියා. මල්ශාගේ මේ කෝපයට හේතුවක් හිතාගන්නවත් සමන්ට...
ඉස්කෝලේ කෑම ටෙන්ඩරේ  පාස් වුනාට පස්සේ දුලානි ගෙදර ආවේ රටක් රාජ්ජයක් ලැබිලා වගේ. මේ ගැන කපිලටත් කියලා සතුට බෙදා ගන්නකල් දුලානිට ඉවසිල්ලක් තිබුනේ නැහැ. ගෙදරම පිටිපස්සේ හදාගෙන යන කොරටුව, කුකුල් පාලනය වගේම මී ගව පාලනය නිසා මේ ටෙන්ඩර් එකෙන් තමන්ට ඔලුව උස්සන්න පුලුවන් බව දුලානි දන්නවා. ඒත් මේ ගැන කපිලට...
මයුමි බසයෙන් බැස්සාය. මාතර මුහුදු තීරය තෙක් ඇවිද ගියාය. සවස පහට ආසන්න නිසා වෙරල තීරය යම් කාර්‍යබහුල කමකින් පිරෙමින් පවතියි. එහෙත් ඇයට  එහි වගක් වූයේ නැත.  වෙරලේ සිසිලස නොදැනෙන තරමේ දැවීමක් ඇය තුල ඇත. වසරක් තිස්සේ තමාට පෙම් කරන බව අඟවමින්, දනවමින් උන් තිසර අද දිනයේ දකින්නට වූ ආකාරය...
ඕෂධී ලංකාවට ආවේ අවුරුදු හයකින්. අවුරුදු විසි පහේදී ජීවිතේ  හැමදේම නැති කරගෙන, ඩුබායි  රටට පියාබපු ඕෂධී ඊයේ ලංකාවට ආවේ ජීවිතේ බලාපොරොත්තු වුනාටත් වඩා දේවල් දිනාගෙන.  ඒ හින්දාම අවුරුදු හයකින් මේ ලංකාවට ආව ගමන ගැන ඕෂධීට දැනෙන්නේ සතුටකට එහා ගියපු ආඩම්බරයක් සහ සැනසීමක්. ඕෂධීගේ අම්මයි, තාත්තයි, මල්ලියි ගුවන්තොටුපලට ඇවිල්ලා හිටියා. තමන්...
ඔෆිස් එකෙන් ඇනුවල් ලීව් ගත්ත මටයි රොෂාන්ටයි දවස් දාහතරක නිවාඩුවක් හම්බුණා. ලියන කරන වැඩ එහෙම නිදහසේ කරගන්න කියල හිතලා අපි දෙන්න ගියේ ආණමඩුව පැත්තෙ පරිසරයට ලංවෙන්න හදපු Eco Friendly හෝටලේකට. උදෙන්ම ගෙදරින් පිටවෙච්ච අපි දො එහෙට යද්දි උදේ එකොලහ විතර උනා. සුපුරුදු විදියට ගෙදරින් පිටත් වෙද්දි ගා් ඉන්න අම්මට කෝල් කරපු මම...
“මේ බලන්නකො ප්‍රාර්තනා ආයෙ මැරි කරන්න යනවලු” රිද්මි එහෙම කිව්වෙ ෆෝන් එකෙන් කාගෙහරි වෙඩින් එකක ප්‍රී ශූට් එකක ෆොටෝස් බලන ගමන් කියල චේතනා දැක්කා. ඒ වුණාට ඔය කියන ප්‍රාර්තනා කවුද කියන එකවත්, ආයෙ බඳිනව කියන කතාව ඔච්චර සමච්චලෙන් කියන්න දෙයක් වුනේ ඇයි කියන එකවත් චේතනාට හිතාගන්න බෑ. “කවුද අනේ ප්‍රාර්තනා කියන්නෙ?”...
ඇය මම නිතර දෙවේලේ දකින කාන්තාවකි. සෑම සතියේ දිනකම පාහේ උදෑසන පහ හමාරේ කොළඹ 07 බසය එනතෙක් ඇය ගිරිඋල්ල බස් නැවතුමේ රැඳී සිටින අතර අසල ලැඟුම් ගෙන සිටින පරවියන්ට ආහාර ද දමයි. පුදුමය නම් ඇය අසල නිතරම පරවියන් රැඳී සිටීමය. සෑම දිනම මම රාත්‍රී වැඩමුරය අහවර වී බසයෙන් බසින...
“අද දින මේ අපේ පාසලට වසර ගණනාවක් පුරාවට තිබූ අඩුපාඩුවක් මගහරවාලමින් මේ කුසලන්ති ගුණවීර මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් පිරි නැමුණ පුස්තකාලය අපේ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට භාර දෙන පිණිස පීත්ත පටිය කපන්න මම ගෞරවයෙන් ආරාධනා කරනව අපේ කුසලන්ති ගුණවීර මැතිණියට” විදුහල්පති තුමාගේ කතාවෙන් පස්සෙ කතාව පවත්වන්න තිබුනෙ හීන්කෙන්ද ගමේ ග්‍රාම සේවක මහත්තයට....