Tag: short story
කලු කෙල්ලක්ට ජීවිතේ මේ තරම් අමාරු වෙන්න පුලුවන්ද කියලා සහස්‍රා කල්පනා කලේ ගාලු කොටුවේ ඇවිදින ගමන්. තමන් ගැන සහස්‍රාට දැනෙන්නේ කලකිරීමක්. තරහක්. ඒත් අම්මටයි, අප්පච්චිටයි මේ හිතේ තියෙන දුක කියන්න සහස්‍රාට හිතෙන්නේ නැහැ. ඒකෙන් අම්මලාත් අසීමාන්තිකව හිත් රිදවගන්න බව සහස්‍රා දන්නවා. ඒ හින්දා දුක දරාගන්නම බැරි වුන දවසට සහස්‍රා...
“කොළඹ රස්සාවල් වලට යනවා කියන්නෙ ඉතින් මොනවා කරන්න යනවද කියල අපි දන්නෙ නෑ කියලද හිතාගෙන ඉන්නේ?
ඔය කොළඹ බෝඩිං වෙලා රස්සාවලට යන කෙල්ලන්ට අන්තිමේ වෙන්නෙ තාත්තල නැති දරුවො එක්ක බඩ වෙන්න තමයි” කියලා නදුනි කොළඹ රස්සාවකට යන්න ලෑස්ති වෙයිද කතා කිව්වෙ නැන්දලා. නැන්දගෙ පොඩි දූගෙ වයසෙ තමයි නදුනි. දෙන්නා ඒ...
“මං කවදාහරි දේශපාලනයට එනවා” කියල මහේශ් කියද්දි අමන්දලා උන්නෙ ඒලෙවල් පංතිවල. අමන්දායි මහේශුයි යාලු උනෙත් ඒලෙවල් පංතිවල ක්ලාස් එහෙම යන්න පටන් ගත්තයින් පස්සෙ. මහේශ් කියන්නෙ හරියට තමන් ගැන හිතාගෙන ඉන්න කෙනෙක් බව තේරෙද්දිත් අමන්දායි මහේශුයි යාලුවෙලා මහ කාලයක් නැතුවට මොකෝ අමන්දාට කොන්ද පණ තිබ්බෙ නෑ “අපි දෙන්නා ගැලපෙන්නෙ නෑ”...
“ඕකි කළින් කසාදෙ ළමයයි, මිනිහයි දාලා ඇවිල්ලා තමයි මේ මිනිහව බැන්දෙ”
“නිළියො ඉතින් කොහොමත් වනචරයිනෙ”
“පව් අර අහිංසක ළමයයි මිනිහයි”
“ඒ කසාදෙ කැඩුණෙ මේ සම්බන්ධෙ හන්දලු”
“අන්තිමේ මේ ගෑණු හන්දා දුක් විඳින්නෙ අහිංසක දරුවො”
උත්තරා මුහුණු පොතේ පළවුණු තමන්ගේ මංගල ජායාරූපය යටින් වැටුණු හිත රිද්දන කමෙන්ට්ස් දිහා බලාගෙන හිටියෙ ඇස් වලින් කඳුලු වක්කර වක්කර.
මේ...
නිහංසා ගොඩක් වෙලාවට හිටියේ හිටියේ මූණ නරක් කරගෙන. ඒකට හේතුව තමයි තිමාල් ඇයව ගණනකට නොගන්නා බව ඇයට දැනෙන එක. විවාහ වෙලා එක ගෙදරක ජීවත් වෙන්න ගත්තාට පස්සේ නිහංසාට තිමාල්ගේ මේ වෙනස්කම් ඉතාම තදට දැනෙන්න ගත්තා. ඒ හින්දාම නිහංසා ඉඩක් ලැබෙන හැම වෙලාවේම ඒ වෙනස්කම් ගැන කියලා තිමාල්ට නෝක්කාඩු කිව්වා....
“ඒ මිනිස්සු හදන්නෙ ගෙයක්ද මාළිගාවක්ද මන්දා?”
උත්තරා එහෙම කිව්වෙ තමන්ගෙ ගේ ඉස්සරහ පොඩි කඳු ගැටේ මුදුනෙම වගේ හදාගෙන යන අලුත් ගෙදර දිහා බලාගෙන. සාමාන්‍යයෙන් කන්දක් උඩ ගෙයක් හදද්දි තැනිතලා බිමක වගේ උසම උස තට්ටු ගණන් ගෙවල් හැදිලි කෙරෙනවා අඩු වුණත් මේ ගේ නම් හැදෙන්නෙ ඒ තාලෙට නෙවෙයි කියලා දකින ඕනම...
“මම හිතන්නෙ අපි දෙන්නා ගැලපෙන්නෙ නෑ. අපි දෙන්නට යාලුවෙලා මෙහෙම ගෙවල් දෙකක ඉන්න කාලෙත් එකට ඉන්න අමාරු නම්, පොඩි දේටත් රණ්ඩු වෙනවනම් ඔයා හිතන්නෙ කසාද බැඳල එකට ඉන්න පුලුවන් වෙයි කියලද?
පොඩි දේටත් ඔයා කරන්නෙ ෆෝන් එක ඕෆ් කරගෙන කතා නොකර ඉන්න එක දවස් ගණන්. රිලේශන්ශිප් එකක් ඒ විදියට මේන්ටේන්...
“සමහර ගෑණු ඉන්නවා තමන් කසාද බැඳං ඉන්නෙ, තමන්ට එහා පැත්තෙ බුදියගන්නෙ ලෝකෙ හොඳම මනුස්සය වුණත්, ඇස් අස්සෙ මායාවල් හංගන් ඉන්න වෙන පුරුසයෙක් දැක්කම ඒ ඇත්තා තමන්ගෙ කසාද පුරුසයට වඩා හොඳයි කියලා රැවටෙනවා.කෝමත් සමහර ගෑණු ළඟ තියෙන මැණිකට වඩා, ඈතින් තියෙන වීදුරු කෑල්ලට අව්ව වැටුණම දිළිහෙද්දි රැවටෙනවා!”
ඒ කතා පොත කියවල ඉවර කරලා ඇඳ...
සාරදා ගෙදර ආවේ පුපුර පුපුරා.
" වලවුවේ කුණු හෝදපු ගෑණිගේ කොල්ලා අපේ ඔෆිස් එකේ ලොක්කා වෙලා එනවලු අම්මේ.. ඔය මිනිහා මට පේන්න බෑ.. ආවොත් එහෙම ඒ පැත්ත පලාතේ මම හොඳ පාඩමක් උගන්නලා යවන්නේ..අපෙන් පිනට කකා ජීවත් වෙලා දැන් එනවා මෙතන ........"
සාරදාගේ කෝපය එහෙම පිට පනිනකොට වලවුවේ මැණිකේ වුන සාරදාගේ අම්මා...
“තිහස් රණතුංග”
ඉන්ස්ටග්‍රෑම් එකේ ඒ නම සර්ච් කරාට පස්සෙ ආව පලවෙනි අකවුන්ට් එක ඇතුලට ගිහිල්ල පින්තූරවල සටහන් වෙලා තිබ්බ තිහස් ගෙ ලස්සන, උත්තුංග දේහදාරී කඩවසම් ශරීරය දිහා බලාගෙන හිතන්න, හීන මවන්න කොච්චර නම් දේවල් මන්දානාට තිබ්බා.
මන්දානාට තිහස්ව හම්බුනේ ප්ලෑන් කරල උනත් අහම්බෙන් වගේ කිව්වොත් තමයි හරි. මන්දානා වැඩ කරේ ඇඩ්වටයිසින්...