Tag: Vintage eyes
දරු ගැබ මෝරා වැඩෙමින් නංගී ගේ ගර්භණී බවෙහි හැඩ තල කැපී පෙනෙන්නට ගත්තේ ය. ඇගේ කුස ඉදිරියට නෙරා ආවේ ය. දෙකොපුල් ද පයෝධර ද පිරී ඇස් පියන් තඩිස්සි වී සිරුර පුෂ්ඨිමත් වෙමින් තිබිණ. ගමන් ලතාව තාර ගමනකට සමාන විය. අපේ ගෙදරට ගෙනැවිත් තිබූ සිය පරණ ඇඳුම් අඳින්නට පහසු වූයේ...
ජීවිතය කියන්නේ ජීවත් වෙන්නට ආශා හිතෙනා මොහොතවල් කෝටි ගණනක් විය යුතු යයි විහාර වරෙක කීවේ ය. එසේ නම් මේ රාත්‍රිය ද මට එවැන්නකි. අවපසට යන අඩ සඳක් කළුවර අහසේ එල්ලී ගෙන තිබිණ. තැන් තැන් වල තරු කිනිති කෝලිත්තම් පෑවේ ය. අපේ මිදුලේ ඇට්ටේරියා ගහ සුදු රෙද්දක් පෙරවූවා සේ මල්...
ආයෙමත් වසන්තය පායා ඇවිත් තිබිණ. හැම ගහක ම මල් පිපුණේ ය. හැම මලකට ම පැහැයක් තිබුණේ ය. වනස්පති බිංගෙය මත්තෙන් තුරු වියන තව තවත් දලු ලා වැඩිණි. හිතේ කොහේ හෝ ඈතක සංවේගයක සන්තාපයක සෙවනැලි මාත්‍ර සෙලවෙමින් තිබුණා වී ද අපි ඒවා ගැන නො සිතා මේ මොහොත තුළ ජීවිතයේ පරමානන්දය...
වැස්ස මුළුමනින් නතර වී බෝ ගස් හන්දියට අමුතු එළියක් වැටී තිබිණි. කුණු දුහුවිලි සේදී ගොස් ගහ කොළෙහි දීප්තිමත් හරිත වර්ණය ඉස්මතු විය. හිරු පෑයූ බවක් නො පෙනී ද ඒ එළිය නො කියා කීවේ හිරු ළඟ පාතක සිට කොකම් පානා බවකි. සැලකිය යුතු වෙලාවක් වැස්සේ නැහැවෙමින් සිටි නිසා වායු ගෝලය...
මගේ කෑ ගැසීමත් ඉකි ගැසීමත් තුනී වූවාට පස්සේ මට වැස්සේ හඬ ඇසෙන්නට ගති. විශ් යූ හි ඇස්බැස්ටෝස් තහඩු මතට වැහි වැටෙන හඬින් එය කෙතරම් තද වැස්සක් දැයි අනුමාන කළ හැකි විය. ඒ වැහි හඬ අතරින් නෙතු ඔසවා මම විහාර ගේ මුහුණ දෙස බැලුවෙමි. බොඳ කඳුළු ඇස් වලින් මා දුටු...
ඉනික්බිති, නිසංසලේ ගලන ගංගාවක් සේ ජීවිතය හෙමිහිට ගලා බසින්නට ගති. ගල් කුළු මතින් පනිමින් ද රළු කටුක මං පහු කරමින් ද ගලා ආ කෙටි කලකට පසු ගිමන් නිවන්නට ඒ කලබල නැති තැනිතලා ගමන හේතු වාසනා වූයේ ය. නූරි ගේ දික්කසාදය ඉදිරියේ වූ ලොකු ම කම්පාව ඇගේ මව් පියන් ය....
එය වූ කලී අගාධ අඳුරකි. නමුත් මා එහි අනවරත ප්‍රවාහයකට හසුව ගිලී ගියා ම නොවේ. විටෙන් විට මම ගොඩ ආවෙමි. යළි ගිළුණෙමි. හැඬුවෙමි. යළිදු සිනහ වීමි. විහාර වෙනුවෙන් මැරෙන්නට ඕනෑ බව කීවෙමි. ජීවිතය නාමයෙන් උරුම වන්නා වූ සියල්ල කෙරේ උපේක්ෂා සහගත ව, කෙසේ හෝ විඳ දරා අල්ලා ගෙන සිටිත...
මිදුලේ අඹ ගස යට තැන්පත් කොට ඇති පරණ සිමෙන්ති බංකුව මත වූ පොත් ටික උඩට, තද දම් පාට මලක් කැරකී විත් පතිත විය. ඒ මල් පිපෙන්නේ අඹ ගසට නැගී ඇති මල් වැලේ ය. මල් වැල අඹ ගසේ පදාසයක් ම වසා ගෙන ඇති නිසා හොඳින් ගෙඩි හට ගන්නේ නැතැයි අසල්...
නූරි නැති 'විශ්' යූ කෙබඳු ද කියා උපමා කොට දක්වන්නට නො දැන මගේ මුවගට සිනහවක් ආවේ ය!
මා එහි ගියේ විහාර විදෙස් ගත වූවාට පසු දා ය. නූරි ගේ විවාහ උත්සවයේ දෙවන ගමන යෙදී තිබුණේ එදින රාත්‍රියට ය. එසේ තිබියදීත් මා විශ් යූ වෙත ගියේ ගෙදර ම හිටියා නම් මා...
ඇස් නො පෙනෙත්දී වැඩියෙන් පෙනෙනවා කියා ද කන් නෑසෙත්දී වැඩියෙන් ඇහෙනවා කියා ද කතාවක් තිබේ. මුවින් දොඩමළු නොවී සිටින විට වැඩියෙන් දැනෙනවා ය යන්න මම අත්විඳින්නට වීමි. විහාර ප්‍රේමයක් ගැන එකදු වදනකුදු නො දොඩා මගේ ගැහැනු හදවත මත ප්‍රේමය පිළිබඳ දැවැන්ත සිතුවමක් අඳිමින් සිටියේ ය. දැනෙන්නට හැරියා මිස ඔහු...