Vintage eyes

කිරි අම්මාවරුන් ගේ ආශීර්වාදයන් නිමා වූයේ මොහොතකට පෙර ය. ඒ අතරේ සියපත් ව එක තැනක රඳවා ගෙන සිටියේ අසීරුවෙනි. ඔහු දණ ගාමින් අප වෙතින් මිදී ඒ මේ අත යයි. කිරි මව්වරුන් ඉදිරියේ වන පඬරු පාක්කුඩම් වට්ටි පෙට්ටි අදින්නට සැරසෙයි. බුදුන් හා පත්තිනි දෙවියන් වෙනුවෙන් ඉදි කළ පහන්...
අලුත් තැන විශ් යූ ආරම්භ කළාට පස්සේ මුළු ජීවිතය ම හරි හදිස්සියෙන් අලුත් වූවා වාගේ දැනෙන්නට ගති. අපි උදේට විශ් යූ වෙත යන්නෙමු. ඒ යන්නේ අපේ ගෙදරින් අම්මා නංගී හා සියපත් ව ද නූරි ව ද ඔස්ටින් රියෙහි නංවා ගෙන ය. විහාර වෙනුවෙන් ද නූරි හා මා වෙනුවෙන් ද...
විවාහය සිදු වී අදට හරියට ම සතියක් සපිරේ. මම හිමිදිරි පාන්දර අවදි වී කිරි බතක් ළිප තබා පොල් ගාන්නට පටන් ගතිමි. විවාහ ජීවිතයක වගකීම් තවමත් ලොකුවට මගේ හිස මත පැටවී නැති බව මම දනිමි. අඩු තරමින් ගෙදර උයන පිහන වැඩක් හෝ මා කළේ බලයෙන් වාගේ ය. මා කුස්සියට පැමිණිය හොත්...
අපේ විවාහය සිදු වූයේ පානදුර ප්‍රදේශයෙහි වෙරළාසන්න හෝටලයක ය. එහි සාක්ෂිකාරයන් වන්නට නියමිත ව සිටියේ කුඩා පිරිසක් නිසා විහාර කුඩා පිළිගැනීමේ ශාලාවක් තෝරා ගත්තේ ය. විවාහය වෙනුවෙන් උත්සවයක් මට අවශ්‍ය වූයේ ම නැත. එවැන්නක් නිසා අසෙලියා තව දුරටත් මගෙන් දුරස් වේවිද යන බිය මට විය. නමුත් විහාර මගේ අදහසට ඉඩ...
පායන්නට අරන් මාසයක් ඉක්මවූවා පමණක් වන්නට ඇත. නමුත් ගිම්හානයඉතා කටුක වූයේ ය. ගහ කොළ දුහුවිලි පාටට හැරී, පෙත් මග තුරු වියන පවාඝණත්වයෙන් අඩු වන්නට විය. සරත් සමයක් ගැන මතක අවුස්සමින් තුරු පත් කහ,තැඹිලි හෝ ගුරු පැහැයකට හැරී හැලී යමින් තිබිණ. පාර දෙපැත්තේ එක් රැස් වූවියළි තුරු පත් දුහුවිලි සුළඟත්...
නූරි ට සිය මාස කිහිපයක් වයස වූ විවාහයෙන් නීත්‍යානුකූලව වෙන් වීමේ අවසරය ලැබිණ. ඒ වන විට ඇය ඒ තත්වය සඳහා මානසිකව සූදානම් වී සිටිය ද ඇස් වලට කඳුළක් උනනා එක නතර කර ගත හැකි වූයේ නැත. ඒ කඳුළ අතරින් ම ඇය සිනහ වූවා ය. "ඒකත් ඉවරයි ඇති යන්තං" මා බලා සිටියේ...
බිළිඳු පුතු වෙනුවෙන් පුංචි දෙව් ලොවක් සේ අපි කාමරය සරසා ගෙන බලාසිටියෙමු. ලා නිල් පාටින් ඇඳ ඇතිරිලි දමා, තිර රෙදි එල්ලා, පුංචිවට මල් දකුරුල්ලන් ද ටෙඩී බෙයාලා ද මැසූ ලා නිල් කොට්ට උර දමා, පුළුන් කොට්ට යහනාතනා ගෙන සිටියෙමු. අපේ පුතු ඒ යහනේ සතපා සුරංගනාවන් සමග ඔහු හුරතල්පානා හැටි...
උදේ පාන්දර මා නූරි සමගින් රෝහලට යන විටත් නංගී දරුවා ප්‍රසූත කොට සිටියා ය. යහන අද්දර තොටිලි යහන තුළ බිළිඳා සතපවා සිටි අතර නංගී යහන මත පැත්තට හැරී වැතිර සිටියා ය. ඇගේ මුහුණ මත වූයේ දැඩි වෙහෙසක් දැරූ බවට නිහඬව කියා පානා සාක්ෂි ය. මම මෘදු ලෙස ඇගේ අවුල්...
මම තව තවත් සන්සුන් වීමි. මල් වෙඩිලි වාගේ පුපුරා විසිර යන්නට අරාඳින සිතිවිලි එකත්පස් කර ගෙන සන්සුන් වෙනවා කියන්නේ, ප්‍රේමය විෂයේ නම් භාවනානුයෝගී වෙමින් දැහැන් වඩනවා වාගේ දෙයකි. නමුත් මාර්ග ඵල වල අමා රස වළඳන්නට නම් විදසුන් වැඩිය යුතු ම ය. ප්‍රේමය නියමාකාරයෙන් අප වෙත ප්‍රවේශ වන තුරු ඉවසීමෙන්...
ඔස්ටින් රිය නැලැවිල්ලේ හෙමිහිට ඉදිරියට ධාවනය වෙමින් තිබිණ. එය පදවා ගෙන යන විහාර වෛශාක්‍ය අමරසිංහ ගීයක් උරුහම් බෑවේ ය. ඒ ගීතය කුමක් දැයි තාලය අනුව නිගමනයකට එන්නට බැරි තරමට මා හිටියේ සසැලී ය. මේ රියෙහි මීට පෙර මා ඔහුත් එක්ක ගොස් නැතිවා නොවේ. මේ ගැස්ම එහෙම දේකට අදාල වූවක්...