Tag: Vintage eyes
පිරිමියෙකු ගේ ආදරය, කරුණාව, රැකවරණය අහිමි වී තිබි හුදෙකලා ගැහැනුන් දෙදෙනෙකු ගේ ලෝකයට විහාර වෛශාක්‍ය අමරසිංහ ඒ සියල්ලෙහි ප්‍රතිමූර්තියක් සේ කඩා වැදුණා කියා කියන්නට පුළුවන. එදා තේ එකක් බී යන්නට පොල් ගෝනියකුත් උස්සා ගෙන අපේ ගෙදරට ගොඩ වූ ඔහු ට අම්මා තේ එකක් විතරක් බී යන්නට දුන්නේ නැත්තේ ඇය...
ප්‍රථම වතාවට අම්මා ඉදිරියට පිරිමියෙකු සමගින් පැමිණෙන අවස්ථාව ගෑනු ළමයෙකු ගේ දිවියෙහි සුවිශේෂ මොහොතකි. ඊටත් වඩා මෙය පෙර සැලසුම් නො කළ අහඹු අවස්ථාවක් වීම නිසා මම නුහුරු තිගැස්මක් අත් වින්දෙමි. නමුත් ජීවිතයේ හැම ප්‍රථම සිදුවීමකට ම මුහුණ දිය යුතුව තියේ.
"ඔන්න අම්මෙ ශික්ෂාව ගෙදරටම ගෙනත් බැස්සුව"
අම්මා ගේ මුහුණෙහි සිනහවක් විකසිත...
ඒ කුඩා ප්‍රිය සාදය තුළ වූයේ විහාර ගේ මිතුරු මිතුරියන් පමණකි. ඒ සියලු දෙනා දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්‍රයට හා කලා ක්ෂේත්‍රයන් ට අයත් අය ය. ගායක ගායිකාවන් කිහිප දෙනෙකු ද නිරූපන ශිල්පීන් කිහිප දෙනෙකු ද ඒ අතරේ හිඳ මට හැඳින ගත හැකි විය. ඔවුන් හැම කෙනෙකු ම යම් කිසි තැනක...
ප්‍රභාතය උදා වන්නටත් ප්‍රථම මම අවදි වී සිටියෙමි. අරුණෝදයේ ප්‍රථම කුරුලු කූජන ඇහෙත්දී ම මම යහනෙන් බැස්සෙමි. සැබවින් පෙර දා රාත්‍රිය පුරා නො කඩ නින්දක් ලැබුණේ නැති සේ දැනේ. මම පුළුවන් තරම් හොඳ නින්දක් නිදන්නට උත්සාහ කළෙමි. නිදි වැරීම නිසා ඇස් වට අඳුරු වේවියි බියක් මට විය. නමුත් උත්සාහයෙන්...
එය පරණ කඩ කාමරයකි. කුඩා මිදුල දොරකඩ ආප්ප තනනා ආම්පන්න ටිකක් සහිත තට්ටුවක් වේ. ඒ කඩ කාමරයේ කිළිටි බිත්ති වල කපරාදු ගැලවී ගොස් තැන් තැන් වලින් කබොක් ගල් මතු වී පෙනේ. කාලයකට පෙර සිමෙන්ති දමනා ලද බිම පදාස පිටින් සිමෙන්ති ගැලවී යාම නිසා මතු වූ මහ පොළොව ය. දොර...
මධ්‍යාහ්නයේත් අඩ අඳුරක ගිලෙන වනස්පති බිංගෙය තුළ, රෑ හත වන විට තියෙන්නේ තිත්ත කළුවරකි. විහාර ගේ රියෙහි පාකින් ලයිට් නිසා ඒ අඳුර යන්තමට සමහන් වෙමින් තිබිණ. පාර දෙපැත්තේ අක්කර ගණනක් පුරා පැතිරුණ වතු දෙකට අරක් ගත් රෑහියෝ නො නවත්වා එක සීරුවට ඔවුන් ගේ ගායනය කර ගෙන යමින් සිටියහ. කෙනෙකු...
මම මා සනසවා ගතිමි. මගේ හිස පිරිමැද, මගේ කොපුල් පිරිමැද, මගේ සිත පිරිමැද...මම මා සනසවා ගතිමි. මම සිනහ වුණෙමි. කඳුළු තද කර ගනිමින් ද, කඳුළු මිරිකා හරිමින් ද, කඳුළු අතරින් ද මම සිනහ වුණෙමි. අන්තිමට හිත ශක්තිමත් වී තිබිණ. මට අහිමි වූ ආදරය අමතක කොට දමා හෝ මට අහිමි...
"මොනා වුණත් මං ලෙමන්ට කැමතියි"
නූරි ගේ හඬ මට ඇහුණේ සිහිනයකින් සේ ය.
"ආ..."
ඒ සිහිනයේ ම පවතිමින් මම නෙතු විසල් කොට ඇය දෙස බැලුවෙමි.
"එයා දන්නව තමුසෙ එයාට කොච්චර ක්‍රශ්ද කියල. විහාර වෛශාක්යට තිබ්බ ක්‍රශ් එක අමතක කළත්...දැං දැං එතන ක්‍රශ් එකකට එහා ගිය දෙයක් තියනව කියල නොදැනෙන්න එයා බබෙක් නෙවේනෙ. ඒක...
මම ඒ වල් ලූනු මල, හැඩතල සහිත ෆිලොඩෙන්ඩ්‍රන් පත්‍රයක් ද ට්‍රයිඩැක්ස් මල් කිහිපයක් ද, රතු හා සුදු පාට තිත් වැටුණ හබරල පත්‍රයක් ද සමග මුහු කොට අපේ කුඩා මේසය මතට ඉකෙබානා සැරසිල්ලක් කළෙමි. ඒ සැරසිල්ල කරන අතරවාරයේ නූරිත් එක්ක විහාර වෛශාක්යව මගදී හමු වූ විස්තරය රස කරමින් කියවීමි. නූරි...
කළුවර අහසක රිදී රේඛා හෝ දේදුනු වර්ණ සේ විහාර වෛශාක්‍ය අමරසිංහ මසිත් අහසේ වරින් වර ආලෝක සංඥා දල්වා ලූයේ ය. මරණයෙන් යළි මිනිසුන් නැගිටින්නේ නැති වග, වළ දැමීමෙන් පස්සේ කෙනෙකු ගේ අභ්‍යන්තරයේ අවබෝධයක් ඇති වේ. එයින් පසු ක්‍රම ක්‍රමයෙන් යථාවත් විය යුතු වන්නේ ය. යථාවත් වන්නෙමු. මට ද එහෙම...