Tag: තාදී
" තාත්තා කිව්වා ඔයා කවුද ගර්ල් කෙනෙක් එක්ක පොලිසියට ඇවිල්ල හිටියා කියලා. කවුද ධීර ඒ ? "
ධීර ආපසු නිවසට පැමිණෙන විට රූපසිංහ ගින්න පත්තු කර තිබුණි. ගෙට ගොඩවී විනාඩි කිහිපයක් යන්නටත් මත්තෙන් මිෂෙල් ඒ ප්රශ්නය ඇසුවේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳවත් නොසිතා ය
" තාත්තා එච්චරද කිව්වේ ? අපේ තාත්තට වෙලා...
වසන්ත ගජනායක සහ කොස්තා පොලිස් අත්අඩංගුවට පත් වී තිබුණේ දහවල් කාලයේය. හෝටලයට අදාල මල් සැරසිලි කිහිපයක් සමග කල් ඉකුත් වූ බෙහෙත් තොගයක් ප්‍රවාහනය කිරීම නිසා කොස්තා අත්අඩංගුවට පත්වී තිබූ අතර එම ව්‍යාපාරය පවත්වාගෙන යාමේ වරදට වසන්ත ගජනායකව අත්අඩංගුවට පත්වී තිබුණි.
ධීර ට මේ ආරංචිය ලැබුණේ මිෂෙල්ව මඟ හැර තාදී ව...
තාදී ට ඇත්තේ පරාර්ථකාමී හිතකි.ධීර එය තව තවත් පසක් කර ගත්තේ පෙර දින ඇය ගත් පොරොන්දුව නිසාවෙනි.
" මට පොරොන්දු වෙන්න මං හින්දා අම්ම ගෙයි තාත්ත ගෙයි හිත රිද්දන්නෙ නෑ කියලා "
තාදී එය ඇසූ ආකාරයට ධීර ට ඒ පොරොන්දුව නොදී සිටීමට බැරි විය. ඉදිරියට කුමක් වේදැයි සිතා ගත නොහැකි වුවත්...
තාදී ගෝල්ෆේස් වෙත පැමිණියේ බොහෝ කාලයකට පසුව ය. සුපුරුදු පරිදි බැම්ම මත වාඩි වී ඉර බසින අතරේ රන්වන් පැහැ ගැන්වී ඇති මුහුද දෙස බලාගෙන තාදී බොහෝ වේලාවක් ගත කළා ය. දුරකථනය නාද වූයේ ඔය අතර ය.
" ධීර "
" කොහෙද මගේ තාදී ඉන්නේ? "
" ගෝල්ෆේස් එකේ . වෙනදා ඉන්න තැනම...
සෙනසුරාදා දිනය එළඹුණේ වෙනදාටත් වඩා වේගයෙනි. එය ගජනායක නිවසට සුවිශේෂී දිනයක් වූ නිසා අළුයම් කාලයේ සිටම නිවසේ තිබූයේ කලබලකාරී බවකි. උදෑසනම වසන්ත ගේ මවද පැමිණ තිබුණු අතර නිවසේ සේවය සඳහා පුශ්පා සිටියද මහ ගෙදර සේවයේ යෙදෙන සේවිකාවකද ගෙන්වා ගෙන ජයමිණි දවස ආරම්භ කර තිබුණා ය. හෝටලයෙන් ගෙන්වා ගත් කෑම...
තාදි පැපිලියානේ Barista වෙත පැමිණියේ Clothez වෙත යන්නට පෙරාතුවය. ඇය උන්නේ වෙනදාට වඩා පැහැබරවය. පහුගිය වසරේ උපන් දිනයට ඇය විසින්ම මසා ගත් රෝස පැහැ අත් දිග ගවුමෙන් සැරසී තාදී පැමිණියේ අද විශේෂ දිනයක් නිසාය. තමා දැන් පෙම්වතියක් යන හැඟීම ඇගේ සිත ප්‍රබෝධමත් කර තිබුණු අතර ධීර පැමිණෙනවා යැයි කියූ...
" අම්මා කවද හරි මේ වහල යට සතුටින් ඉඳලා තියෙනවද ? "
හවස ධීර ඇසූ පැනයට දෙන්නට පිළිතුරක් ජයමිණි සතුව ඒ මොහොතේ නොවීය. ධීර ඇසු එවදන් නින්දට යන්නට සූදානම් වන විටදී පවා ජයමිණි ගේ හිත තුළ හොල්මන් කරන්නට විය.තමාගේ විවාහ ජීවිතය තුළ ඇත්තටම තමා සතුටින් සිටියාදැයි ජයමිණි කල්පනා කළාය. නිවස...
ධීර නිවසට ආවේ පැතූ ආදරය හිමි වීමේ සතුටිනි. ඒ බව ජයමිණි ද දුටුවේ ධීර ගෙට ගොඩවන විටම ය.
" පුතා "
ජයමිණි පුරුදු සන්සුන් බවින් ධීර ඇමතුවේ කියනා දෙයක් වසන්ත නිවසට පැමිණීමට පෙර කිව යුතු නිසාය.
" අම්මා "
ධීර ජයමිණි ට ඉදිරියෙන් සෝෆාවේ වාඩි වූයේ මේ කතාබහ අනිවාර්යයෙන්ම තාදී ගැන බව දැනගෙනම...
හඬා හෙම්බත් වූ දවසක් අවසානයේ වුවද තාදී උන්නේ සැනසිල්ලේ ය. ඒ සැනසිල්ල රැගෙන ඇය කෙලින්ම ගියේ " සෙවණ " ට ය. ඇයට වුවමනා වූයේ හිතේ වූ සියල්ල නැනෝ අම්මා සමග බෙදා හදා ගැනීමට ය.
" අසනීපෙන්ද නෝනේ ? "
නැනෝ අම්මා තාදීව දුටු දිගසින්ම ඇසුවේ තාදී ගේ මුහුණ හඬා ඉදිමි තිබුණු...
" අඬන්නෙපා මිස් "
තාදී මේසයට හිස තබාගෙන හඬනු දැක ගයාත්‍රීගේ හදවත උණු වූයේ මින් පෙර කිසි දිනක ව්‍යාපාරයේ වූ ගැටලුවකට වත් තාදී මෙලෙස හඬා වැටෙනු දැක නැති නිසාය. තාදී හිස එසවූයේ බොහෝ වේලාවකට පසුව ය. හඬා ඉදිමුණු දෑස් බොහෝ දේ කියා පෑ අතර ගයාත්‍රී මේසය මත වූ තාදීගේ දෑත්...