Tag: මුතු බෙලි හදවත

මුතු බෙලි හදවත
විකුම් ට ඕන වුණේ ආදිත්‍යා සමග රණ්ඩුවක් ඇති කර ගන්නට නොවේ. ඇයට චාටු බස් කියා විවාහ මංගල උත්සවයට යාමට කැමති කරවා ගන්නට ය. නමුත් වෙන කිසි දා ක නොවූ සේ ඕ නො රිස්සුම් බවක් පෙන්වූවා ය. ශිරෝෂි සමගින් ඔහු ව දැකීමෙන් පස්සේ මින්දුල ව අනත් නිවසකට දැමීමට කැමති වීමට...
මුතු බෙලි හදවත
දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත දිව්වා ය. දොරකඩ උන් සේනක හොඳට ම කලබල වූයේ ය.  "ආදිත්‍යා මේ මම...ආදි..." ඇගේ කෑ ගැසිල්ලට සඳසීලී සේ ම විජිනි ද ඇගේ සැමියා වන රංගන ද එතැනට දිවැවිත් තිබිණි. "ඇයි...
මුතු බෙලි හදවත
ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ අතුළාන්තයේ සුළි කුණාටුවක කැළඹීම ඇති වී තිබිණ. එය අභ්‍යන්තර පේෂි, පටක, ඉන්ද්‍රිය සියල්ල අඹරවා ගෙන කරකවා ගෙන යනවා ඇය ට දැනිණ. වෙන දෙයක් වුණාවේ යි සිතා ගෙන...
මුතු බෙලි හදවත
උදේ ම රෙදි හෝදන්නට වෙනදා නො තිබි උනන්දුවක් ආදිත්‍යා ට දැනුණේ ය. පෙර දා ඇය ත් මින්දුලත් ආමන්තා ත් හැඳි ඇඳුම් රෙදි සෝදන යන්ත්‍රයට දැමූ ඕ, සේදුණු පසු ඒවා ගෙන දකුණු පැත්තේ විසල් සඳළුතලාවට ගියා ය. දිවා කාලයේ දී හොඳින් අව්ව වැටෙන තැනක තබා ඇති රෙදි වේලන රාක්කයෙහි ඇඳුම්...
දුමාල් රෑ කෑම සඳහා සුඛොපභෝගී අවන්හලක පවුලේ කාමරයක් වෙන් කරවා ගත්තේ ය. එය මල් වලින් සරසනා ලෙසට ද උපදෙස් දුන්නේ ය. ඒ සඳහා වැය වන මුදල ගැන වගක් නොවන බව ද විශේෂයෙන් ම කීවේ ය. ඒ සියල්ල අවසානයේ ඔහු බැංකුවේ සහකාර කලමණාකාර තැනට හිමි විධායක අසුනේ හරි බරි ගැහී, අත්...
දුමාල් වෙතින් එහෙව් ප්‍රකාශයක් යනු ආමන්තා කිසි සේත් බලාපොරොත්තු වූ දෙයක් නොවේ. ඈ හිතා උන්නේ දුමාල් ඇය ගැන උනන්දුවෙන් පසු වෙතැයි කියා ය. ඔටිසම් රෝගී දරුවෙකු සිටින, විවාහක, පති කුලයෙන් ද පිටමං නොවූ ගැහැනියක කෙරේ දුමාල් ගේ සිතේ ප්‍රේමයක් ඇති වීමේ සම්භාවිතාවක් ගැන ආමන්තා ට නම් කොහෙත් ම සිතා...
මුතු බෙලි හදවත
දුමාල් පැමිණ තිබුණේ මින්දුල ට අලුත් සෙල්ලම් කාර් එකක් ගෙන ය. මින්දුල සාමාන්‍යයෙන් අලුත් සෙල්ලම් බඩු කෙරේ ආකර්ෂණය වන්නේ නැත. ඔහු නිතර තෝරා ගන්නේ එක ම සෙල්ලම් බඩුව ය. මේ වෙලාවේත් මින්දුල ඒ ගැන උනන්දුවක් පෑවේ නැත. එවර දුමාල් එහි රෝද කරකවන්නට පටන් ගත්තේ ය. එතකොට දරුවා කැරකෙන රෝද...
මුතු බෙලි හදවත
"ආදිත්‍යා එයාගෙ ළමය සනීප කර ගන්න ඩොක්ටර්ස්ල කියන විදිහට වැඩ කරන්න වෙනවනෙ. ඒකට සහයෝගය දක්වන එක අනිත් අයගෙ වැඩක්. විකුම් ට වගකීමක් තියනව ආදිත්‍යා ට අවශ්‍ය පහසුකම් සලස්සන්න" සේනක ගේ සත්ව කරුණාව ට හේතුව කුමක් ද කියන එක ආදිත්‍යා නො දන්නවා නොවේ. ඇගේ කට කොනක් සමච්චල් සිනහවකට ඇද වූයේ ඒක...
විවාහක ගැහැනියක ගේ වඩාත් ම හද බිඳවන ඛේදවාචකයක් වනුයේ සිය සැමියාට තවත් පෙම්වතියක, අනියම් බිරිඳක සිටිනවා ය යන්න දැන ගැනීමයි. එය ඈ තුළ දනවන්නේ සිය අභිමානය බිඳ වැටීම පිළිබඳ හැඟීමකි. ප්‍රතික්ෂේප වීම පිළිබඳ හැඟීමකි. හීනමානය පිළිබඳ හැඟීමකි. ආදිත්‍යා ගේ සිත ද මේ සියල් සිතිවිලි වලින් කීතු කීතුවට ඉරී ගොස්...
මුතු බෙලි හදවත
වැස්සක් වහිමින් තිබිණි. ආදිත්‍යා මින්දුල ව වඩා ගෙන සඳැල්ලට වී වැස්ස දෙස බලාන සිටියා ය. දුමාල් ගේ කාමරයේ දොර වැසී තිබුණේ ය. ඔහු උදේ රැකියාවට යනු පිණිස පිය ගැට පෙළ බහිනවා ආදිත්‍යා කාමරයේ වීදුරු ජනේලයෙන් දුටුවා ය. කාර්යාල ඇඳුමට ඔහු බෙහෙවින් කඩවසම් යයි ඇය ට සිතිණි. රැකියාවක් කළා නම් හොඳ...