ගෙදරට කොටු වුණු පොඩිත්තන්ට ක්‍රියාකාරකම්..

නොසිතු වෙලාවක ලැබුනු පාසල් නිවාඩුවත්, වසංගත තත්ත්වයක් ඇති වීම නිසා නිවස ඇතුලට කොටු වුණ දරුවන් ගේ ජීවිතය හැකි පමණින් අර්ථවත් ව වගේම විනෝදයෙන් පිරවීම දෙමාපියන් ලෙස අපගේ යුතුකමක් වගකීමක් බව අමුතුවෙන් කිව යුතු නැහැ .ඉතින් ඒ වගකීම ආදරෙන් ඉටුකිරීමට වෙහෙස වෙන ඔබටයි මේ …

  • අද අපි පුංචි art gallery එකක් හදන්න යනවා .
  • නිවසේ සුදුසු තැනක් මේ සඳහා තෝරා ගන්න .
    හොඳින් ආලෝකය වැටෙන ස්ථානයක් නම් වඩාත් සුදුසුයි .
  • මේ ක්‍රියාකාරකම අවුරුදු තුනකට වැඩි  පොඩිත්තන්ට යි ගැලපෙන්නෙ .
  • නිවසේ පොඩිත්තන් කිහිපදෙනෙක්ම  සිටිනවා නම් එක් එක් අයෙකු ට එකම ස්ථානයේ වෙන් වෙන් වශයෙන් කොටස් කර ලබා දෙන්න .
  • දැන් පාසලේදී හෝ නිවසේ දී පොඩිත්තා ඇඳපු චිත්‍ර කාඩ් බෝඩ් එකක අලවා ආර්ට් ගැලරියේ එල්ලන්න .
  • කැමතිනම් අලුතෙන්ම අඳින්න අවස්ථාවක් දෙන්න.
  • අඳින අඳින චිත්‍රය art ගැලරියට යොමු කරන්න .
  • ඔන්න අම්මටයි තාත්තටයි වැඩිහිටියන්ට යි චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න යන්න අවස්තාව තියෙනවා .
  • අගය  කරන්නත් අමතක කරන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles