නත්තල් දිවා කෑම මේසයට රසවත් ආහාර සකසන්න ප්ලෑන් කරන ස්මාර්ට් ගෘහනියන්ට එකම විදියට නැති වෙනස් ආහාර වර්ග කිහිපයක් ඔන්න අපි අරන් ආවා.
Spicy Spaghetti
අවශ්‍ය ද්‍රව්‍ය
- අඹරා ගත් කුකුල් මස්500g
- තම්බා ගත් ස්පැගටි 500g
- සිහින්ව කපා ගත් තක්කාලි 250g
- තක්කාලි පේස්ට් 50g
- තක්කාලි සෝස් මේස හැදි 1 ½ ක් පමණ
- ග්‍රේට් කර ගත් ගා ගත් පාමසන් චීස් 75g ක් පමණ
- සිහින්ව කපා ගත් කැරට් 75g ක් පමණ
- සිහින්ව ලියා ගත් රට ලූණු 40g ක් පමණ
- අඹරා ගත් හෝ චොප් කර ගත් සුදු ලූණු බික් 5 ක් පමණ
- අඹරා ගත් හෝ චොප් කර ගත් ඉඟුරු 2cm ක පමණ කැබැල්ලක්
- චිකන් ස්ටොක් හෝ බීෆ් ස්ටොක් අඬු කෝප්ප 3ක් පමණ
- එළවළු තෙල් 40ml පමණ මේස හැදි 2-3ක්
- ලුණු (රස අනුව)
- ගම්මිරිස් (රස අනුව)
- කෑලි මිරිස් (රස අනුව)
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම භාජනයක් ලිප තබා එයට තෙල් ටික දා ගෙන රත් කර ගන්න.
- තෙල් රත් වූ විට සුදු ලූණු, ඉඟුරු සහ රට ලූණු එකතු කර යන්තමින් බැදෙන්න හරින්න.
- පසුව එයටම කැරට් ටික දමා ගෙන යන්තමින් පිස ගන්න.
- දැන් ගින්දර වැඩි කර එයටම මස් ටික එකතු කර හොඳින් කලවම් කර ගන්න.
- මස් ටික යන්තමින් රන්වන් පැහැ වී ගෙන එන විට එයට කපා ගත් තක්කාලි එකතු කර ගෙන පිස ගන්න.
- තක්කාලි වල වතුර ගතිය හිදී ගෙන එන විට එයට තක්කාලි පේස්ට් සමඟ චිකන් ස්ටොක් දමා ගෙන නටන තුරු පිස ගන්න.
- එය බුබුළු දමා නටා ගෙන එන විට ලිප ගින්දර අඩු කර මද වේලාවක් පිස ගන්න.
- ඉන් පසුව රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කර තවත් ටික වේලාවක් පිස ගන්න.
- එයටම තක්කාලි සෝස් හා රස අනුව කෑලි මිරිස් එකතු කර ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න.
- මෙය හොඳින් උකු ගතියට එන විට එයට තම්බා ගත් ස්පැගටි එකතු කර හොඳින් කලවම් කර ගන්න.
- පිළිගන් වන විට පාමසන් චීස් උඩින් ඉස ගෙන උණුවෙන්ම රස විදින්න.
වෙජිටේරියන් අයට Potato Salad
අවශ්‍ය දේවල්:
- තම්බා කොටු කපා ගත් අර්තාපල් 500g
- මයෝනිස් 50g
- ගම්මිරිස් කුඩු
- ලුණු කුඩු
- චොප් කර ගත් සැල්දිරි කොළ ස්වල්ප්යක්
සාදා ගන්නා ආකාරය:
අර්තාපල්, මයෝනිස් සහ සැල්දිරි භාජනයකට දමා එයට රස අනුව ලුණු හා ගම්මිරිස් එක් කර අල පොඩි නොවන සේ හොඳින් මිශ්‍ර කර ගන්න.
Corn Soup
අවශ්‍ය දේවල්:
- බඩ ඉරිඟු කප් 4
- චිකන් ස්ටොක්
- සිහින්ව ලියා ගත් බී ළූණු
- සිහින්ව ලියා ගත් සුදු ළූණු
- ලුණු කුඩු තේ හැදි 1
- හෙවී ක්‍රීම් කප් 1
- බටර් හෝ ඔලිව් ඔයිල් තේ හැදි 1
සාදාගන්නා ආකාරය:
- පෑන් එකක් ලිප තබා බටර් එක්කර චොප් කර ගත් සුදු ළූණු සහ ළූණු එකතු කරන්න.
- එය බැදගත් පසු බඩ ඉරිඟු , චිකන් ස්ටොක් එකතු කර හොඳින් පිස ගන්න.
- ලිප නිවා හෙවි ක්‍රීම් එකතු කරන්න.
- අවශ්‍ය නම් ගම්මිරිස් හා ලුණු කුඩු ද රස අනුව එකතු කරන්න