අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් පොඩිත්තන්ට ස්නැක්ස් හදමු.

මේ දවස්වල ආහාර වර්ග සකසන්න අමුද්‍රව්‍ය සපයා ගැනීම තරමක් අපහසුයි.අමුද්‍රව්‍ය හිඟ වීම සහ මිලාධික වීම තමයි එයට හේතුව. ඒ නිසා අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් දරුවන් වෙනුවෙන්  සකසා ගත හැකි ආහාර ගැන ඔබට කියන්න අපි හිතුවා.මේවා දරුවන්ට ස්නැක් එකක්,උදේ හෝ රාත්‍රී ආහාර ලෙස,පාසල් ගෙනියන්න අපූරුයි.

Easy Flat bread

මෙය ඔබට සකසා ගන්න මිනිත්තු තිහක් පමණ වෙලාවක් ගත වෙන ආහාරයක්.‍රාත්‍රි ආහාරයක් හෝ උදෑසන ආහාරයක් ලෙස සකසා ගන්න කදිමයි.පොඩ්ඩන්ගේ පොඩි බඩගින්නටත් අපූරුයි.

අවශ්‍ය දේවල්

  • භාජනයක්
  • ලී හැන්දක්
  • රොටී තැටියක් හෝ පෑන් එකක්
  • කිචන් ටවල් එකක්
  • රෝලින් පින් එකක්
  • පිඟානක්

අවශ්‍ය අමුද්‍රව්‍ය 

  • පිටි කෝප්ප 2(බේකින් පවුඩර් තේ හැඳි 2 සහ ලුණු තේ හැන්දක් මිශ්‍ර කරගත්)
  • යෝගට් එකක්

සාදා ගන්නා ආකාරය

  • පිටි, යෝගට් සමඟ මිශ්‍ර කරගන්න
  • මේ සඳහා ලී හැන්ද භාවිතා කරන්න
  • විනාඩි තුනක් පමණ පිටි අනා ගන්න.
  • අතේ නොඇලෙන මට්ටම එනතුරු ම පිටි අනන්න.
  • කිචන් ටවල් එකෙන් පිටි ටික වසා මිනිත්තු පහළොවක් තබන්න.
  • පිටි ගුලි කුඩා කොටස් අටකට බෙදා රෝලින් පින් එකෙන් තුනී කරගන්න.
  • මිනිත්තුවක කාලයක් රොටී තැටියේ හෝ කබලේ රත් කරගන්න.

Oatmeal banana cookies

අවශ්‍ය ද්‍රව්‍ය 

  • හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක්
  • ඕට්ස් 

සාදා ගන්නා ආකාරය

  • කෙසෙල් ගෙඩිය හොඳින් පොඩි කර ගන්න.
  • එයට ඕට්ස් එක් කරන්න.
  • හොඳින් මිශ්‍ර කර ගන්න.
  • කුකී කටර් එකක් ආධාරයෙන් කපාගෙන විනාඩි විස්සක් බේක් කරගන්න.

Shortbread recipe 

බබාලට පෙර පාසල් ගෙනියන්න මේ ෂෝට් බ්‍රෙඩ් එක අපූරුවට ගැලපෙනවා.ඔබට පැයක් පමණ ගත කරලා මෙය හදා ගන්න පුලුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය 

  • බටර් 350g
  • අයිසින් සීනි 130g
  • පිටි 375g

සාදාගන්නා ආකාරය

  • සෙල්සියස් අංශක 160කට අවන් එක ප්‍රී හිට් කරගන්න.
  • බටර් හොඳින් බීට් කරගන්න
  • ඒ භාජනයටම අයිසින් සීනි එකතු කරමින් හොඳින් බීට් කරගන්න
  • පිටි මිශ්‍ර කරගන්න
  • ඩෝ එක මිනිත්තු තිහක් ශීතකරණයේ දමා ගන්න
  • විනාඩි පහලොවක කාලයක් බේක් කරගන්න.

මේ හැම ආහාරයක් ම සකසන්න ඔබට පොඩිත්තන්ගේ උදව් ලබා ගන්නත් පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles