රාත්‍රී ආහාරයට වෙනස් රස ගෙනෙන කෑම වර්ග කිහිපයක්

රාත්‍රී ආහාරයට වෙනස් රසවලින් යුතුව කෑම හදන්න ගෘහණියන් දක්වන්නේ වැඩි කැමැත්තක්.අපි ඒ නිසා රෑ කෑමට ගැළපෙන පහසු රෙසිපි කිහිපයක් ඔබට ගේන්න හිතුවා

Mushroom Pasta

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඔලිව් තෙල් තේ හැඳි 3
  • කපා ගත් බිම්මල් ග්‍රෑම් 50
  • පැස්ටා
  • ගෝවා මල් ග්‍රෑම් 50
  • ලුණු
  • ගම්මිරිස්
  • බටර් ග්‍රෑම් 25
  • කිරි මිලි ලීටර් 250
  • සිහින්ව ලියා ගත් ළූණු ගෙඩියක්
  • ඔරිගනෝ තේ හැන්දක්
  • පිටි ස්වල්පයක්
  • වයිට් සෝස්

සාදාගන්නා ආකාරය

මුලින්ම පැස්ටා තම්බා ගන්න
බටර්, ලුණු, මල් ගෝවා ළූණු, කරාබුනැටි, බිම්මල් සහ කිරි මිශ්‍ර කර ගන්න.
එයට පිටි ද එකතු කරන්න
පේස්ට් එකක් සේ සකසන්න
ඔරිගානෝ සහ ගම්මිරිස් එක් කරන්න
ලිප තබා විනාඩි දෙකක් පිස ගන්න
පැස්ටා එකතු කර කලවම් කරන්න.

Chicken and egg Soup

අවශ්‍ය දේවල්

  • තම්බා ගත් අල
  • තම්බාගත් චිකන් 100g
  • තම්බා ගත් බිත්තර 2
  • නුඩ්ල්ස්
  • ඉඟුරු
  • සුදු ළූණු
  • ලුණු
  • කහ
  • ගම්මිරිස්
  • ළූණු
  • අමුමිරිස්
  • කිරි කෝප්පයක්

සාදාගන්නා ආකාරය:

  • චිකන් සහ අල ලුණු සහ කහ දමා තම්බා ගන්න
  • භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් දමා ඉගුරැ, සුදු ළූණු,ළූණු, අමුමිරිස් තෙම්පරාදු කරන්න
  • චිකන් කඩාවට කඩා එයට එකතු කරන්න
  • අල පොඩි කර එකතු කරන්න
  • චිකන් ස්ටොක් එක එකතු කරන්න
  • නූඩ්ලස් එකතු කරන්න
  • බිත්තර කුඩා කැබලිවලට කපා එකතු කරන්න
  • අවසානයට කිරි එකතු කර රස අනුව ලුණු දමා ලිපෙන් බාගන්න.

චිකන් සලාද

සාදා ගන්නා ආකාරය:

අවශ්‍ය දේවල්:

  • සලාද කොළ කෝප්ප 1ක්
  • ලොකු ළූණු ගෙඩි 2 ක්
  • මිදි කෝප්ප ½ ක්
  • සැල්දිරි කෝප්ප 1ක්
  • චිකන් බ්‍රෙස්ට් 1 ක්
  • ලුණු සහ ගම්මිරිස් රස පදමට
  • ඔලිව් තෙල් මේස හැඳි 3 ක්
  • විනාකිරි මේස හැඳි 1 ක්
  • මී පැණි මේස හැඳි 2 ක්
  • සුදුළූණු පේස්ට් මේස හැඳි 1 ක්
  • අබ පේස්ට් මේස හැඳි 1 ක්
  • යෝගට් මේස හැඳි 2 ක්

සාදාගන්නා ආකාරය:

චිකන් බ්‍රෙස්ට් එක අඩු ගින්දරේ තම්බා ගන්න.
භාජනයකට ඔලිව් තෙල්,විනාකිරි,සුදුළූණු සහ අබ පේස්ට් දමා එකට කලවම් කරන්න
යෝගට් ද දමා නැවත කලවම් කරන්න
තම්බා ගත් චිකන් ලිපෙන් බා කටු ඉවත් කර කැබලි කපා ගන්න
ඔලිව් තෙල්වලින් බැද ගන්න
සලාද කොළ,සැල්දිරි,ළූණු සහ මිදි භාජනයකට අසුරා ගන්න.
ඒ මතට චිකන් දමා ඊට උඩින් යෝගට් මිශ්‍රණය දමාගන්න

Related Articles

Don't Miss


Latest Articles