ගෙදරදීම සරුවත් හදමු..

අවශ්‍ය දේවල්:

  • සිනි ග්‍රෑම් 500
  • වතුර ලීටර් 1
  • ඉදුනු අන්නාසි ග්‍රෑම් 250
  • දෙහි ගෙඩි 1

සාදාගන්නා ආකාරය:

  • අන්නාසි ගෙඩියේ පොතු ඉවත් කර කපා එහි නාරටියද ඉවත් කර ගන්න.
  • පසුව අන්නාසි සිහින් කැබලිවලට කපා එහි ඉස්ම මිරිකා පෙරා ගෙන පසෙකින් තබන්න.
  • සීනි හා වතුර භාජනයක දමා ලිප තබා අඩුවන තෙක් හැඳිගාමින් හිඳෙන්නට ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න.
  • දැන් මෙයට අන්නාසි ඉස්ම එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  • මෙය ශීතකරණයේ තබා පිළිගන්වන විට අන්නාසි කැබලි, අයිස් කැට හා කස කසා ඇට දමා පිළිගන්වන්න.

Related Articles

Don't Miss


Latest Articles