Little chef – පොඩ්ඩෝ එක්ක පොල් කිරි කේක් හදමු.

අලුත් කෑම ජාති හදන්න කැමති පොඩ්ඩෙක් ඔයාලගේ ගෙදරත් ඉන්නවද? තමන්ගේ අතින්ම කෑමක් හදලා පවුලේ හැමෝටම පිළිගන්වන්න පොඩ්ඩෝ කැමති.එවැනි අත්දැකීමක් පුංචි කාලෙදි ලබන පොඩිත්තෝ තමන්ගේ කුසලතා වර්ධනය කර ගන්නවා. ඔයාලාගේ ගෙදර little chef එක්ක මේ දේවල් හදලා බලන්න අම්මලාට පුලුවන්

පොල්කිරි කේක්.

පහුගිය කාලය වසංගතයක් සමග ඇතිවුනු බටර් හිගයක් නිසාම බොහෝදෙනා නව අත් හදාබැලීම් වලට යොමුවුනා.ඒ අතර කරලියට ආව තවත් දෙයක් තමා පොල්කිරි කේක්.ඉතින් අලුත් රසකින් වෙනස් විදියට පොල්කිරි කේක් හදමු නේද

අවශ්‍ය කරන දේවල්

  • උකු පොල් කිරි කෝප්ප එකහමාරක්
  • පාන් පිටි ග්‍රෑම් 250
  • ලොකු බිත්තර 4ක්
  • සීනි  ග්‍රෑම් 250
  • බේකිං පවුඩර් තේ හැදි 2ක්
  • වැනිලා තේ හැන්දක්
  • කජු ටිකක්

සාදන ආකාරය.

  • බේකින් පවුඩර් මිශ්‍ර කර පාන් පිටි තෙවරක් හලා ගන්න.
  • පොල්කිරි සමගසීනි මිශ්‍ර කර බීට් කරන්න.
  • සීනි හොදට දියවන තුරු බීට් කරන්න.
  • එයටම ම බිත්තර ටික දමා නැවත බීට් කරගන්න.
  • වැනිලා එකතු කරන්න .
  • පිටි ටික ටික දමා ලී පත්තකින් කළවම් කරන්න.
  • තෙල් කඩදාසියක් දැමූ තැටියේ දමා සෙල්සියස් අංශක 150ක උෂ්ණත්වයට විනාඩි 45ක් පමණ බේක් කරන්න .
  • මිශ්‍රණය දියාරු වැඩි නිසා උෂ්ණත්වය වැඩිකලොත් වටේ පිච්චී ඇතුල අමුවෙන්නට හැකි නිසා උෂ්ණත්වය ගැන සැළකිලිමත් වෙන්න.

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles