නත්තල් සීතල එක්ක නත්තල සමරන ඔබ වගේම කාර්‍යබහුල අවුරුද්දක් ඉවර කරල අළුත් බලාපොරොත්තුවක් එක්ක දෙසැම්බර් මාසය විවේකීව ගත කරන අපේ පොඩිත්තන් ඇතුළු කටත් ආසාවෙන් රසවිඳින්න පුළුවන් තවත් රසවත් කෑමක් අරගෙනයි smart lady අපි ඔන්න ඔබත් එක්ක එකතු වෙලා ඉන්නෙ.
අද අපි හදමු sugar cookies. හැබැයි අද අපි sugar cookies හදන්න සූදානම් වෙන්නෙ චොකලට් රසටයි.
එහෙනම් මුලින්ම ඕන කරන දේවල් සූදානම් කරගමු.
අවශ්‍ය ද්‍රව්‍ය
බිස්කට් සඳහා
කාමර උෂ්ණත්වයේ ඇති බටර් 226 g ක්
සීනි 200 g ක්
වැනිලා තේ හැඳි 01 ½ ක්
බිත්තර 01 ක්
පාන් පිටි (all purpose powder නම් වඩා හොඳයි) 265 g ක්
චොකලට් කුඩු 50 g ක්
බේකින් පවුඩර් තේ හැඳි ½ ක්
ලුණු කුඩු තේ හැඳි ¾ ක්
තැවරුම සඳහා
කුඩු කරගත් සීනි 190 g ක්
චොකලට් කුඩු මේස හැඳි 01 ක්
කිරි මේස හැඳි 02 ක්
කෝන් සිරප් මේස හැඳි 01 ක්
වැනිලා තේ හැඳි ¼ ක්
එහෙනම් අපි මුලින්ම බිස්කට් හදාගෙන ඉමු.
සාදාගන්නා ආකාරය
තරමක් විශාල භාජනයක් ගෙන එයට සීනි සහ බටර් එකතු කරගෙන සීනි දියවෙන තෙක් හොඳින් බීට් කරගන්න.
එයට බිත්තර සහ වැනිලාත් එකතු කර ක්‍රීම් එකක් සෑදෙන තෙක් නැවත හොඳින් බීට් කරගන්න.
දැන් වෙනම භාජනයක් ගෙන එයට පිටි, චොකලට් කුඩු, බේකින් පවුඩර් සහ ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න.
අපි කලින් සූදානම් කරගත්ත බටර් සීනි මිශ්‍රණයට මේ පිටි මිශ්‍රණයෙන් ටිකෙන් ටික එකතු කරමින් නැවත බීට් කරගන්න.
දැන් මේ මිශ්‍රණය කොටස් දෙකකට වෙන් කරගෙන එය කොටු හැඩයට තරමක් තුනී කරගෙන පොලිතීන් වලින් හොඳින් ආවරණය කරගන්න.
ආවරණය කරගත් කොටස් දෙක ශීතකරණයේ පැය 2 ක් 3 ක් තබාගන්න.
(පැය 3 ක් තැබීම වඩා හොඳයි)
පැය තුනකට පසු මේ මිශ්‍රණය ශීතකරණයෙන් ඉවතට ගෙන ඔබේ අවන් එක සෙන්ටිග්‍රේට් අංශක 175 / ෆැරන්හයිට් 350 රත්වීමට තබන්න.
බේකින් තැටියකට තෙල් කඩදාසියක් අතුරා සූදා කර තබාගන්නත් අමතක කරන්න එපා.
දැන් පිරිසිදු වියළි මතුපිටක් මතට හොඳින් පිටි ටිකක් ඉසගෙන ශීතකරණයෙන් ඉවතට ගත් එක් මිශ්‍රණ කොටසක් ඒ මත තබා පිටි ටිකක් මිශ්‍රණයෙ උඩටත් ඉසගන්න.
ඊළඟට, රෝලින් පින් එකක් හෝ වෙනත් සිලින්ඩරාකාර භාජනයක් භාවිතයෙන් මිශ්‍රණය පැතලි කරගන්න අවශ්‍යයි.
ඔබට ඝනකම නැති ක්‍රිස්පි රසයට හැපෙන කුකීස් අවශ්‍ය නම් අඟල් ⅛ ක් පමණ සහ තරමක් ඝනකම් මෘදු කුකීස් අවශ්‍ය නම් අඟල් ¼ ක් පමණ වනසේ මිශ්‍රණය තුනී කරගන්න පුළුවන්.
දැන් ඔබ කැමති හැඩයේ කුකී කටර් එකක් හෝ බෝතල් මුඩියක් යොදාගෙන ඔබ කැමති හැඩයට බිස්කට් කපා වෙන් කරගන්න ඔබට පුළුවන්.
කපා වෙන් කරගන්නා බිස්කට් සූදානම් කරගත් බේකින් තැටියේ ප්‍රවේශමෙන් අතුරා ගන්න.
ඔබට කැමති නම් චොකලට් ඇතුරුම නැතිව සීනි කැට ටිකක් ඉහගන්නත් පුළුවන්.
දැන් කලින් රත්කරගත් අවන් එකට බේකින් තැටිය දමා සෙන්ටිග්‍රේට් අංශක 175 / ෆැරන්හයිට් 350 මිනිත්තු 9 ත් 11 ත් අතර කාලයක් බේක් කරගන්න.
තුනී බිස්කට් සඳහා අඩු කාලයක් සහ තරමක් ඝනකම් බිස්කට් සඳහා වැඩි කාලයක් ගතවේවි.
බිස්කට් බේක් වී අවසන් වූ පසු ඇතුරුම තවරාගන්න කලින් හොඳින් නිමී තිබිය යුතු නිසා අවන් එකෙන් එළියට ගන්නා බිස්කට් හොඳින් නිමෙන තෙක් තබාගත යුතුයි.
ඊළඟට අපි චොකලට් ඇතුරුම සාදාගනිමු.
ඒ සඳහා භාජනයක් ගෙන එයට කුඩු කරගත් සීනි, චොකලට් කුඩු, කිරි කෝන් සිරප් සහ වැනිලා එකතු කර හොඳින් කලවම් කරගන්න අවශ්‍යයි.
චොකලට් තැවරුම ඝනකම් බව දැනෙනව නම් කිරි ටිකක් එකතු කරගන්න ඔබට පුළුවන්.
තරමක් ඝනකම් නොකැඩී පවතින මිශ්‍රණයක් ලැබෙන තුරු මිශ්‍රණය සාදාගන්න ඔබට පුළුවන්.
දියාරු ගතිය වැඩි නම් කුඩු කරගත් සීනි එකතු කරගෙන ඝනකම අඩු වැඩි කරගන්න පුළුවන්.
දැන් මේ මිශ්‍රණය පයිපින් බෑගයකට දමා කට ඉතාම සිහින් ලෙස කපාගන්න ඕන.
හොඳින් නිමුණු බිස්කට් වල දාරයේ සිට ඇතුළට තැවරුම පයිපින් බෑගයෙන් වත්කරගෙන ටූත් පික් එකක් හෝ ඉරටුවක් ආධාරයෙන් මුළු බිස්කට් එක පුරාම එක සමානව විහිදී යන ලෙස තැවරුම අතුරා ගන්න ඔබට පුළුවන්.
ඊට උඩින් සීනි කැට හෝ ස්ප්‍රින්කල්ස් ඉහ ගන්නත් පුළුවන්.
දැන් මේ තැවරුම ඝනවී නිමුණු පසු රස බලන්නයි තියන්න.
හුළං නොවැදෙන වීදුරු භාජනයක කාමර උෂ්ණත්වයේ ගබඩා කරල තබාගන්නත් පුළුවන්.
එහෙනම් මේ විදිහට ලස්සන පිළිවෙල sugar cookies ගෙදරදිම හදල රස බලමු නේද?
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |