අවුරැද්දට කොකිස් හදන්න ක්‍රම 3ක්.

අවුරුදු මේසයේ ඉන්න හැඩකාරම කෙනා කවුද ඇහුවොත් ඔබේ උත්තරය “කොකිස්” නේද? හැඩකාර කොකිස් පහසුවට රසට හදා ගන්න ක්‍රම තුනක්ම ඔන්න අපි අරන් ආවා.ඔයාලට පුලුවන් හදලා රස බලන්න.කෑම මේසය ලස්සන කර ගන්න.

කොකිස්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • සුදු කැකුළු හාල් ග්‍රෑම් 300
  • මිටි කිරි කෝප්ප 2
  • සීනි මේස හැදි 2
  • බිත්තර 1
  • ලුණු ස්වල්පයක්

සාදන ආකාරය :

  • හාල් පැයක් පමණ පෙගෙන්නට තබා කොටා ගන්න .
  • කොටා ගත් පිටි හොඳින් හලා ගන්න.
  • හලා ගත් පිටි ,සීනි ,ලුණු හා බිත්තර භාජනයකට දමා එයට පොල් කිරි ටික ටික එක් කරමින් අනා ඝණ මිශ්‍රණයක් සාදා ගන්න.
  • ගැඹුරු තෙලේ බැදීම සදහා තෙල් රත් කර කර ගන්නා අතර තුර කොකිස් අච්චුවද තෙලේ බහා රත් කර ගන්න .
  • දැන් රත් කර ගත් අච්චුව පිටි මිශ්‍රණයේ දවටා නැවතත් තෙල් තාච්චියේ ගිල්වා අච්චුවෙන් කොකිසගැලවී වන තෙක් බැද ගන්න

ක්ෂණික කොකිස්

අවශ්‍ය දේවල්:

  • ඉදිආප්ප පිටි පැකට් 1 (1kg)
  • පොල්කිරි පිටි
  • ලුණු (රස අනුව)
  • කහ කුඩු ස්වල්පයක්
  • කොකිස් අච්චුවක්
  • කොකිස් බැද ගැනීමට පොල් තෙල්

සාදා ගන්නා ආකාරය:

  • පොල් කිරි පිටි වතුර අඬු කෝප්ප හතරක් දමා දිය කර ගන්න.
  • පිටි ටිකට ලුණු සහ කහ දමා පොල් කිරි ටික ටික දමමින් උකු මිශ්‍රණයක් සාදා ගන්න.
  • සාමාන්‍ය ආකාරයට කොකිස් අච්චුව යොදා ගනිමින් කොකිස් සාදා ගන්න.

සේවරි කොකිස්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • හාල් පිටි 250g
  • පොල් ගෙඩියක උකු කිරි කෝප්ප 1 1/2
  • බිත්තර 1
  • රස අනුව ලුණු
  • චොප් කර ගත් සුදුළූණු 3
  • හීනියට කපාගත් කරපිංචා ඉති 2
  • සැර අනුව මිරිස්කුඩු
  • බැදීමට තෙල්

සාදන ක්‍රමය:

  • හාල් පිටි හොදින් හලා එයට, ලුණු , ගසා ගත් බිත්තරය කරපිංචා , සුදුලූනු , මිරිස් කුඩු දමා හොදින් මිශ්‍ර කරන්න.
  • ඉන්පසු උකු පොල් කිරි ටික ටික දමමින් ඝන බැටරයක් සාදා ගන්න.
  • පැය 1/2 වසා තබන්න.
  • කොකිස් අච්චුව වැහෙන ප්‍රමානයට තෙල් දමා උනු කර ,කොකිස් අච්චුව තත්පර2 -3 ක් තෙල් එකේ බහා බැටරයේ , අච්චුවෙන් 3/4 ගිල්වා අරගෙන තාච්චියට දමන්න.තත්පර 5 ක් පමන අඩියේ නොගෑවෙන සේ බැටරය අච්චුවේම තබා පසුව සීරුවකට කූරකින් ගලවා දෙපැත්ත බැද ගන්න .

Related Articles

Don't Miss


Latest Articles