පෝය දවසේ රෑ කෑමට නිර්මාංශ ආහාරයක්..

වෙජිටේරියන් කෙනෙක් ගෙදරට පැමිණෙන විට බොහෝ දෙනෙක් අපහසුවට පත් වන කාරණාව වන්නේ ඔවුන්ට ගැළපෙන ලෙස විශේෂ ආහාර පාන සකස් කිරීමට නො දන්නාකම නිසයි .ඉතින් මීට පසු එවන් අපහසුවක් වෙන එකක් නැහැ .

ක්‍රීම් පොටෙටෝ.

අවශ්‍ය දේවල්.

  • සාමාන්‍ය ප්‍රමාණයේ අල ගෙඩි හයක්
  • බටර් මේස හැඳි තුනක්
  • ගම්මිරිස් තේ හැදි කාලක්
  • පාන් පිටි කෝප්ප කාලක්
  • කිරි කෝප්ප දෙකක්
  • ලූණු තේ හැඳි එකක්
  • සිහින්ව කපාගත් අලුත් පාස්ලි අහුරක්

සාදන ක්‍රමය

බඳුනක් ලිප තබා අල තම්බන්න. අල අඟල් භාගයේ කොටස් වලට කපන්න. වෙනත් බඳුනකට බටර් දමා රත්කර එයට පිටි,ලුණු, ගම්මිරිස් කුඩු,  දමා මෘදු වනතුරු විනාඩි පහළොවක් පමණ කලවම් කරන්න. එය හොඳින් දිය වූ පසු කිරි එකතුකර  හැඳි ගාමින් උණූ කරන්න. මෙය වික්‍රමයක් වන ආකාරයට සාදා ගන්න. පිළිගැන්වීමට සුදුසු තැටියක් ගෙන තම්බා ගත් අල කැබලි එයට දමා අල කැබලි වලට උඩින් සාදාගත් ක්‍රීම් සෝස් එක දමන්න උඩින් ඉස සරසන්න.

ටොමැටෝ ඇන්ඩ් පනීර්.

අවශ්‍ය දේවල්

  • තක්කාලි ග්‍රෑම් 500 යි
  • පනීර් චීස් ග්‍රෑම් 200
  • ලොකු ළූණු ගෙඩි හතරක්
  • කුඩාවට කපාගත් සුදු ලූණු තේ හැඳි දෙකක්
  • කුඩාවට කපාගත් ඉඟුරු තේ හැඳි බාගයක්
  • සිහින්ව කපාගත්  අමුමිරිස් කරල් එකක්
  • සූදුරු කුඩු  තේ හැදි එකක්
  • කොත්තමල්ලි කුඩු තේ හැඳි දෙකක්
  • උකු පොල් කිරි මිලි ලීටර් 250ක්
  • බටර් මේස හැඳි දෙකක්ර
  • රම්පා කරපිංචා කුරුඳු පොත්තක්

සාදන ආකාරය

බඳුනකට බටර් දමා රත්කර පිළිවෙලින් සුදු ලූනු සුදුලූනු ඉඟුරු අමුමිරිස් අමු මිරිස් දමා කරපිංචා රම්පා එකතුකර  මදක් තෙම්පරාදු කරන්න. එයට තක්කාලි එකතු කර මදක් පිස උකු පොල් පොල්කිරි හා කුලු බඩු සියල්ල, රස අනුව ලුණු සහ චීස් කැබලි දමා විනාඩි විස්සක් පමණ මද ගින්නේ පිසින්න අවශ්‍ය නම් පමණක් මිරිස් කුඩු ටිකක් දමන්න.

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles