නත්තල සඳහා පහසුවෙන් සාදා ගත හැකි කේක් වර්ග කිහිපයක්

නත්තල් උත්සව කාලය ඇවිත්.ඉතින් මේ නත්තලේ පවුලේ අය සමග මේ රසවත් කේක් රෙසිපි අත්හදා බලන්නට ඔබට පුලුවන්.

අඩු කාලයකින් හදන ක්‍රිස්මස් කේක් එකක්

අවශ්‍ය දේවල්

  • වියලි මිදි කරන්ට්ස් 100g
  • රේසින්ස් 100g
  • පුහුල්දෝසි 100g
  • ඉගුරැදෝසි 100g
  • කැන්ඩිඩ්පීල් 100g
  • කජු 100g
  • චෙරිස් 200g
  • රුලං 100g(රන්වන් පාට වනතෙක් බැදගත්)
  • බටර් 100g
  • සීනි100g
  • බිත්තර 3
  • ස්ට්‍රෝබෙරි ජෑම් 150g
  • බ්රැන්ඩි අඩු කෝ. 1
  • ලෙමන්,ඇපල් හෝ ඔරෙන්ජ් යුශ කෝප්ප 1
  • වැනිලා,
  • ආමන්ඩ්,
  • රෝස් එසන්ස් තේ හැදි 1බැගින්

අයිසිං එක සදහා

  • අයිසිං සීනි 500g
  • බිත්තර සුදුමද 1
  • කුඩු කරගත් කජු 250g
  • ආමන්ඩ් එසන්ස් තේහැන්දක්
  • බටර් මේස හැන්දක්

සාදන ආකාරය

  • පළමුව වියලි පලතුරැ සියල්ල පොඩි කෑලි වලට කපාගන්න.
  • චෙරිස්,බ්රැන්ඩ් සහ ජෑම් ප්රමානයෙන් බාගයක් පසුව ගැනීමට අයින් කරගන්න.
  • කපාගත් පලතුරැ ටිකට ඉතුරු බ්රැන්ඩ් ටික සහ,පලතුරැ යුශ ටික දමා හොදින් කවලම් කර පැය දෙකක් වසා තබන්න.
  • බටර් ,සීනි , බිත්තර හොදින් බීට් කරගන්න.
  • එයට රන්වන් පැහැ වනතුරැ බැද නිවා ගත් රුලන් ටික එකතු කරන්න.
  • කපා ගත් පලතුරු සියල්ලම එකතු කරන්න.
  • එසන්ස් වර්ග ටික ද එක් කර හොදින් කලවම් කරන්න.
  • ජෑම් දී ඇති ප්‍රමාණයෙන් කොටසක් ද එක් කරන්න.
  • මේ මිශ්‍රණය හොදින් කවලම් කරගන්න.
  • දැන් තට්ටු කිහිපයක් තෙල් කඩදාසි එලා ගත් තැටියකට අඟල් දෙකක් පමණ ඝනකමට මිශ්‍රණය දමාගන්න.
  • සෙල්සියස් අංශක 150 උෂ්නත්වයේ විනාඩි 45-60 අතර කේක් එක බේක් කරගන්න.
  • උෂණත්වය අවන් වර්ග අනුව වෙනස් විය හැකි නිසා බේක් කිරිමේදීි සැළකිලිමත් වෙන්න.
  • බේක් කරගත් කේක් එක නිවෙන්නට හැර කුඩා කෑලි වලට කඩා ගන්න.
  • දැන් ඉතුරැ බ්රැන්ඩ් ටික ජෑම් ටික සහ චෙරිස් ටික එක් කර හොදින් මිශ්‍ර කරන්න.
  • දැන් හතරැස් ට්‍රේ එකකට මේ කේක් මිශ්‍රණය දමා අගල් බාගයක් තරම් ඝනකමට තුනී කරගන්න.

අයිසිං එක මෙහෙම හදන්න.

  • අයිසිං සීනි ටික හොදින් හලාගන්න.
  • බිත්තර සුදුමදය බීට් කර එයට ආමන්ඩ් එසන්ස් ,බටර් , කුඩුකරගත් කජු සහ අයිසිං සීනි ටික ටික දමමින් අතේ නොඇලෙන මිශ්‍රණයක් හදාගන්න.
  • පොලිතීන් එකක් භාවිතා කර තුනී කරගෙන කලින් සකසා ගත් කේක් එක මතුපිට අතුරාගන්න. සෙමින් පොලිතින් එක ඉවත් කරගන්න.
  • කැමති ප්‍රමාණයේ කෑලි කපාගන්න.
  • තෙල් කඩදාසි සහ විසිතුරු කොළවලින් ඔතාගන්න.
  • අවශ්‍ය නම් එකින් එකට වෙන වෙනම සුබ පැතුම් සහිත සටහනක් ඇතුල් කරන්න.

ඩාක් චොක්ලට් කේක්

අවශ්‍ය දේවල්

  • පාන් පිටි කෝප්ප එකක්
  • කොකෝවා පවුඩර් බාගයක්
  • සීනි කෝප්ප බාගයක්
  • බේකින් සෝඩා තේහැදි එකක්
  • බේකින් පවුඩර් තේහැදි එකක්
  • ලුණු චුට්ටක්
  • බිත්තර 1
  • කිරි කප් බාගයක්
  • බටර් කෝප්ප කාලක්
  • වැනිලා තේහැදි 1/2

සාදන ක්‍රමය :

සීනි වලට බිත්තරය දමා හොදින් බීට් කරගන්න.

බටර් දමා ගන්න.කිරි ,වැනිලා ,ලුණු දමා හොඳට මිශ්‍ර කරන්න.

පිටි වලට කොකෝවා පවුඩර් ,බේකින් සෝඩා,බේකින් පවුඩර් දමා හලාගෙන එය මිශ්‍රණයට ටික ටික එකතු කරන්න.

ට්‍රේ එකක් ගෙන බටර් තවරා ගන්න.දැන් අවන් එක 160 c ප්‍රි හීට් කර ගන්න විනාඩි 30,35 බේක් කර නිවා ගන්න.

කේක් එක උඩින් අයිසින් ශුගර් හලා ගන්න.ස්නෝ ලෙස.අවශ්‍ය නම් අච්චු කිහිපයක් තබා විවිධ හැඩතල එන ලෙස අයිසින් සීනි ඉසගන්නත් පුලුවන්

චොක්ලට් ස්විස් රෝල්

අවශ්‍ය දේවල්

  • බිත්තර 4
  • සීනි 100g
  • පිටි 50g
  • කෝන්ෆ්ලව 20g
  • කොකෝ පවුඩර් 20g

සාදන ක්‍රමය

  • පිටි, කෝන්ෆ්ලව හා කොකෝ පවුඩර් එකට හලාගන්න.
  • බිත්තර හා සීනි හොඳට බීට් කර ගන්න.
  • බිත්තර මිශ්‍රණයට පිටි මිශ්‍රණය දමා හොදින් කලවම් කරගන්න. බීට් නොකරන්න.
  • තෙල් කඩදාසියක් දමා බටර් ආලේප කර සකස් කරගත් ස්විස් රෝල් තැටියකට දමා 210c° – විනාඩි 8-9ක් පුළුස්සා ගන්න.
  • පුළුස්සා ගත් ස්විස් රෝල් එක මතට අවන් එකෙන් පිටතට ගත් විගසම සීනි ටිකක් ඉස ගන්න.
  • තැටියෙන් ගලවා නිවෙන්නට තබන්න.
  • නිවුණ පසු තෙල් කඩදාසිය ගලවා ඉවත් කරන්න.
  • සීනි ඉසගත් පැත්තට බටර් ක්‍රීම් 200g පමණ තවරා දිග අතට රෝල් කර, තෙල් කඩදාසියක තදින් ඔතා ශීතකරණයක තබා ගන්න.

බටර් ක්‍රීම් / Light Butter Cream

අවශ්‍ය දේවල්

  • බටර් 250g
  • කේක් මාගරින් 250g
  • අයිසින් සීනි 200g
  • වැනිලා 10g / ml
  • බ්‍රැන්ඩි 25g / ml

සාදන ක්‍රමය

  • බටර් හා මාගරින් හොදින් ක්‍රීම් කර එයට අයිසින් සීනි එක්කර හොදින් ක්‍රීම් කර ගන්න.
  • අවසානයේ වැනිලා හා බ්‍රැන්ඩි එක්කර හොදින් ක්‍රීම් කරගන්න.ශීතකරණයට දමාගන්න.

ස්විස් රෝල් එකෙන් සාදන Yule log

  • ශීතකරගත් ස්විස් රෝල් එක ගෙන කොටයක හැඩයට අවශ්‍ය ලෙස කෑලි කපා ගන්න
  • එම කොටස් එකට තබා කොටයක හැඩය සකසා බලන්න.
  • කොටයේ ප්‍රධාන කොටස ගෙන එහි යට පැත්තට බටර් අයිසින් තවරා කේක් බේස් එකක අවශ්‍ය තැන තබා ගන්න.
  • එම කොටසේ සම්පුර්ණයෙන් බටර් අයිසින් තවරා ගන්න.
  • බටර් අයිසින් මතට තැනින් තැන චොක්ලට් ගනාශ් තවරා ගෑරප්පුවකින් ඉරි ඇද කොටයක ස්වරූපයට සකසා ගන්න.
  • කොටයේ අනෙක් කොටස්ද එකින් එක බද්ධ කරමින් සම්පුර්ණයෙන් කොටයම සකසා ගන්න.
  • අවශ්‍ය ලෙස සරසා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles