ගෙදරදීම රසවත් අයිස් කොෆී හදා ගන්න ක්‍රම දෙකක්

අයිස් කොෆී කියන්නේ අපි හරිම ආසාවෙන් රස විඳින පානයක්.දවසේ ඕනෑම වෙලාවක අපිට නැවුම් හැඟීමක් අරන් එන මේ රසම රස අයිස් කොෆී ගෙදරදීම හදා ගන්න පුලුවන් නම් අපූරුයි නේද? ක්ෂණික අයිස් කෝපි එකෙන් කඩෙන් ගෙනල්ලා බොන්න ඔන්න ආයේ අවශ්‍ය නෑ. අපි මේ විදියට ගෙදරදීම හදා ගනිමු.

අලුත් ක්‍රමයකට අයිස් කෝපි හදමු

අවශ්‍ය දේවල්

ෆ්‍රෙෂ් මිල්ක් ලීටරයක්
කෝපි තේ හැදි 5
අයිස් ක්‍රීම්
චොකලට් පවුඩර්
බටර්
අයිස් කැට

සාදා ගන්නා අන්දම

නටන වතුරෙන් විනාඩි පහක් පමණ කෝපි හොඳින් තම්බා ගන්න.
එය ෆ්‍රෙෂ් මිල්ක් වලට එකතු කරන්න.
අයිස් කැට ද එකතු කරන්න
අයිස් ක්‍රීම් ද ස්කූප් එකක් එකතු කරන්න
ඉන්පසු සියල්ලම හොඳින් පෙණ එන සේ බ්ලෙන්ඩ් කරන්න.

දැන් අපි චොකලට් ගනාෂ් එකක් හදා ගන්න ඕන.

චොකලට් පවුඩර් සහ බටර් ඩබල් බොයිල් කරන්න.එසන්ස් ස්වල්පයක් එකතු කරන්න.ගනාෂ් එක සූදානම්.

මේ ගනාෂ් එක ඔබ අයිස් කොෆී පිළිගන්වන වීදුරුව ඇතුළට වත් කරන්න.
ඉන්පසු බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය වීදුරු වලට දමා පෙණ උඩින් දමා ගන්න.

පැරණි ක්‍රමයට අයිස් කෝපි හදමු.

  • එළකිරි ලීටර් 1
  • කෝපි
  • චොකලට් පවුඩර්
  • එනසාල්
  • කරාබු නැටි
  • කුරුඳු
  • බ්‍රැන්ඩි
  • සීනි
  • සහ අවශ්‍ය පමණට ජලය

සාදා ගන්නා අන්දම.

  • වතුර කෝප්ප කාලක් යන්තම් රත් කරලා එනසාල් කරාබු නැටි දමා ගන්න.
  • කෝපි සහ චොකලට් පවුඩර් එකතු කර හොඳින් තැම්බෙන්න තබන්න.
  • එයට එළකිරි එකතු කරන්න
  • රස අනුව සීනි සහ වැනිලා එකතු කරන්න
  • පෙරාගෙන ශීතකරණයට දමා ගන්න.
  • සීතල වූ පසු පානය කරන්න පුලුවන්.

එහෙනම් ඔබට මේ ආකාර දෙකටම අයිස් කොෆී හදලා රස බලන්න පුලුවන්.ඔබ දන්න තවත් ක්‍රම තියෙනවා නම් පහළින් කමෙන්ට් කරලා අපිට කියන්න.

Related Articles

Don't Miss


Latest Articles