නත්තල් දවල් කෑම මේසයට රසවත් Menu එකක්.

නත්තල් දිවා කෑම මේසයට රසවත් ආහාර සකසන්න ප්ලෑන් කරන ස්මාර්ට් ගෘහනියන්ට එකම විදියට නැති වෙනස් ආහාර වර්ග කිහිපයක් ඔන්න අපි අරන් ආවා.

Spicy Spaghetti

අවශ්‍ය ද්‍රව්‍ය

  • අඹරා ගත් කුකුල් මස්500g
  • තම්බා ගත් ස්පැගටි 500g
  • සිහින්ව කපා ගත් තක්කාලි 250g
  • තක්කාලි පේස්ට් 50g
  • තක්කාලි සෝස් මේස හැදි 1 ½ ක් පමණ
  • ග්‍රේට් කර ගත් ගා ගත් පාමසන් චීස් 75g ක් පමණ
  • සිහින්ව කපා ගත් කැරට් 75g ක් පමණ
  • සිහින්ව ලියා ගත් රට ලූණු 40g ක් පමණ
  • අඹරා ගත් හෝ චොප් කර ගත් සුදු ලූණු බික් 5 ක් පමණ
  • අඹරා ගත් හෝ චොප් කර ගත් ඉඟුරු 2cm ක පමණ කැබැල්ලක්
  • චිකන් ස්ටොක් හෝ බීෆ් ස්ටොක් අඬු කෝප්ප 3ක් පමණ
  • එළවළු තෙල් 40ml පමණ මේස හැදි 2-3ක්
  • ලුණු (රස අනුව)
  • ගම්මිරිස් (රස අනුව)
  • කෑලි මිරිස් (රස අනුව)

සාදා ගන්නා ආකාරය:

  • මුලින්ම භාජනයක් ලිප තබා එයට තෙල් ටික දා ගෙන රත් කර ගන්න.
  • තෙල් රත් වූ විට සුදු ලූණු, ඉඟුරු සහ රට ලූණු එකතු කර යන්තමින් බැදෙන්න හරින්න.
  • පසුව එයටම කැරට් ටික දමා ගෙන යන්තමින් පිස ගන්න.
  • දැන් ගින්දර වැඩි කර එයටම මස් ටික එකතු කර හොඳින් කලවම් කර ගන්න.
  • මස් ටික යන්තමින් රන්වන් පැහැ වී ගෙන එන විට එයට කපා ගත් තක්කාලි එකතු කර ගෙන පිස ගන්න.
  • තක්කාලි වල වතුර ගතිය හිදී ගෙන එන විට එයට තක්කාලි පේස්ට් සමඟ චිකන් ස්ටොක් දමා ගෙන නටන තුරු පිස ගන්න.
  • එය බුබුළු දමා නටා ගෙන එන විට ලිප ගින්දර අඩු කර මද වේලාවක් පිස ගන්න.
  • ඉන් පසුව රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කර තවත් ටික වේලාවක් පිස ගන්න.
  • එයටම තක්කාලි සෝස් හා රස අනුව කෑලි මිරිස් එකතු කර ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න.
  • මෙය හොඳින් උකු ගතියට එන විට එයට තම්බා ගත් ස්පැගටි එකතු කර හොඳින් කලවම් කර ගන්න.
  • පිළිගන් වන විට පාමසන් චීස් උඩින් ඉස ගෙන උණුවෙන්ම රස විදින්න.

වෙජිටේරියන් අයට Potato Salad

potato salad

අවශ්‍ය දේවල්:

  • තම්බා කොටු කපා ගත් අර්තාපල් 500g
  • මයෝනිස් 50g
  • ගම්මිරිස් කුඩු
  • ලුණු කුඩු
  • චොප් කර ගත් සැල්දිරි කොළ ස්වල්ප්යක්

සාදා ගන්නා ආකාරය:

අර්තාපල්, මයෝනිස් සහ සැල්දිරි භාජනයකට දමා එයට රස අනුව ලුණු හා ගම්මිරිස් එක් කර අල පොඩි නොවන සේ හොඳින් මිශ්‍ර කර ගන්න.

Corn Soup

corn soup

අවශ්‍ය දේවල්:

  • බඩ ඉරිඟු කප් 4
  • චිකන් ස්ටොක්
  • සිහින්ව ලියා ගත් බී ළූණු
  • සිහින්ව ලියා ගත් සුදු ළූණු
  • ලුණු කුඩු තේ හැදි 1
  • හෙවී ක්‍රීම් කප් 1
  • බටර් හෝ ඔලිව් ඔයිල් තේ හැදි 1

සාදාගන්නා ආකාරය:

  • පෑන් එකක් ලිප තබා බටර් එක්කර චොප් කර ගත් සුදු ළූණු සහ ළූණු එකතු කරන්න.
  • එය බැදගත් පසු බඩ ඉරිඟු , චිකන් ස්ටොක් එකතු කර හොඳින් පිස ගන්න.
  • ලිප නිවා හෙවි ක්‍රීම් එකතු කරන්න.
  • අවශ්‍ය නම් ගම්මිරිස් හා ලුණු කුඩු ද රස අනුව එකතු කරන්න

Related Articles

Don't Miss


Latest Articles