හරියටම චිලි පේස්ට් එකක් හදන්නෙ මෙහෙමයි.

චිලි පේස්ට් (chili paste) කියන්නෙ අද වෙද්දි ශ්‍රී ලාංකික අපි අතර බොහොම ජනප්‍රිය කෑමක් බවට පත්වෙලා තියෙනවා. 

චිලි පේස්ට් කියන ආහාරය මුලින්ම පිළියෙල කර ආහාරයට ගත්තේ චීන ජාතිකයන් කියල තමයි චිලි පේස්ට් වල අතීතය හොයාගෙන යද්දි එහි සඳහන් වෙන්නෙ.

ඔවුන් සාම්ප්‍රදායික චිලි පේස්ට් හඳුන්වන්නෙ chiu chow යන නමින්. 

අද වෙද්දි ආසියාතික රටවල් වල වගේම යුරෝපා රටවල් වලත් ජනප්‍රියත්වයට පත්වෙලා තියෙනවා.

ඉතිං නිවැරදිව සාම්ප්‍රදායික chiu chow වගේම ශ්‍රී ලාංකීය ක්‍රමයට චිලි පේස්ට් හදන විදිහත් ඔබට කියල දෙන්න සූදානම්.

සාම්ප්‍රදායික චීන චිලි පේස්ට් (chiu chow)

අවශ්‍ය ද්‍රව්‍ය

කුඩාවට කපාගත් ඉදිණු රතු මිරිස් 100 g ක්

සුදුලූණු බික් 10 ක්

ලුණු තේ හැඳි 01 ක්

සීනි තේ හැඳි ½ ක් 

විනාකිරි තේ හැඳි 02 ක්

තල තෙල් කෝප්ප ½ ක්

සෝයා සෝස් මේස හැඳි 02 ක් (අත්‍යාවශ්‍ය නොවේ)

සාදාගන්නා ආකාරය

මුලින්ම, මිරිස් සහ සුදුළූණු එකට දමා හොඳින් අඹරා ගන්න. මේ සඳහා ඔබට බ්ලෙන්ඩරයක් (blender), ඇඹරුම් ගලක් හෝ කුඩා වංගෙඩියක් භාවිතා කල හැක.

ඊලඟට භාජනයක් ලිපතබා එයට තල තෙල් වලින් භාගයක් එක්කරගන්න.

තෙල් රත්වන විට අඹරාගත් මිරිස් සහ සුදුලූණු මිශ්‍රණය එයට එකතු කරන්න. 

මිනිත්තු කිහිපයකට පසු ඉතිරි තෙල්, ලුණු සහ සීනි එකතු කර හොඳින් කලවම් මඳ ගින්නෙ විනාඩි පහක් දහයක් තබන්න. 

ඉන්පසු විනාකිරි එකතු කර ලිපෙන් බාගන්න.

හොඳින් නිමෙන්නට තබා ඉන්පසු සෝදා හොඳින් වතුර වේලාගත් වීදුරු බෝතලයක අසුරා තබන්න. 

ශීතකරණයේ ගබඩා කර තබන්නත් පුළුවන්.

මේ චිලිපේස්ට් බෝතලය සඳහා සෑමවිටම වියළි හැන්දක් වෙන්කර තබාගන්න. එමඟින් මාස දෙකක් දක්වා තබාගත හැක. 

ශ්‍රී ලාංකික ක්‍රමයට චිලි පේස්ට් ( Chinese chili paste / Sri Lankan style)

අවශ්‍ය ද්‍රව්‍ය

කෑලි මිරිස් 100 g ක්

හොඳින් තලාගත් සුදුලූණු බික් 10 ක් 15 ක්

හොඳින් තලාගත් ඉඟුරු මේස හැඳි 01 ක්

සීනි මේස හැඳි 02 ක්

වේලාගත් කූනිස්සන් 50 g ක්

එලවළු තෙල් කෝප්ප 2 ½ ක් 

සෝයා සෝස් මේස හැඳි 03 ක්

රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ලිපතබා එයට තෙල් එකතු කරගන්න.

තෙල් රත්වූ පසු අඹරාගත් සුදුලූණු එකතු කර විනාඩි 03 ක් පමණ බැදෙන්නට හරින්න.

ඊළඟට එයට අඹරාගත් ඉඟුරු එකතු කරන්න.

ඉඟුරු සහ සුදුලූණු රත්තරං පැහැ / ළා දුඹුරු පැහැ වනතුරු බැඳගන්න. 

ඊලඟට, එයට කූනිස්සන් එකතු කර හැඳිගාමින් සියල්ලම එකට බැඳගන්න.

කූනිස්සන් හොඳින් බැදුණු පසු එයට ලුණු එකතු කර කලවම් කර භාජනය ලිපෙන් බාගන්න. 

මේ පියවර අනුගමනය කරන්නෙ කෑලි මිරිස් එකතු කිරීමට පෙර තෙල් වල ඌෂ්ණත්වය අඩුකරගන්න අවශ්‍ය නිසයි. 

එසේ නොවුනොත් තද රස්නෙ තෙල් වලට එකතු කර කෑලි මිරිස් කරවීමක් සිදුවේ. 

ලිපෙන් ඉවතට ගෙන තත්පර 40 ක් පමණ භාජනයට කෑලි මිරිස් එකතු කරගන්න.

ඉන්පසු ඉතා අඩු ගින්දරේ තත්පර 30 ක් පමණ හැඳිගාමින් තබන්න.

දැන් එයට සීනි සහ සෝයා සෝස් එකතු කර හොඳින් හැඳිගාමින් මිනිත්තු 30 ක් පමණ තබන්න. 

දැන් මේ මිශ්‍රණය ලිපෙන් බාගෙන වෙනත් භාජනයකට මාරුකරගන්න.

රස අනුව ලුණු එකතු කරගන්න. 

තෙල් සමඟම හොඳින් සෝදා වේලාගත් වීදුරු බෝතලයකට චිලි පේස්ට් මිශ්‍රණය දමාගන්න.

වෙනම තබාගත් වියළි හැන්දක් චිලි පේස්ට් ගන්න භාවිතා කරන්න. 

ඉතිං මේ දෙවිදිහටම සාදගත් චිලි පේස්ට් වල රස කොහොමද බලන්නකෝ. 

තවත් රසවත් ලිපියකින් නැවත අපි හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles