සිරුරේ බර අඩු කර ගන්න කැමති ඔබට උදෑසනට සුදුසුම ආහාර වර්ග 4

නිරෝගී ,සුඛනම්‍ය සිරුරක් පවත්වාගැනීම කෙරෙහි ඔබ බෙහෙවින් උනන්දු බව අප දන්නවා.ඒ වගේම උදෑසන ආහාරය අපගේ ශරීරයේ නිරෝගී බව වෙනුවෙන් සුවිසල් මෙහෙයක් ඉටු කරනවා.ඉතින් සිරුරේ බර අඩු කරගැනීමට වගේම,නිරෝගී සමබල ආහාර වේලක් ලබා ගැනීමටත් සුදුසු මේ ආහාර වට්ටෝරු කිහිපය ඔබේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වණු නියතයි.

Egg,Tomato and spinach

අවශ්‍ය දේවල්

  • පාන් පෙති දෙකක්
  • තක්කාලි ගෙඩියක්
  • තම්බාගත් බිත්තරයක්
  • ක්‍රීම් චීස් ටිකක්
  • අවශ්‍ය පමණට ලුණු සහ ගම්මිරිස් කුඩු
  • රවුමට කපාගත් ලොකුළුණු පෙති දෙකක්

සාදන ආකාරය

  • පාන් පෙති දෙක ගෙන එහි ක්‍රීම් චීස් තවරා ගන්න.
  • බිත්තරය සිහින් පෙති ලෙසට කපාගෙන එය මත අතුරා ගන්න.
  • තක්කාලි පෙති සිහින්ව කපාගන්න.බිත්තරය මත අතුරන්න.
  • උණු වතුරේ දමා,ක්ෂණිකව පිටතට ගත් නිවිති කොළයක් සිහින් තීරු වන සේ කපා අතුරා ගන්න.
  • ලුණු සහ ගම්මිරිස් රස අනුව ඉස ගන්න.
  • අනෙක් පාන් පෙත්තේද ක්‍රීම් චීස් හොදින් අතුරා ගන්න.
  • දැන් සැන්විච් එකක් ලෙස දෙවන පාන් පෙත්තෙන් වසා ආහාරයට ගන්න.

Egg vegetable wrap

අවශ්‍ය දේවල්

  • ඉතාමත් සිහින්ව කපාගත්,ගෝවා,කැරට්,ලූණු,අමුමිරිස්
  • බිත්තර දෙකක්
  • පොල්තෙල් ටිකක්
  • අවශ්‍ය පමණට ලුනු සහ ගම්මිරිස්

සාදන ආකාරය

  • තෙල් ඉතාමත් ස්වල්පයක් දමා සිහින්ව ලියාගත් එළවළු සහ ලූණු යාන්තමට මලවා ගන්න.
  • බිත්තර දෙකට,ලුණු,ගම්මිරිස් එකතු කර පෑන් කේක් එකක් ආකාරයට රවුමට සදා ගන්න.
  • දැන් මදක් මලවා ගත් මිශ්‍රණය බිත්තර පෑන් කේක් එක තුලට දමා රෝල් කර ගන්න.
  • මැද්දෙන් දෙකට කපන්න.
  • අලංකාර පෙනුමකින් යුතු ඉතාමත් පෝෂණීය ආහාරයක් දැන් සූදානම්.

Sweet Potato Salad

අවශ්‍ය දේවල්

  • හොඳින් තම්බාගෙන පොතු ඉවත් කරගත් බතල අවශ්‍ය ප්‍රමණ
  • නිවිති හෝ සලාද කොළ
  • සිහින්ව රවුමට කපාගත් ලොකුලූණු
  • අවශ්‍ය පමණට ලුණු සහ ගම්මිරිස්
  • ක්‍රීම් චීස් හෝ බටර්

සාදාගන්නා ආකාරය

  • බතල පොඩි කරගන්න.එයට ක්‍රීම් චීස්,ලුණු,ගම්මිරිස් මිශ්‍ර කරන්න.කුඩා නිවිති කොළයක හෝ සලාද කොළයක පැතලි ලෙස අතුරා උඩින් ලූණු රවුමක් තබන්න.

Oatmeal with Banana

අවශ්‍ය දේවල්

  • ඕට්ස් කෝප්ප බාගයක්
  • පෙති කපාගත් කෙසෙල් ගෙඩි
  • කිතුල් පැණි

සාදාගන්නා ආකාරය

  • ඕට්ස්,කෙසෙල්,කිතුල් පැණි එකට මිශ්‍ර කරගන්න.
  • අවශ්‍ය නම් මිශ්‍රණය සෙල්සියස් අංශක 150 විනාඩි 10ක් පමණ බේක් කරගන්න.
  • බේක් කර ගැනීමෙන් තොරවද ආහාරයට ගත හැකියි.

Related Articles

Don't Miss


Latest Articles