වෙජිටේරියන් අයට ගැළපෙන බිම්මල් බිරියානි හදමු..

බිරියානි කියන්නේ අපි හැමෝම කැමති රසවත් ආහාරයක්..ඒත් ගෙදර වෙජිටේරියන් අය ඉන්නවා නම් බිරියානි හැදීමේ ගැටලු එනවා. නිර්මාංශ අයට වගේම බිරියානි ලවර්ස්ලා කාටත් ගැලපෙන අපූරු බිම්මල් බිරියානි එකක් හදන්න කියා දෙන්න අපි හිතුවේ ඒ නිසා.

මුලින්ම අපි මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගෙන ඉමු.

බ්ලෙන්ඩර් කර ගන්න මිශ්‍රණයට අවශ්‍ය දේවල්:

  • ලොකු තක්කාලි ගෙඩි 1
  • බී ළූණු ගෙඩි 1
  • සුදුළූණු
  • ඉඟුරු කෑල්ලක්
  • අමු මිරිස්
  • කොත්තමල්ල කොළ මිටක්
  • කරපිංචා
  • පොඩි ලෙමන් පොතු කෑල්ලක්
  • ලුණු

බිරියානි එකට අවශ්‍ය දේවල්:

  • තෙල් මේස හැදි 3 – 4ක්
  • බිරියානි පවුඩර් (Biriyani Powder) මේස හැදි 1 ½ – 2ක්
  • හීනියට කපා ගත් හතු
  • බාස්මතී සහල් අවශ්‍ය ප්‍රමාණයට
  • ලුණු

සාදා ගන්නේ මෙහෙමයි…

  • මුලින්ම බ්ලෙන්ඩර් කර ගන්නට අවශ්‍ය මිශ්‍රණය අවශ්‍ය දේවල් බ්ලෙන්ඩර් කර පේස්ට් එක හදා ගන්න.
  • සහල් සෝදා වතුර පෙරා තබා ගන්න.
  • භාජනයක් ලිපේ තබා තෙල් ටිකක් දමාගෙන රත්කරන්න.
  • එයට බ්ලෙන්ඩර් කරගත් මිශ්‍රණය දමා ගෙන පියනකින් වසා උකු වෙන තුරු පිසින්න.
  • එයට කපා ගත් හතු, බිරියානි පවුඩර් දමාගෙන හොඳින් කලවම් කරන්න.
  • ලිපේ ගින්දර වැඩි කර විනාඩි පහක් පමණ හැඳි ගාමින් පිස ගන්න.
  • හතු තැම්බී දුඹුරු පාට වී එද්දී එයට සෝදා ගත් සහල් දමා හොඳින් කලවම් කරන්න.
  • එයට ජලය 400ml පමණ දමා පියනකින් වසන්න.
  • ගින්දර අඩු කර බත ඉදෙන්නට හරින්න.

මේ රසවත් බිරියානි එක උත්සව අවස්ථාවකට වගේම ගෙදර අයට හදලා දෙන්නත් අපූරුයි..

Related Articles

Don't Miss


Latest Articles