පිළිකා නසන කොස් ඇට මාලුව මස් වගේ රසට උයමු

කොස් ඇට කියන්නේ පෝෂණ ගුණයෙන් අනූන පහසුවෙන් හොයා ගන්නට පුළුවන් දේශීය ආහාරයක්. අපි අද කියලා දෙන්නේ කොස්ඇට වලින් මස් වගේ ම රසට කොස් ඇට කලු පොල් මාලුවක් හදාගන්න විදිහ. හරියට හැදුවොත් මේක එක්ක විතරක් බත් කන්න පුළුවන්.

කොස් ඇට වල පිෂ්ඨය සහ ප්‍රෝටීන් බහුලයි. ශරීරය පෘෂ්ඨිමත් කරන්නට මේ කොස් ඇටවලට හැකියාව තිබෙනවා. ඒ වගේ ම කොලෙස්ටරෝල් ඇති අයටත් කොස් ඇට කියන්නේ ඉතා ම සුදුසු ආහාරයක්. පිළිකාකාරක විනාශ කිරීමේ හැකියාවකුත් කොස් ඇට වලට ඇති බව කියවෙනවා. ආහාරයට ගත් විගස ශරීරයේ සීනි මට්ටම ඉහළ නොයන නිසා දියවැඩියාව රෝගීන්ටත් කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය


කොස් ඇට තිහක් පමණ
කපා ගත් රතුලූණු මිටක්
ගෙඩිය පිටින් තලා ගත් සුදුලූණු බික් පහක්
උම්බලකඩ මේස හැන්දක්
උළුහාල් තේ හැන්දක්
කහ කුඩු තේ හැඳි බාගයක්
මිරිස් කුඩු තේ හැන්දක්
ගම්මිරිස් තේ හැන්දක්
රස අනුව ලුණු
මිටිකිරි කෝප්පයක්
දියකිරි කෝප්පයක්
අබ තේ හැන්දක්
සූදුරු තේ හැන්දක්
ගාගත් පොල් මේස හැඳි දෙකක්
සහල් මේස හැන්දක්
කරපිංචා සහ රම්පේ

හදන්නේ මෙහෙමයි


මුලින්ම පොල්, සහල්, සූදුරු, අබ කබලේ බැද සිනිදු වෙන තුරු කොටා ගන්න. දැන් හොඳින් තැම්බූ කොස් ඇට බර දෙයකින් තලා පොතු ඉවත් කරගන්න. ඉන්පසු මිරිස්, ලුණු වැනි ඉතිරි ද්‍රව්‍යත්, පොල් කිරිත් සියල්ල වළඳකට දමා හොඳින් නටවා ගන්න. නටන විට කලුපොල් මිශ්‍රණය එක් කර අවශ්‍ය පමණට හින්දවා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles