බබාගේ බර්ත්ඩේ පාටි එකට රස කෑම 1- එළවලු ලොලිපොප්

බබාලාගේ බර්ත්ඩේ පාටි එකේ හැමදාම තියෙන කෑම ජාතිම නැති ටිකක් වෙනස් පන්නයේ පොඩ්ඩෝ ආස කරන කෑම තිබුණොත් කොහොමද?

අවශ්‍ය දේවල්:

  • තම්බා පොඩි කරගත් අල ගෙඩි 2
  • පොඩියට කපාගත් ළුෑණු මේස හැදි 2
  • පොඩියට කපාගත් මාළු මිරිස් මේස හැදි 2
  • චොප් කළ කැරට් මේස හැදි 2
  • ග්‍රීන් පීස් මේස හැදි 3
  • කපාගත් කොත්තමල්ලි කොළ මේස හැදි 2
  • මිරිස් කුඩු තේ හැදි 1
  • ගරම් මසාලා තේ හැදි ¼
  • චොප් කරගත්ත ඉගුරු-සුදු ළුෑණු තේ හැදි ½
  • ලුණු ටිකක්
  • පාන් කුඩු කෝප්ප බාගයක්
  • පාන් පිටි මේස හැදි 2
  • කෝන් පිටි මේස හැදි 2
  • ගම්මිරිස් කුඩු තේ හැදි ¼
  • වතුර කෝප්ප බාගයක්
  • පොල් තෙල් හෝ එළවළු තෙල්
  • අවශ්‍ය තරමට ටූත් පික්ස්

සාදාගන්නා ආකාරය:

  1. භාජනයක් ගෙන අල, මාලු මිරිස්, කැරට්, ළුෑණු, ග්‍රීන් පීස්, කොත්තමල්ලි කොළ එක්කර ගන්න.
  2. මිරිස් කුඩු, ගරම් මසාලා, ඉඟුරු,සුදු ළුෑණු, ලුණු එකතු කරන්න.
  3. පාන් කුඩු ටිකක් ද එකතු කරන්න.
  4. සියල්ල හොඳින් අනා ගන්න.
  5. අනාගත් මිශ්‍රණය පසෙකින් තබන්න.
  6. වෙනම භාජනයක් ගෙන පිටි, කෝන් පිටි, ගම්මිරිස් කුඩු දමා එයට වතුර කෝප්ප 1/2 එක් කර උකු මිශ්‍රණයක් වෙනතුරු කලවම් කරගන්න.
  7. කලින් අනාගත් මිශ්‍රණය ගෙන පොඩි පොඩි බෝල ටිකක් හදාගන්න.
  8. ඒවා හදාගත් පිටි මිශ්‍රණයේ තවරා පාන් කුඩු දවටා බැදගන්න.
  9. ටූත් පික් වල ගසා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles