රස ම රස overnight dessert රෙසිපි

අතුරුපස කන්න ඔබ කවුරුත් කැමතියි නේ.අද අපි ඔබට කියන්න යන්නේ ලේසියෙන් හදා ගන්න පුළුවන් overnight dessert රෙසිපි කීපයක් ගැනයි.

Frozen chocolate cheese cake tart

The Maine Pie Co. Dark Chocolate Tart, Gluten-Free Mall

අවශ්‍ය ද්‍රව්‍ය 

කුඩු කර ගත් ඔරියෝ බිස්කට් 20 – 22 පමණ

උණු කර ගත් බටර් කෝප්ප 1/3

පිරවුම සඳහා

මෘදු ක්‍රීම් චීස් අවුන්ස 8 කොටස් 2 

සීනි කෝප්ප 1 /3 

වයිට් චොකලට් චිප්ස් කෝප්ප 3 

චොකලට් චිප්ස් කෝප්ප 1/2 

විපින් ක්‍රීම් කෝප්ප 1 /3 

වැනිලා තේ හැඳි 1 

සකස් කරන ක්‍රමය 

භාජනයක් ගෙන එයට බටර් සහ කුඩු කර ගත් ඔරියෝ එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න. එය බටර් ආලේප කළ අඟල් නමයක පෑන් එකක ටාට් එකක ආකාරයෙන් අතුරා හොඳින් තද කරගන්න. ඉන්පසුව එය පැය එකත් දෙකත් අතර කාලයක් ශීතකරනයේ තබා ගන්න

තවත් භාජනයක් ගෙන එයට ක්‍රීම් චීස් සහ සීනි එකතු කර ඉතා මෘදු වන තෙක් බීට් කර ගන්න. එයට වයිට් චොකලට් චිප්ස්  , වැනිලාද එකතු කරන්න. ඉන්පසුව චොකලට් චිප්ස් එකතු කරන්න. එම මිශ්‍රණය කලින් සකස් කර ගත් ටාට් එක අතුරා ඒ මත විපින් ක්‍රීම් තවරා චොකලට් චිප්ස් ඉසින්න.

එක රැයක් ශීතකරණයේ තබා පිළිගන්වන්න 

Tiramusu overnight oats 

අවශ්‍ය ද්‍රව්‍ය 

ඕට්ස් කෝප්ප 1/2

යෝගට් කෝප්ප 1/2

කිරි කෝප්ප 1/2

chia seeds මේස හැඳි 2

maple syrup මේස හැඳි 2

කොකෝ පවුඩර් මේස හැඳි 1

වැනිලා තේ හැඳි 1

දියකරගත් කෝපි මේස හැඳි 2 

සකස් කරන ක්‍රමය 

පියන වැසිය හැකි වීදුරු භාජනයක් ගෙන එයට ඕට්ස් , කිරි , චියා සීඩ්ස් , දියකරගත් කෝපි සහ වැනිලා එකතු කර මිශ්‍ර කරන්න

රස අනුව මේපල් සිරප් එකතු කරගන්න. 

සකස් කරගත් අතුරුපස එක රැයක් ශීතකරණයේ තබන්න

පිළිගන්වන විට එයට උඩින් යෝගට් අතුරා කොකෝ පවුඩර් ඉසින්න

Overnight chocolate french toast cup

අවශ්‍ය ද්‍රව්‍ය 

කොටු කපාගත් පාන් පෙති 10 – 12

බිත්තර 4

සීනි කෝප්ප 1/2

නැවුම් කිරි කෝප්ප 2

චොකලට් චිප්ස් අවශ්‍ය පමණට 

චොකලට් සිරප් 

බටර් ස්වල්පයක්

සකස් කරන ක්‍රමය 

මෆින් ට්‍රේ එකකට බටර් තවරා සූදානම් කරගන්න

භාජනයක් ගෙන එයට බිත්තර , සීනි සහ කිරි එකතු කර හොඳින් බීට් කර ගන්න

ඊළඟට එම මිශ්‍රණයට කොටු කපාගත් පාන් එකතු කර චොකලට් චිප්ස් වලින් කොටසක් ද එකතු කරන්න

දැන් කලින් සූදානම් කරගත් muffin tray එකට සකස් කර ගත් පාන් කැබලි එකතු කර ඒවාට උඩින් තවත් චොකලට් චිප්ස් කිහිපයක් එකතු කරන්න

අංශක 350ට රත්කරගත් අවන් එකක විනාඩි  25 ක් පමන පුලුස්සා ගන්න. 

පුළුස්සා ගත් french toast cups නිවෙන්නට තබා එක රැයක් ශීතකරණයේ තියෙන්නට හැර chocolate syrup සමග පිළිගන්වන්න. 

Related Articles

Don't Miss


Latest Articles