පැය බාගෙන් තෙල් බේරෙන පොළොස් ඇඹුලක්

ගමේ කෑම අතර තියෙන රස ම රස පෝෂණීය ආහාරයක් තමයි පොළොස් කියන්නේ. ගර්භනී මවුවරුන්ට, කුඩා දරුවන්ට, අසනීප අයට ඇඟට ශක්තිය වඩන ආහාරයක් විදියට පොලොස් හඳුන්වන්න පුළුවන්. ඒත් සාම්ප්‍රදායික පොළොස් ඇඹුල හදන්න ගොඩක් වෙලා යනවා. අද අපි කියලා දෙන්නේ ඉක්මනින් ම තෙල් පෑදෙන පොලොස් ඇඹුලක් හදාගන්න විදිය.

අවශ්‍ය ද්‍රව්‍ය


හොඳින් පැසුණු පොළොස් ගෙඩියක්
මිරිස් කුඩු තේ හැඳි තුනක්
තුනපහ කුඩු තේ හැන්දක්
කහ තේ හැඳි බාගයක්
ගම්මිරිස් ඇට ටිකක්
තලා ගත් සුදුළූණු බික් දහයක්
තලා ගත් ඉඟුරු කෑල්ලක්
කුඩාවට කැපූ රතුළූණු ගෙඩි පහක්
අමු මිරිස් කරල් පහක්
කබලේ බැදගත් පොල් කෑලි පහක්
මිටිකිරි කෝප්පයක්
කරපිංචා සහ රම්පේ
උළුහාල් තේ හැන්දක්
අබ තේ හැඳි බාගයක්
ලුණු අවශ්‍ය පමණට
ගොරකා කෑල්ලක්
තෙල් මේස හැඳි හතරක්
එනසාල්, කුරුඳු කරාඹුනැටි අවශ්‍ය පමණට

හදන්නේ මෙහෙමයි

තෙල් ටික රත් වෙන්න දෙන්න. දැන් එයට ලූණු, ඉඟුරු, කරපිංචා රම්පේ, අබ, උළුහාල්, එනසාල්, කුරුඳු කරාඹුනැටි එකතු කරන්න. හොඳින් බැදෙන විට තාච්චියේ පසෙකට කර මිරිස් ටික දමා ගන්න. එය පාට වෙනස් වෙන විටම තුනපහ සහ කහ එකතු කරගන්න. දැන් එයට ම බැදගත් පොල් කෑලිත් එක් කරන්න. කැබලි වැහෙන සේ වතුර දමා ලුණු – ගොරකා දමා ගන්න. ප්‍රෙෂර් කුකර් එකක විසිල් තුනක් වදින තුරු තම්බා ගන්න. විනාඩි පහක් තැම්බුණා නම් ඇති. දැන් මැටි හට්ටියක් ලිපේ තබා තැම්බූ පොළොස් ටික සහ මිටිකිරි ටික දමා විනාඩි විස්සක් ඉතාම අඩු ගින්දරේ උයාගන්න.

මේ පොළොස් මාළුව මස් මාලු නැති දවසට එළවලුවක් එක්ක බත් කන්න වගේ ම පාන්, ඉඳිආප්ප වගේ දේවල් කන්නත් ඉතා ම රසයි.

Related Articles

Don't Miss


Latest Articles