සිරුරට හිතකර පෝෂණයෙන් ඉහල මිල අඩු එලවලු සහ පලතුරු

එලවලු පලතුරු කන්න ආසයි කියල බහුතරේකට කියන්න බැරි උනාට එලවලු පලතුරු කියන්නෙ අපිට ආහාරයට එකතු කරගන්නෙ නැතුව ඉන්න බැරි කෑම වර්ග. ඒවයින් ලැබෙන පෝෂණය අපේ ශරීරයට අත්‍යවශ්‍යයි. ඒ නිසාම මිනිස්සු එක එක විදියට එලවලු පලතුරු කන්න අරගන්නවනෙ.

දැන් කාලෙ බඩු භාණ්ඩ වල මිල එක්ක එලවලු පලතුරුවල මිලත් බොහෝ අවස්තාවල ඉහලට ගියා. ඉතින් එහෙම උනා කියල එලවලු පලතුරු අපිට නොකා ඉන්න බෑනෙ. ඒ නිසා අපි හිතුව අද ඔයාලා එක්ක බෙදාගන්න අඩු ගානට අරගන්න පුලුවන්, ගුණයෙන් ඉහල එලවලු පලතුරු මොනවද කියල

1 – නිවිති

නිවිති කියන්නෙ අමුවෙන් උනත් කන්න පුලුවන්, සලාදෙකට දාන්න පුලුවන්, වෙනත් එලවලුවක් එක්ක උනත් එකතු කරල කන්න පුලුවන් රසම රස එලවලුවක්නෙ. නිවිති නම් ඉතින් කඩෙන් ගන්න කියලම උවමනාවක් නෑ. අපිට පුංචි පාත්තියක උනත් පරණ විසි කරන බාල්දියක වගේ උනත් නිවිති පැලයක් හදාගන්න ඉතින් මහ අමාරුවක් නෑ.

අමුවෙන් වගේම ලුණු ටිකක් ඉහල පොඩ්ඩක් පෑන් එකක දෙපැත්ත දාලා ගත්තත් රසයි වගේම දෙල්, පරිප්පු වගේ කෑමට දාලා නිවිති වල රස ගුණ මතුකරගන්න අමාරු නෑ.

නිවිති වල විටමින් K අඩංගු වෙනව වගේම අස්ති ශක්තිමත් කරන්න වගේම හදවත් රෝග සහ පිලිකා අවදානම අඩු කරන්නත් උදව් වෙන බව අන්තර්ජාලයේ සඳහන්.

2- බතල

බතල කියන්නෙ ඇත්තටම හරිම රස එලවලුවක්නෙ. අපි බතල ගොඩක් වෙලාවට අරගන්නෙ තම්බල පොල් එක්ක උනාට කිරට උයල වගේම. පෙති කබල බැදගෙන සම්බල් හදල වගේම, තම්බල පොල්, ලූණු, මිරිස් ටිකක් එක්ක තෙම්පරාදු කරලත් කන්න පුලුවන් බතල කියන්නෙ ඉතාම රසවත් එලවලුවක්.

බතල නම් ඉතින් ගමේ ගොඩේ ගෙවල් වල අය කඩෙන් ගන්න කීයටවත් නොහිතුවට ඔයා නගරාසන්න කුඩා ඉඩ ප්‍රමාණයක ජීවත් වෙන කෙනෙක් නම් ඉතින් කඩෙන් අරගෙන උනත් මේ රසවත් කෑම හදාගන්න පුලුවන්. වට්ටක්කා සුප් හදනව වගේ බතල වලිනුත් සුප් හදන්න පුලුවන්.

ඒ වගේම මේ බතල කියන්නෙත් ඉතාම ගුන දායක එලවලුවක්. බතල වල විටමින් සහ ඛනිජ ලවන ලොකු ප්‍රමාණයක අන්තර්ගත වෙනවා. බතල වල බී විටමින්,සී විටමින්, පොටෑසියම් සහ තන්තු අඩංගු වෙනව.

3- තක්කාලි

තක්කාලි කියන්නෙ එලවලු සහ පලතුරු කියන්න දෙවර්ගයටම අයිතිවෙන දෙයක්නෙ. ගොඩක් වෙලාවට ඔය සම්බලකට, සලාදෙකට දාලා කනව වගේම ඉඳි ආප්ප කන්න හදන තක්කාලි හොද්දකට එහා අමුවෙන් තක්කාලි කන ප්‍රමාණෙනම් ඉතින් අඩුයි.

තක්කාලි කියන්නෙත් වවාගන්න ලේසි, පොඩි ඉඩක් යන පැලයක්. ගෙවත්තක වගේම තට්ටු නිවාසෙක ඉන්න කෙනෙක්ට උනත් පොඩි බාල්දියක තක්කාලි පැලයක් වවාගන්න එක පාඩුවක් නෑ.

තක්කාලි වල අඩංගු වෙනව විටමින් සී. අන්තර්ජාලයේ සඳහන් වෙනවා තක්කාලිආහාරයට ගන්න එක හදවත් රෝග ඇති කරන්න හේතුවෙන LDL කොලෙස්ට්‍රෝල් සහ රුධිර පීඩන මට්ටම අඩු කරගන්න හේතුවෙනව කියල

4- කෙසෙල්

කෙසෙල් ඇවරියක් කෑම මේසෙ තියල නැති ගෙදරක් මේ ලංකාවෙ නම් හොයන්න අමාරුයිනෙ නේද. කෙසෙල් කියන්නෙ හරිම රසවත් ඕන වෙලාවක කන්න පුලුවන් විදියෙ පලතුරක්.

ඒ වගේම අපිට පහසුවෙන් මිල අඩුවෙන් හොයාගන්න පුලුවන් පලතුරක් තමයි කෙසෙල් කියන්නෙ. එක එක වර්ගවල කෙසෙල් ජාති ඉතින් මහ ගොඩක් තියෙනවත් එක්කනෙ නේද?

කෙසෙල්වල විටමින් සී,බී 6, පොටෑසියම් සහ මැංගනීස්ගේ වැදගත් විටමින් සහ ඛනිජ වර්ග පිරිල තියෙනවා. ඒවගේම කෙසෙල් වල තන්තු අඩංගු නිසා කෙසෙල් ආහාරයට ගැනීම ආහාර ජීර්ණය පහසු කරනවා සහ බර අඩු කරගන්නත් උදව් වෙනවා.

5- නාරන්

නාරන් කියන්නෙත් රසවත් පලතුරක්. ඒ වගේම බීම හදන්න සමහරු සලාද වලටත් දැන් කාලෙ අරගන්නවා. මිනිස්සු වැඩි හරියක් පරිභෝජනයට ගන්නෙ හින් නාරං. හින් නාරන් උනත් දැන් බට් කරපු ගස් එහෙම තියෙන හන්ද ඔය ලොකු ඉඩක් නැති ගෙදරක උනත් හින් නාරං පැලයක් හදාගන්න එක මහ අමාරුවක් නෑ.

හින් නාරං වගේ ජාති ඉස්සරනම් නිතරම ගෙවල් වල බොන්න වගේම ආයුර්වේද බෙහෙත් වර්ග වලටත් යොදාගෙන තියෙනවා. හින් නාරං කියන්නෙ අක්මාවේ රෝග වලට සුව කරන්න පාවිච්චි කරන පලතුරක්.

හින් නාරං වල කොලෙස්ට්‍රෝල් අඩං‍ගු නෑ. යකඩ, ෆෝලේට්, පොටෑසියම්, විටමින් B6, විටමින් C, විටමින් K සහ බොහෝ ප්‍රතිඔක්සිකාරක වර්ග ගණනාවක් අන්තර්ගත වෙනවා.

6- කොමඩු

කොමඩු කියන්නෙ වියලි කලාපයේ බහුලව වැවෙන පලතුරක් බව අමුතුවෙන් කියන්න උවමනා නෑනෙ. වතුර ගතිය වැඩි හන්දා පිපාසය සංසිදවන්න වගේම ශරීරය සිසිල් කරන්නත් කොමඩු පාවිච්චි කරන්න පුලුවන්.

කොමඩු වල තියෙන කැපී පෙනෙන ලක්ශනය වෙන්නෙ කැලරි අඩු කම.ඒ නිසාම බර අඩු කරගන්න පාවිච්චි කරන්න පුලුවන් කියල තමයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නෙ.

ඒ වගේම කොමඩු කන්න වගේම දෙහි ටිකක් එහෙම එක්කහු කරල බීම, ස්මූති හදාගෙන රස විඳින්නත් අපිට පුලුවන් කමක් තියෙනවා.

ඉතින් මීට අමතරව ඔයාල නිතරම කන බොන රසවත්, ගුණවත් මිල අඩු පලතුරු සහ එලවලු වර්ග මොනවද කියල අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා

Related Articles

Don't Miss


Latest Articles