හයි ටී එකකට ගෙදරදි ලේසියෙන් හදන්න පුළුවන් කෑම 03ක්

High tea එකකට යන්න කවුරුත් ආසයිනෙ. හැබැයි මේ දවස් වල high tea එකකට යන්න උනත් තරමක මුදලක් ඕනේ. ඉතිං නිවාඩු පාඩුවේ ඉන්න ගමන් ගෙදරදීම high tea අත්දැකීමක් ලබා ගමුද ? මේ , ඒකට ගැලපෙන කෑම රෙසිපි තුනක්

Lemon drizzle traybake

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් 70g
සීනි 120g
බිත්තර 2
පිටි 140g
බේකින් පවුඩර් තේ හැඳි 1
සිහින්ව ගාගත් ලෙමන් ගෙඩි 1 ක ලෙල්ල
ලෙමන් යුෂ එකතු කරන ලද මී කිරි තේ හැඳි 2
කිරි තේ හැඳි 2

Drizzle එක සඳහා

කැටි කළ සීනි 30g
ලෙමන් යුෂ තේ හැඳි 1

Feather icing එක සඳහා

අයිසින් සීනි 250g
කහපාට ආහාර වර්ණක

හදන්නෙ මෙහෙමයි

අවන් එක අංශක 180 ට preheat කර ගෙන 20 × 20 තැටියකට බේකින් පේපර් එකක් එලා සූදානම් කර ගන්න

මුලින්ම සීනි සහ බටර් හොදින් බීට් කර ගන්න.එයටම බිත්තර එකතු කර නැවත බීට් කරන්න

පසුව එම මිශ්‍රයට පිටි , බේකින් පව්ඩර් , ලෙමන් එකතු කළ මී කිරි, කිරි , ගා ගත් ලෙමන් ලෙල්ල එකතු කර ලී හැන්දකින් හොදින් කලවම් කරන්න

කලින් සකස් කරගත් තැටියට මිශ්‍රණය එකතු කර විනාඩි 25 – 30 හොඳින් බේක් කර ගන්න

කේක් එක බේක් උන පසුව ලෙමන් යුෂ සහ සීනි මිශ්‍ර කර උණුසුම් කේක් උඩින් වක්කර නිවෙන්න හරින්න

ඉන්පසුව අයිසින් සීනි සමඟ ප්‍රමාණවත් තරම් ජලය මිශ්‍ර කර කහ වර්ණකයද මිශ්‍ර කර නිවුනු කේක් එක උඩින් ඉරි ආකාරයට අඳින්න

Mini victoria sponge cakes

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් 150g
සීනි 150g
පිටි 150g
බිත්තර 2
කිරි තේ හැඳි 1
ලුණු ස්වල්පයක්
වැනිලා තේ හැඳි 1/2
විපින් ක්‍රීම් 250ml
අයිසින් සීනි මේස හැඳි 2
කැමති රසකින් ජෑම් 185g

හදන්නේ මෙහෙමයි

අවන් එක අංශක 180ට ප්‍රී හීට් කර ගෙන මෆින් ට්‍රේ එකක් සූදානම් කර ගන්න

බටර් සහ සීනි හොඳින් බීට් කර ගෙන එයටම බිත්තර එකතු කර ගන්න

ඉන්පසුව කිරි , වැනිලා , පිටි සහ ලුණු ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

මිශ්‍රණය අයිස්ක්‍රීම් ස්කූප් එකක් ආධාරයෙන් මෆින් ට්‍රේ එකට දමා මිනිත්තු 17 – 20 ක් බේක් කර ගන්න.

Egg club sandwich

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 2
මයෝනීස් සෝස් මේස හැඳි 2
පෙති කපා ගත් පාන්
බටර් ස්වල්පයක්
තක්කාලි පෙති
සලාද කොළ
චීස් පෙති
හැම් පෙති
ලුණු
ගම්මිරිස්

හදන්නෙ මෙහෙමයි

බිත්තර තම්බා පොඩි කරගෙන එයට මයෝනීස් , ලුණු සහ ගම්බිරිස් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

පාන් ටෝස්ට් කර ගන්න

ටෝස්ට් කර ගත් පාන් පෙත්තක් මතට බටර් ගා බිත්තර මිශ්‍රණයෙන් ස්වල්පයක් තවරන්න

එය මතට තවත් පාන් පෙත්තක් තබන්න.ඒ පාන් පෙත්ත මතින් චීස් තබන්න.ඉන්පසුව පාන් පෙති තබමින් තට්ටු වශයෙන් , හැම් , තක්කාලි , සලාද කොළ තබන්න

ටූත් පික් එකක් සැන්විච් එක මැදට ගසා හතරට කපා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සමඟ පිළිගන්වන්න

Related Articles

Don't Miss


Latest Articles