පොළොස් අච්චාරුව

මේ දවස් වල පොළොස් සුලභව දක්නට තියෙනවාඒ වගේම පොළොස් කියන්නේ රසයෙන් මෙන්ම ගුණයෙන්ද පිරිපුන් ආහාරයක්ඉතින් කලින් සකසා තබා ගත හැකි පොළොස් අච්චාරුවක් ඔබේ කෑම මේසය රසවත් කරාවි.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • සාමාන්‍ය ප්‍රමානයේ පොළොස් ගෙඩි 3
  • රතු ළුණු ග්‍රෑම් 500
  • අමු මිරිස් ග්‍රෑම් 200
  • අබකහමිරිස් කුඩුගම්මිරිස්කුරුඳුසුදුළුණුඑනසාල්විනාකිරිලුණුඉඟුරු කැබැල්ලක්මුරුංගා පොතු කැබැල්ලක් අවශ්‍ය ප්‍රමාණයට ගන්න.

සාදාගන්නා ආකාරය :

  1. පොළොස් ගෙඩි කටු හැර සුද්ද කරගන්න.වහල්ල කපා තීරු වලට කපා ගන්න.
  2. කහ ස්වල්පයක් වතුරට මිශ්‍ර කර පොළොස් කැබලි බාගෙට තම්බා ගන්න.
  3. කුඩා හතරැස් කැබලි වලට කපා ගන්න
  4. රතු ළුෑණු අමු මිරිස් හොඳින් සෝදා තබා ගන්න.
  5. හොඳින් වියළුණු මැටි භාජනයක් ගන්න.
  6. එයට අවශ්‍ය ප්‍රමාණයට විනාකිරි දමා පොළොස් කැබලි ටික එයට දමා විනාඩියක් පමණ තම්බා ගන්න.
  7. එම විනාකිරි වලටම රතු ළුණු සහ අමු මිරිස් දමා විනාඩියක් පමණ තැම්බෙන්නට තබා බා ගන්න.
  8. එම ද්‍රව්‍යද පොළොස් කැබලි වලට එක් කරගන්න.
  9. ඉතිරි විනාකිරි ලිප තබා අඹරාගත් කුළුබඩු වර්ග සමඟ ඉඟුරු සහ මුරුංගා පොතු කැබැල්ල තලා එයටම එක් කර හොඳින් හැඳි ගාමින් විනාඩි දෙකක් පමණ තම්බාගන්න.
  10. ලිපෙන් බා ගෙන විනාකිරි ස්වල්පයක් සමඟ සීනි ස්වල්පයක් එක්කර සියල්ලම හොඳින් කලවම් කරගන්න.
  11. නිවෙන්නට තබා වියළි මැටි මුට්ටියක අසුරා තබන්න.
  12. කට හොඳින් ආවරණය කරන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles