කෙට්ටු වෙන්න ඩයට් කරන ඔබට අළුත් විදිහෙ salad එකක්

කෙට්ටුවෙන්න හදන අයට, ඩයට්කරන අයට වගේම සෞඛ්‍යසම්පන්නව ඉන්න කැමති අයට පලතුරු සළාද හොඳ ආහාරයක්. මේ කැන්ටලෝප් කොමඩු සළාද එවැනි අයට වඩාත් ගැලපෙනව. රස්නෙකාලෙ නිසා අතුරුපසටත් ගැලපෙනව. මෙන්න හදල බලන්න ප්‍රණීත ගුණැති කැන්ටලෝප්

කොමඩු සළාද-

 කැන්ටලෝප් කොමඩු සහ මිදි සලාදය

අවශ්‍යය ද්‍රව්‍ය-

  • පොතු හා ඇට හැරගත් කැන්ටලෝප් කොමඩු ගෙඩි 1
  • ඇට රහිත රතු මිදි කෝප්ප 1
  • පොතුහැරගත් කිවි ගෙඩි 3
  • දොඩම් යුෂ තේ හැඳි 2
  • මී පැණි තේ හැඳි 3
  • පොල් පියළි

සාදන අයුරු-

බඳුනක දොඩම් යුෂ හා මී පැණි කවලම් කර එයට කැන්ටලෝප් කොමඩු, මිදි සහ කිවි එතකුකරගන්න. පොඩි නොවන ලෙස කලවම් කර උඩින් පොල් පියළි දමා පිළිගන්වන්න.

විනාඩි 15කින් පමණ සාදාගත හැකි මෙය 6 දෙනෙකුට පමණ සෑහෙනවා.

 

මින්ට් සුවඳැති කොමඩු සළාදය

අවශ්‍යය ද්‍රව්‍ය-

  • ඇට රහිත මිදි කෝප්ප 1
  • පොතු හා ඇට හැරගත් බෝල ආකාරයට කැපූ කැන්ටලෝප් කොමඩු කෝප්ප 2
  • පොතු හා ඇට හැරගත් බෝල ආකාරයට කැපූ සාමාන්‍ය කොමඩු කෝප්ප 2
  • මින්චි කොළ කෝප්ප 1/2
  • ලෙමන් යුෂ තේ හැඳි 2

සාදන අයුරු-

මින්චි කොළ හැර අන් සියල්ල පොඩි නොවන ලෙස කලවම් කරන්න. උඩින් මින්චි කොළ දමා පැය කිහිපයක් ශීතකරණයේ තබන්න. පසුව මින්චි කොළ ඉවත්කර පිළිගන්වන්න.

4 දෙනෙකුට පමණ සෑහේ.

මිදි වෙනුවට ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි ආදී පලතුරක් එකතුකරගන්න පුළුවන්.

– කලහාරී –

Related Articles

Don't Miss


Latest Articles