පොඩිත්තන්ට රස කෑම -3

වෙනස්ම විදියේ රසයකින් ඉස්සන් සහිත රස කෑම.

එකම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වයට කරන්නෙ ඉතාමත්ම නරක බලපෑම්ක්.ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ නැති පොඩ්ඩන්ව අල්ලගන්න රසවත් මන්තරයක් වේවි.
පාසැලට, පෙර පාසැලට වගේම කෑම නොකන ඕනෑම වෙලාවක අපේ වෙබ් අඩවියට පිවිස මේ කෑම වට්ටෝරුවකින් එකක් අත්හදා බලන්නට ඔබට හැකියාව තියෙනවා.
ප්‍රෝන්  බෝල්ස්.

අවැසි දේවල් 
  • ඉස්සෝ ග්රෑම් 250
  • පාන් කුඩු
  • බිත්තර 1
  • කෝන්පිටි මේස හැඳි 2
  • රස අනුව ලුණු
  • රස අනුව ගම්මිරිස්
  • රස අනුව දෙහි යුෂ
  • තලා ගත් ඉඟුරු සහ සුදු ළූණු තේ හැඳි 1
  • තෙල් ටිකක්
මෙහෙමයි හදන්නෙ, 
ඉස්සෝ පොතුහැර සෝදා වතුර ඉවත්කර ගන්න. ඉන්පසු හොඳින් අඹරා ගන්න.එයට රස අනුව දෙහි යුෂ, ඉඟුරු, සුදු ලූනු, ලුණු කුඩු, ගම්මිරිස්, බිත්තර සුදුමද මිශ්‍ර කර ඉන් කුඩා බෝල සාදා ගන්න. පාන් කුඩුවල සහ බිත්තර සාරුවල දවටා ගැඹුරු තෙලේ බැදගන්න.
පෑන් කේක් විත් ක්‍රීම්  ප්‍රෝන්.

මේ දේවල් සොයාගන්න. 
  • ඉස්සෝ ග්රෑම් 250
  • මෙයොනෙස් සෝස් මේස හැඳි 10 විතර
  • රස අනුව ලුණු
  • රස අනුව ගම්මිරිස් කුඩු,
  • දෙහි යුෂ
  • සරසා ගැනීමට තක්කාලි සහ පාස්ලි
  • බැටර් එක සඳහා – කිරි කෝප්ප බාගයක් පිටි ග්රෑම් 115,බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි එක හමාරක්
මෙහෙමයි හදාගන්නෙ.
පොත්ත ඉවත්කර සෝදා පිරිසුදු කරගත් ඉස්සෝ ලුණු මිශ්‍ර වතුරේ තම්බාගන්න.මෙයොනෝස් සෝස්, ලුණු, ගම්මිරිස්, දෙහි එකතුකර ක්‍රීම් එකක් සාදා ගන්න. වෙනත් භාජනයක් ගෙන බැටර් එක සඳහා අවශ්‍ය කිරි , පිටි, බිත්තර සහ බේකින් පවුඩර් ද දමා හොඳින් කලවම් කරමින් බැටරය සාදා ගන්න. දැන් පෑන් එක ලිප මත තබා අඩු ගින්දරෙන් අඟල් හතරක පමණ විෂ්කම්භය සහිතව පෑන් කේක් පුලුස්සා ගන්න. පුලුස්සාගත් පෑන් කේක් මත ක්‍රීම් තවරා තම්බාගත් ඉස්සෝ තබා තක්කාලි සහ පාස්ලි වලින් සරසා කෑමට ගන්න.
– ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles