රුලං වලින් තෝසෙ හදමුද?

තෝසෙ කියන්නේ ලොකු කුඩා කවුරුත් ආහාරයට ගන්න කැමති දෙයක්.සාමාන්‍යන් තෝසෙ හදන්නෙ උදු පිටි භාවිතා කරල වුනාට අපි අද කියන්නෙ වෙනස් රසයකට රුලං වලින් පෝශණීගුනයෙන් ඉහල තෝසෙ හදන්න.

රුලං එකතු කරගෙන බොහෝ කෑම වර්ග හදන්න පුලුවන් .ඒ වගේම මේ රුලං වල තියන පෝශණ ගුණය සහ සෞඛ්‍යමය වාසිත් ඉතාම වටිනවා.ඉතින් ඔබ කෑමට වඩා ප්‍රිය කරන ආහාරයක් වන තෝසේ , රුලං එකතු කරගෙන හදාගන්නෙ කොහොමද කියලා බලමු

කොහොමද රුලං එකතු කරගෙන තෝසේ හදන්නේ?

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • රුලං ග්‍රෑම් 250 ක්
  • පාන්පිටි ග්‍රෑම් 125ක්
  • හාල් පිටි ග්‍රෑම් 250

තෙම්පරාදුවට

  • අබ තේ හැඳි 1
  • සූදුරු තේ හැඳි 1
  • චොප් කරගත් අමු මිරිස් කරල් 1
  • චොප් කරගත් ඉඟුරු තේ හැඳි 1
  • කරපිංචා කොළ කිහිපයක්
  • චොප් කර ගත් ළූණු ගෙඩි 1
  • මිරිස් කුඩු තේ හැදි බාගයක්
  • රස අනුව ලුණු
  • ගී ස්වල්පයක්

හදන්නේ මෙහෙමයි

මුලින්ම රුලං එක්ක අනෙක් පිටි වර්ග දෙක එකතු කරලා එයටම ලුණු ස්වල්පයක්ද එකතු කර මෘදු බැටර් එකක් සකස් කර ගන්න.

දැන් මෙම බැටර් එක හොඳින් වසා විනාඩි පහළොවක් පමණ පසෙකින් තියන්න

දැන් ගී ස්වල්පයක් පෑන් එකකට එකතු කර එයට සූදානම් කරගත් කුළු බඩු සියල්ල එකින් එක එකතු කරන්න

මේ සියල්ල හොඳින් තෙම්පරාදු උනාට පසුව තෙම්පරාදුව නිවෙන්නට හරින්න

දැන් නිවුනු තෙම්පරාදුව විනාඩි පහළොවක් පමණ පිපෙන්න තියා ගත් තෝසේ මිශ්‍රනයට එක් කර සුපුරුදු ආකාරයට තෝසේ සකස් කරගන්න

තෝසේ කන්න සාම්බාරු හොද්දකුත් ගෙදරම හදන්නෙ මෙහෙමයි

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

  • කැරට්
  • අල
  • බෝංචි
  • වම්බටු
  • මුරුංගා
  • වට්ටක්කා
  • තක්කාලි
  • පරිප්පු
  • ළූණු
  • රම්පේ සහ කරපිංචා
  • අමු මිරිස්
  • තුනපහ කුඩු
  • මිරිස් කුඩු
  • කහ කුඩු
  • රස අනුව ලුණු
  • කොත්තමල්ලි කොළ ස්වල්පයක්

තෙම්පරාදුව සඳහා

  • සුදු ළූණු
  • ළූණු
  • අබ
  • කරපිංචා

හදන්නෙ මෙහෙමයි

මුලින්ම එළවළු සෝදා කපා ගන්න

සෝදා ගත් පරිප්පු ටිකට එළවළු, තුනපහ, අමුමිරිස්, රම්පේ, කරපිංචා එක්කර ඒවා වැසෙන තෙක් වතුර එකතු කර එළවළු ටික හොඳින් තම්බා ගන්න.

කැමති නම් තක්කාලි ටික ද තැම්බෙන්න එක් කරන්නට හැකියි නැත්තම් තෙම්පරාදුවට එක් කර ගන්නත් පුළුවන්

දැන් රස අනුව ලුණු එකතු කර ගන්න

තෙම්පරාදුව සදහා තෙල් ටිකක් ලිප තබා මුලින් අබ ටික දමා පුපුරනකොට අනිත් සියල්ල දමා රන් වන් පාට වනතුරු බැද ගෙන එළවළු මිශ්‍රණයට එක් කර ගන්න

කුඩාවට ලියා ගත් කොත්තමල්ලි කොළ අවසානයට එක් කරගන්න.

සාමාන්‍යයෙන් සාම්බාර් හොද්ද සකසනුයේ දියර ගතියටය. හොද්ද උකු කර ගන්න කැමති නම් පොල් කිරි ස්වල්පයක් එක් කර ගන්න ඔබට පුළුවන්. නැතිනම් එළවළු තම්බා ගත් හොද්ද පරිප්පු ටික සමඟ බ්ලෙන්ඩර් කර එක් කර ගන්න.

මේ විදියට රුලං වලින් තෝසෙ හදන ඔබ රුලං වලින් ලැබෙන සෞඛ්‍යය වාසි ගැනත් දැනගත්තොත් හොදයි නේද?

මොනවද රුලං වල තියන සෞඛ්‍යමය වාසි?

  • හෘද සෞඛ්‍ය වැඩි දියුණු කරයි
  • රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි
  • ශරීරයට යකඩ ලබා දෙන ඉතා හොඳ යකඩ ප්‍රභවයක්
  • ආහාර ජීර්ණය පහසු කරයි
  • රුලං ආහාරයට ගැනීම නිසා ඉතා ඉක්මනින් තෘප්තිමත් බවක් දැනේ.එමගින් නිතර ආහාර ගැනීම වැලකීමෙන් ශරීරයේ බර පාලනය වෙයි
  • කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
  • ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරයි
  • පිළිකා අවධානම අඩු කරයි
  • ඉතා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්
  • මල බද්ධය වළක්වයි
  • අස්ථි පද්ධතිය ශක්තිමත් කරයි
  • ස්නායු පද්ධතිය නීරෝගිව තබා ගනියි
  • ශරීරයේ ශක්තිය වැඩි දියුණු කරයි
  • රක්තහීනතාවය වළක්වයි
  • වකුගඩු වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි
  • මාංශ පේශීන් නීරෝගිව තබා ගනියි

ඔබට මෙතරම් සෞඛ්‍යමය වාසි රැසක් ලබා දෙන රුලං වලින් මේ ආකාරයට ඉතාම පහසුවෙන් තෝසේ සකස් කරගන්න පුලුවන් .මෙය පවුලේ සියලුන්දෙනාට ගැලපෙන පෝෂණීය රසවත් උදෑසන ආහාරයක් වෙවි.

Related Articles

Don't Miss


Latest Articles